(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සමුපකාර පනත වෙනස් කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

සමූපකාර පනත අවුරුදු ගණනාවකින් වෙනස් කර නැතැයි ද ඒ අනුව දැන් සමූපකාර පනත වෙනස් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙමින් පවතින බව ද අමාත්‍යවරයා කීය.

සමූපකාර ව්‍යාපාරය විශාල වංචා දූෂණවලට සම්බන්ධ වී සමූපකාර නාමය වෙනස් කරගෙන වෙනත් ව්‍යාපාර කරගෙන රටේ විශාල ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන බව කී අමාත්‍යවරයා සමූපකාර පනත වෙනස් කිරීම සම්බන්ධ කමිටු වලට පක්ෂ විපක්ෂ සියලු දෙනාට ආරාධනා කරන බව ද පැවසීය.

සමූපකාරය දියුණු කිරීම සඳහා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද සමූපකාර ව්‍යාපාරය අවශ්‍ය නැති දේවල් වලට යොදා ගැනීම නතර කළ යුතු බව ද අමාත්‍යවරයා කීය.