
(රංජන් කස්තුරි)
ලොව හොඳම විද්‍යාඥයන් අතරට කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍යපීඨයේ මහාචාර්යවරුන් සිව් දෙනකු තේරි තිබේ.
කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය ජනක ද සිල්වා, එම විශ්ව විද්‍යාලයේ උපකුලපති සහ පරපොෂවේද අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා, මහජන සෞඛ්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය අනුරාධනී කස්තුරිරත්න සහ ඖෂධවේදී අධ්‍යයන අංශයේ මහාචාර්ය අසිත ද සිල්වා ලොව හොඳම විද්‍යාඥයන්ගේ කණ්ඩායමට ඇතුළත්ව සිටිති.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්ටැන්ෆොර්ඩ් විශ්ව විද්‍යාලය සිදු කළ විශ්ලේෂණයක් මගින් මෙම තෝරා ගැනිම සිඳුකර ඇත.
ඒ අනුව ලොව හොඳම විද්‍යාඥයන් සියයට 2 අතරට කැලණිය විශ්ව විද්‍යාලයේ එම මහාචාර්යවර්න් සිව් දෙනාද තේරී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහාචාර්යවරුනි, ශ්‍රී ලාංකිකයකු හැටියට මගේ හෘදයාංගම සුබපැතුම්..!
ඔබතුමන්ලාට සහ ඔබතුමියට මගේ පැසසුම. ඒත් අර කෘෂිකර්මය පිලිබද මහා විද්‍යාඥ අනුරද්ධ පාදෙනියව ඒ අයට අමතක උනේ කොහොමද කියලා තවමත් ප්‍රශ්නයක්.
එදා මහා හඬක් නගාගෙන එළියට ආපු කැලණියේ නාග රජාගේ වැඩ දැන් තමයි ටිකෙන් ටික එළියට එන්නේ. ඔය කවුරු කවුරුත් ලෝකෙට නම ගෙනිච්චාට අපට නම් කරපු කෙංගෙඩියක් නම් නැහැ මේ වෙනකම්. අපේ රටේ වියත්තු කරපු හරිය හොඳටම ඇති....
එකම පවුලේ අයියයි, මල්ලියි ඉඳීම තවත් ගෞරවයක්...!
අපේ රටේ දූෂිත නායකයෝ උගත් බුද්දිමත් අයට නිසි තැනක් නොදීම නිසා රට හැර යනවා. ඒ අතර දේසපාලුවෝ පත්කරගත්තු සමහර උගතුන් ඔවුන්ගේ රූකඩ වෙලා. කරපු දේකුත් නැහැ.
සතුටුයි මෙ තුන්දෙනෙක්ම මගෙ ගුරුවරු වීම ගැන කැලනිය වෛද්‍යය පීටයෙ
පුදුමයි චිචි නැති එක. අප්පාච්චිගෙ මහ මොලකරු. කැරකෙන පුටුවේ ඉදන් තාරකා ගනන්කෙරුවේ. දැන් දරුවො නලවනවා රැකියාවකුත් නැතිව
පසුගිය 2021 ලිස්ට් එකෙත් ලංකාවේ අයගේ නම් තිබුන.
සුභ පැතුම් .ඒත් කොරෝනා මළසිරුරු භූමිදානයට ඉඩ නොදුන් විද්‍යාඥයන් අපේ රටේ හිටියා.ඒ ගැන කනගාටුයි
මේ ආචාර්යවරු පිළිබඳව ඔවුන් කරපු පරීක්ෂණ පිළිබඳව සහ එමගින් මානව සංහතියට ඇතිවුණු සේවය පිළිබඳව අප කාගේත් දැනගැනීම සඳහා ලංකාදීප වැනි දෙස් විදෙස් ප්‍රචලිත ජනමාධ්‍ය මගින් ලිපි පල කරනවා නම් ඉතා හොඳ බව මගේ අදහස .අප බොහෝ දෙනෙකු මොවුන් පිළිබඳව නොදනිමු
අපේ රටට ආඩම්බරයක් ... දැන් පවතින අධ්‍යාපනය ක්‍රමය වෙනස් කිරීම අත්‍යවශ්‍ය කරුණකි..මෙවන් බුද්ධිමතුන් මඟින් අපේ රටේ අනාගත පරපුරට මඟපෙන්වීම ක් කරන්න .. නොඑසේනම් ඉදිරි අනාගතයේදී රටේ නූගතුන්ගෙන් පිරී ඉතිරීයනු නොඅනුමානයි .. ලස්සන රටක් දකිමු අපේ දරුවන් ට රටක් හදමු.
ඉතා සතුටුයි මේක හොඳ ආරම්භයක් කරගෙන පර්යේෂණ කෙෂත්‍රයේ ඉදිරියටම යමු. නොබෙල් ත්‍යාගයක් බලාපොරොත්තු වෙමු.