(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුව පෝර දෙනවා කියා කටින් බතල හිටවනවා පමණක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

රටේ වී නිෂ්පාදනයෙන් හතරෙන් එකක් කෙරෙන්නේ නැගෙනහිර පළාතේ යැයිද අනෙක් ප්‍රදේශ වලට කලින් නැඟෙනහිර වී වැපිරීම කෙරෙන බැවින් වගා සඳහා පොහොර සහ අනෙකුත් යෙදෙවුම් වෙලාවට ලැබෙන්නේ නැතැයි ද විපක්ෂ නායකවරයා කීය .

නැගෙහිර ගොවීන්ට පහසුකම් දුන්නොත් බිඳ වැටුණු කෘෂිකර්මාන්තය නැවත නගා සිටුවීමට හැකියාව ලැබෙන බවද විපක්ෂනායකවරයා කීය.

මේ වන විට වී මිල ශීඝ්‍රයෙන් පහත වැටී තිබෙන අතර ගොවීන් වී සඳහා ස්ථාවර මිලක් අපේක්ෂා කරන බවද විපක්ෂනායකවරයා කීය.