
(විමුක්ති එස් රොද්‍රිගූ සහ ශන්ත රත්නයක)
ශ්‍රී ලංකාවේ වත්මන් සමාජයීය, ආර්ථික හා දේශපාලන තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා සමග අදහස් හුවමාරු කරගත් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර පැවති හමුවකදී ශ්‍රී ලංකාවේ වත්මන් සමාජයීය, ආර්ථික හා දේශපාලන තත්ත්වය පිළිබඳව මෙසේ සාකච්ඡා කර ඇත.
අනුර කුමාර දිසානායක මහතා සමග පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සහ ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියද මෙම හමුවට සහභාගී වී තිබේ.එසේම ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා සමග තොරතුරු නිලධාරිනී ට්‍රිවාන් ඇනකැරේජ් මහත්මියද මෙම හමුවට සහභාගී වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආර්ථික දේශපාලන කෙසේවෙතත් ගල් පැලෙන බොරු. කප්පරක් කේලම් නම් දෙසාබාන්නැති. මරු බඩු තුන්කට්ටුව. අනේ මේ ජෙප්පොන්ට කොහෙන් හිරු පායන්නද මන්ද. අනේ මට අමතක උනා ලපයෝ. අර ෆයිල් මිටියත් උස්සගෙන ගිහිල්ල පෙන්නන්න තිබුනෙ.
බටහිරට ගති නොමැති ගැති නොවූ අනුර කුමාර දිසානායක අගමැති කරමු
පනින්නද යන්නේ.?
දිනෙන් දිනම සමාජවාදයෙන් ඈත්වෙලා ලිබරල් වාදයට කිට්ටු වෙන බවක් පෙනෙන්න තියනවා.
ඉතා සතුටුදායක පුවතක්, අනුර කුමාර දිසානායක ඇතුළු නායකයිනි තවතවත් දියුණු වැදගත් රටවල් සමග සාකච්චා සම්බන්ධතා ඇතිකරගන්න. අපි ඔබට උදව් කරන්නෙමු. ඔබ පක්ෂය රට භාරගත්ත දවසට විදේශගත ශ්‍රී ලාංකිකයෝ රටට ඩොලර් වක්කරනවා අනිවාර්යයි. රනිල් - රාජපක්ෂ පාලනය තියන තාක්කල් එක ඩොලරයක් ලංකාවට එවන්න එපා. අරගලයට ජය වේවා !!!
පෙනෙනවාද වෙනස? ඔය අඩුව අපිට හොඳට පෙනෙනවා. පක්ෂෙක නායකයෙක් නේද්? ඔය අඩුව පක්ෂේටත් තිබෙනවා. උස ගැන නොවෙයි මේ කියන්නේ.
මුවන් පැලැස්සේ කදිරට එන්න කිව්වානම් ඒකා ආරච්චිලාගේ බුරුත කෝට් එක නයට වත් ඉල්ලාගෙන යාවි.
අර කල්පයක් තිස්සේ තියන් ඉන්න ලිපි ගොනු ටික බාර දෙන්න ඇති මම හිතන්නේ . ලිපි ගොනු 350 ක් විතර. පුස් කන්නේ නැතිව තියාගෙන ඉන්න එක මොන තරම් වටිනවද.
මෙයාලට විදේශ සම්බන්දතා නැ නේද?
මේකේ දාලා තියන කමෙන්ට්ස් වලින්ම පේනවා ගොඩක් අයට රාජතාන්ත්‍රික දේවල් පිළිබඳව තියන අවබෝධය .මෙහෙන් තානාපති කරලා යවන අය වගේ පිස්සු කෙලින එක නෙමෙයි අනිත් තානාපතිලා කරන්නේ.රටේ දේශපාලනයේ ඉස්සරහට වෙන්න පුළුවන් වෙනස්කම් වලට ලැස්ති වෙලා ඉන්නේ.හොඳම උදාහරණය රුසියාවේ විදේශ ඇමති.පලවෙනි රස්සාව ලංකාවේ රුසියන් තානාපති කාර්යාලයේ සංස්කෘතික නිලධාරී 1970 ගණන්වල ,හැබැයි හරිම රස්සාව රටේ ප්‍රවෘර්ති වලට සාරාංශ කරලා යවන එක
පෝස්ටර් ටික කිහිල්ලේ ගහගෙන ගියේ නැතෙයි
කතා කරපුව ප්‍රසිද්ද කල යුතුයි.
අම්මෝ මෙන්න මෙයාලා කියන්නෙ කොහොමද