(රංජන් කස්තුරි සහ කීර්ති ප්‍රනාන්දු)

ජාතික රූපවාහිනි සංස්ථාව රුපියල් ලක්ෂ 70ක පමණ  විදුලි බිලක් නොගෙවීම නිසා රූපවාහිනි සංස්ථාවට ලබාදී තිබූ විදුලි සැපයුම අද දහවල් අත්හිටුවීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කළේය.

ජාතික රූපවාහිනී සංස්ථාවේ විදුලිය විසන්ධිවීමත් සමග ජාතික රූපවාහිනිය ඇතුළු නාලිකා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම මහත් ගටළු සහගත තත්ත්යක් මතු වූ අතර විදුලි ජනක ආධාරයෙන් විකාශය කිරීමට එහි බලධාරීන් පියවර ගෙන තිබිණි.

ජාතික රූපවාහිනිය සංස්ථාව මාසගණනාවක් තිස්සේ විදුලිය බිල්පත් ගෙවීම පැහැරහැර තිබූ අතර රුපියල් ලක්ෂ 90ක පමණ හිඟ බිල්පත් ගෙවීමට නියමිතව තිබූ අතර පසුව රුපියල් ලක්ෂ 20ක පමණ මුදලක් ගෙවා තිබූ බව ද පැවැසේ