
(රංජන් කස්තුරි)
මෙරට සිසුන්ට උසස් අධ්‍යාපන අවස්ථා ලබා ගැනීමේ අරමුණින් බෙලරූස් රාජ්‍ය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට අධ්‍යාප අමාත්‍යංශය එකඟවී ඇත.
මේ දිනවල බෙලරූස් රාජ්‍යයේ නිල සංචාරයක නිරතව සිටින අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා එරට අධ්‍යාපන අමාත්‍ය ඇනඩ්‍රියි අයි.ඉවැන්ට්ස් මහතා සමඟ සාකච්ඡා කර තිබෙන අතර එරට උසස් අධ්‍යාපනය හදාරන ශ්‍රී ලංකික සිසුන්ගේ සුබසාධන කටයුතු පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා අත්සන් කළත් දොස්තරවරු, හෙද නිලධාරින් නැතුව... ඒ ගොල්ලන්ට රට ගිහින් ඉගෙන ගත්තොත් මෙහෙට අරහන්...
බෙලරුස් කියන්නේ අර යුක්රේනයට ගහන්න රුසියාවත් එක්කලා එකතු වෙන්න යන රට නේද? කවුද මේ දවස්වල එහෙට යන්නේ...?
ඒකාධිපතියෙකු සහ දූෂිත ජුන්ටාවකින් පාලනය වන රටක් නිසා බටහිර රටවල් සියලු උපාධි ලෝකයේ කිසිදු වටිනාකමක් ලබා නොදේ.
එතකොට නොමිලේද අධ්‍යාපනය.? ලංකාවේ ඩොලර් නැහැනේ පිට රට අරින්න.
ඉගෙනගන්න හරි මොන දෙයකට හරි මේ රටින් නික්මයන කෙනෙක් නැවත මෙරටට පැමිණීම ඉතා විරල වෙමින් පවතී. ඒ නිසා මෙය කිසිසේත් අප රටට වාසිදායක ගිවිසුමක් නොවේ. මේ තත්වයට රටවැසියන්ගේ මානසිකත්වය පත්කිරීමට සම්පුර්ණයෙන් වගකිව යුත්තේ දේශපාලන හා තීන්දු තීරණ ගන්නා බලධාරීනුයි. නමුත් සත්‍ය නම් කිසිදා ඔවුන් රටේ නීතිය හමුවේ වරද කරුවන් නොවනු ඇති.
කල යුත්තේ බෙලරුස් එක්ක ගිවිසුම් ගහන එක නොවෙයි. පිටරට ඉගෙන ගන්න යන ළමයින්ට මේ රටේදීම ඉගෙන ගන්න අවස්තා ලබා දීමයි.
බෙලරුස් යන්නේ ණය ඉල්ලන්න වෙන්න ඇති. ළඟදීම ඒ රටටත් ආර්ථික සම්බාධක දාපුවාම එව්වා ඉබේම බෝල් ණය වෙනවානේ.