
(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට එරෙහිව එහි සේවකයන් ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් ඉන්ධන බෙදාහැරීම ඇතුළු සියලුම කටයුතු මේ වන විට නතර වී ඇතැයි ඛනිජ තෙල් වෘත්තීය සමිති පවසයි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන් ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් අද (18) දිනයේ ආරම්භ කර ඇති බවත් ඔවුන් ඛනිජ තෙල් සංස්ථාවට අයත් කිසිදු පරිශ්රයකට ඇතුල් වීමට හෝ අවස්ථාව ලබානොදෙන බව වැඩිදුරටත් වාර්තා වේ.
(ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ නොකර OT අරගෙන , හොරා කන්න බැරි හින්ද මයේ හිතේ . අනිවා ප්‍රතිව්‍යුහ ගත කලයුතුමයි. මේවා රටට බරක්, අපේ කන බත් පතට පවා කෙලලා ,අපි මහන්සියෙන් හම්බ කරන මුදල් වලට බදු ගහල මේ වගේ බහිරවයෝ නඩත්තු කරන්න අපි කරපු වරද මොකක් ද ?
මේක බරපතල ප්‍රශ්නයක්. මෙ ආයතනය රටටම මහා බරක්. නය කනකට යට උනු සමගමක්. සපුගස්කන්ද වසා තිබු කලෙත් OT ගත්ත සේවකයො මෙකෙ ඉන්නෙ. එහෙම මිනිස්සු කොහොමද ආයතනයට ආදරේ කියන්නෙ? මෙව ප්‍රතිවියුහගත කිරීම හැර විකල්පයක් නෑ . මෙ නිසා මෙ වෘතීය සමිති මාෆියාව මර්දනය කර හෝ මෙව පුද්ගලීකරණය කල යුතුමයි.
වැඩ නොකර ඉන්න තමයි මෙයාලගෙ කැමැතත්ත. දේශපාලනයෙන් රැකියාවට ගිහින් දැන් මල කරදර.
හැම හොරකමක්ම වහගන්න අපේ රටේ පාවිච්චි කරන න්‍යාය වැඩ වැරීම.
වංචා දූෂණ, හොර නවත්වලා හැමෝම මහන්සිවෙලා් වැඩ කරලා සංස්ථාව ලාබ ලැබුවොත් දිගටම තියේවි. නැතිනම් පුද්ගලික අංශයට දෙන්න සිදුවේවි. ඉස්සර වගේ දැන් ජනතාවට බොරු පෞද්ගලික කරන බිල්ලෙක් මවා පාලා ගොඩ යන්න බැහැ වෘත්තීය සමිතිවලට. දැන් මින්ස්සු මේවා ගැන හොයලා බලනවා.
අපි දන්න කාලයේ මෙහෙම දෙයක් වුනා .ඉස්සර නගර සභා යටතේ විදුලිය තිබුනා නගර සභා වල විදුලිය කටයුතු කල නගර සභා නිළධාරින් හා සේවකයින් මණ්ඩලයට පවරාගැනීම් කරන කොට ඔවුන් ඒකට විරුද්ධව කටයුතු කලා.නමුත් ඔවුන් මණ්ඩලයේ සේවයට ගියාම පෙර ලැබුනා වගේ දෙතුන් ගුණයක් වැටුප් වැඩිවුනා.ඊළඟට තැපැල් හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුව යටතේ තිබුන විදුලි සංදේශ කොටස ප්‍රතිව්‍යුහගත කරද්දී විරෝධතා ඇතිවුණා නමුත් ඒකට ගියාම ඔවුන්ට විශාල ලෙස වැටුපක් ලැබුනා මෙම ප්‍රතිව්‍යුහගත කිරීම දූෂණ හා වංචා කාරයින්ට නරක්වුනත් එහෙම නොකරන සේවකයින් සදහා ඉතාමත් හොදයි