ඌරු හදවත් බද්ධයකට ලක්වුණු මිනිසා මියයයි ලොව පළමු ඌරු හදවත් බද්ධයකට ලක් වුණු ඇමෙරිකන් ජාතික 57 හැවිරිදි ඩේවිඩ් බෙනට් මියගොස් ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි. 10 March 2022
ආසාදිතයන් අද 675යි කොවිඩ් ආසාදිතයින් තව 675 දෙනෙක් අද (9) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 09 March 2022
හෙට විදුලිය කපන්නේ මෙහෙමයි විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා අද (10) ‘ඒ’ සිට ‘එල්’ පිළිවෙළින් වන කලාප 12 කට පැය තුනයි විනාඩි 45 ක් ද, ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට පැයක් ද, විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. 09 March 2022
පක්ෂ නායක රැස්වීමට විමල්,උදය, වාසු නෑ අමාත්‍යධුරවලින් ඉවත් කරනු ලැබූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරු සහ ඇමති වාසුදේව නානයක්කාර මහතා පාර්ලිමේන්තුවේ අද පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී නොවූහ . 09 March 2022
සජබ ආර්ථික ප්‍රතිපත්ති කණ්ඩායම මහා බැංකු අධිපති හමු වෙයි සමගි ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති කණ්ඩායම, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමු වී සාකච්ඡා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි. 09 March 2022
පෞද්ගලික දත්ත පනත සම්මත වෙයි ආන්දෝලනයට තුඩුදුන් පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මතවිය. 09 March 2022
කොරෝනා මරණ 11 වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 11 දෙනකු ඊයේ (8) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (9) තහවුරු කළේය. 09 March 2022
හිටපු ඇමැතිගේ මාධ්‍ය හමුවට ගිය මාධ්‍යවේදීනට බාධා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වු ජයන්ත සමරවීර මහතා අද කැඳවා තිබු මාධ්‍ය හමුව ආවරණය කිරිමට ගිය මාධ්‍යවේදින්ට වරාය හා නාවුක කටයුතු අමාත්‍යංශයේ ආරක්ෂකයන් බාධා කර ඇත. 09 March 2022
ෂාෆිගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි මව්වරුන් පිරිසකට වඳ සැත්කම් කළේ යැයි චෝදනා කරමින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුවට අදාළව, වෛද්‍ය ෂාෆි සහබ්ඩීන් මහතාට එරෙහිව චෝදනා ගොනුකිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති නම් ඔහු අදාළ නඩුවෙන් නිදහස් කරන්නැයි නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා කළ ඉල්ලීමක් කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා ප්‍රතික්ෂේප කළේය. 09 March 2022
මේ විපක්ෂයට ගොස් ආණ්ඩුව අර්බුදයකට තල්ලු කරන්න සුදුසු අවස්ථාවක් නෙවෙයි මන්ත්‍රීවරු විශාල පිරිසක් විපක්ෂයට ගෙනගොස් ආණ්ඩුව අර්බුදයකට තල්ලු කරනවාට වඩා මෙම අවස්ථාවේ කළ යුත්තේ රට මුහුණ පා ඇති අර්බුදයෙන් ගලවා ගැනීමට සහයවීම බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පැවසීය. 09 March 2022
භාණ්ඩ 367ක් ආනයනයට තහංචියක් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367ක් ආනයනය කිරීම පාලනය කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 09 March 2022
විදුලි - ඛනිජ තෙල් අර්බුදය එනසතියේ මුල අවසන් රට තුළ උද්ගත වී ඇති විදුලි සහ ඛනිජ තෙල් අර්බුදය ලබන සදුදා හෝ අඟහරුවාදා වන විට අවසන් වනු ඇතැයි බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා අද (9) පැවසීය. 09 March 2022
නාගානන්දගේපෙත්සම විභාගයට දින නියම කරයි ප්‍රමිතියෙන් තොර ගෑස් නිකුත් කිරීමට එරෙහිව සිවිල් ක්‍රියාකාරිකයකු වන විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් අභියාචනාධිකාරය හමුවේ ගොනුකරනු ලැබූ රිට් පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (09) තීරණය කළේය. 09 March 2022
පෞද්ගලික දත්ත පනතට ස.ජ.බ විරෝධය පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත විවාදයට ගත් අවස්ථාවේදී එම පනත් කෙටුම්පතට තම පක්ෂයේ විරුද්ධත්වය සටහන් කර ගන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද (9) ඉල්ලීමක් කළේය. 09 March 2022
කතානායක චීන තානාපති අතර විශේෂ හමුවක් කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. ජෙන්හොන් යන මහත්වරුන් අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණ. 09 March 2022
‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ වාර්තාව සභාගත කරන්න‘ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව පිළිබඳව නිකුත් කළ වාර්තාව ඉක්මනින් සභාගත කරන්නැයි හිටපු අග්‍රාමාත්‍ය කොළඹ දිස්ත්‍රික් පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය. 09 March 2022
කෝටියකට අධික වටිනා කුෂ් ගංජා රේගු දැලේ රුපියල් කෝටියකට අධික (රුපියල් මිලියන 12) වටිනාකමින් යුත් ’කුෂ්‘ ගංජා ග්‍රෑම් 716 ක් බි්රතාන්යයේ සිට එවන ලද පාර්සලයක තිබී ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මධ්‍යම තැපැල් හුවමාරුවේදී අද (9) අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය. 09 March 2022
මොටර් රථ අනතුරින් දෙමස්සිනෝ මරුට ගලෙන්බිදුනුවැව - කැකිරාව මාර්ගයෙ ගමන්ගත් සුඛෝපභෝගී මෝටර් රථයක් ගෝමරන්කල්ල පාලම අසලදී මාර්ගයෙන් ඉවතට පැන අධිබලැති විදුලි රැහැන් කණුවක ගැටි හුරුළු වැවේ වම්ඉවුර ඇළට වැටීමෙන් සිදුවු අනතුරකින් එම මෝටර් රථයෙ ගමන් ගත් දෙදෙනකු මිය ගොස් ඇතැයි ගලෙන්බිදුනුවැව පොලිසිය කියයි. 09 March 2022
‘දුරගමන් බස් සේවකයන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අරඹයි‘ ජනතාව සමඟ ගණුදෙනු කිරීම පිළිබඳව අන්තර් පළාත් දුරගමන් සේවා බස් රථ රියදුරු සහ රියසහයකයන් (කොන්දොස්තර) දැනුවත් කිරීම සඳහා ජාතික ගමනාගමන කොමිසම එක්දින වැඩසටහන් මාලාවක් ආරම්භ කර තිබේ. 09 March 2022
පාර්ලිමේන්තුවේත් අනවශ්‍ය විදුලි පහන් නිවා දමන්න නියෝග පවතින ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තු සංකීර්ණයේ අනවශ්‍ය විදුලි පහන් නිවා දමා සහයෝගය ලබාදෙන්නැයි තමා සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය. 09 March 2022
රුසියන් හමුදා පසුබසිනවා - ඇමෙරිකන් බුද්ධි අංශ යුක්රේන හමුදා ප්‍රතිප්‍රහාර හමුවේ රුසියන් හමුදාව දැඩි පසුබැසීමකට ලක් වී ඇතැයි රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන ඇමෙරිකන් බුද්ධි අංශ පවසයි. 09 March 2022
රුසියන් තෙල් ආනයනය නවත්වයි රුසියාවෙන් තෙල් සහ ගෑස් ආනයනය සීමා කිරීමටත්, පසුව එය සම්පූර්ණයෙන් නවතා දැමීමටත් ඇමෙරිකාව සහ මහා බ්‍රිතාන්‍යය තීරණය කර තිබේ. ඇමෙරිකාව සහ මහා බ්‍රිතාන්‍යය මෙසේ තීරණය කළේ රුසියාව යුක්රේනය එරෙහි ගත් හමුදා ක්‍රියාමාර්ගයට විරෝධය පළ කරමිණි. 09 March 2022
ටවුන් හෝල් අවට මාර්ග අවහිර වෙයි සමස්ත ලංකා හෙද සංගමය සංවිධානය කරන ලද පා ගමනක් හා උද්ඝෝෂණයක් කොළඹ ජාතික රෝහලේ සිට පා ගමනින් සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණ පැමිණෙමින් තිබේ . 09 March 2022
රන්ජන්ගේ දෙවැනි නඩුව කල්යයි සිරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් අධිකරණයට අපහස කරනු ලැබීමේ සිද්ධියට අදාළ දෙවැනි නඩුව, කරුණු සලකා බැලීම සඳහා ලබන මාර්තු මස 24 වැනි දිනට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) තීරණය කළේය. 09 March 2022
ජනපතිගේ නැන්දණිය කළුරිය කරයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බිරිය වන අයෝමා රාජපක්ෂ මහත්මියගේ මව වූ පද්මාදේවී පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. 09 March 2022
සාදයේ ගමන මරණයෙන් කෙලවර වෙයි උපන්දින සාදයකට සහභාගි වී එකම පවුලේ පිරිසක් ගමන්ගත් සුඛෝපභෝගී මෝටර් රථයක් ගාල්ල කොළඹ මාර්ගයේ කොරළවැල්ල ප්‍රදේශයේදී විදුලි කණුවක ගැටීමෙන් මව මියගොස් දරු තිදෙනා බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි එගොඩඋයන පොලීසිය කියයි. 09 March 2022
කන්ටේනර් 2500 ක් වරායේ හිරවෙයි අත්‍යවශ්‍ය ආහාර අඩංගු කන්ටේනර් 2500 කට වැඩි සංඛ්‍යාවක් නිදහස් කරගැනීමට නොහැකිව නැවතත් කොළඹ වරායේ ගොඩගැසී ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමයේ නිලධාරියෙක් පැවසීය. 09 March 2022
නව දේශපාලන පක්ෂ 76 කින් අයදුම්පත් මැතිවරණ කොමිෂන් සභාවට නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අයදුම්පත් 76 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් පැවසීය. 09 March 2022
ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමට නව සභාපතිවරයෙක් ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ නව සභාපතිවරයා ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් එම්. ආර්. ඩබ්ලිව්. ද සොයිසා මහතා පත්කර තිබේ. 09 March 2022
තාවකාලික රියදුරු බලපත්‍ර පරීක්ෂාවට පොලිසියට පරිගණක යෙදවුමක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිකුත් කරන තාවකාලික දුරියදුරු බලපත්‍ර පරීක්ෂා කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවට ආරක්ෂිත ක්‍රමවේද සහිත පරිගණක යෙදවුමක් හදුන්වාදෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී. අලහකෝන් මහතා පැවසීය. 09 March 2022
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026