දක්ෂිණ අධිවේගයේ ලොරි ලොරි ගැටී අයෙක් මරුට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩම්ගොඩ ප්රදේශයේදී කඩවත දෙස සිට මාතර දෙසට ධාවනය වූ බිත්තර පැට වූ ලොරි රථයක් , එම දෙසටම ධාවනය වෙමින් තිබූ සිමෙන්ති පැට වූ තවත් ලොරි රථයක් ඉස්සර කිරීමට යාමේදී , එහි පිටුපස බඳෙහි වැදි, සිදු වූ මාරක රිය අනතුරින් පුද්ගලයකු මියගොස් තවත් දෙදෙනකු බරපතළ තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කළ බව අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය පවසයි .