චීනයේ ස්ථාවරය කියයි ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දුෂ්කරතා සහ අභියෝග කෙරෙහි චීනය දැඩි අවධානයක් යොමු කළ බවත් ශ්‍රී ලංකාවේ සමාජ සහ ආර්ථික සංවර්ධනයට චීනයේ උපරිම ධාරිතාවයෙන් සහාය වූ බවත් චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ෂාඕ ලිජියෑන් මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. 03 September 2022
අරගලයට මුවා වී වැරදි කළ 80ක් රට පැනලා අරගලය අතරේ විවිධ නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධවූ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් ඇතුළු අසූවකට ආසන්න පිරිසක් මේ වනවිට විවිධක්‍රම මගින් විදේශයන්ට පලා ගොස් ඇතැයි ආරක්ෂක ආරංචි මාර්ගවලින් පැවසේ. 03 September 2022
එජාපය ආගමට මුල් තැන දී සංවත්සර සැමරුම අරඹයි එක්සත් ජාතික පක්ෂයේ 76 වෙනි සංවත්සර සැමරුම නිමිත්තෙන් සියලු ආගම් සිහිකරමින් ස්ථාන පහකදී හෙට(4) සර්ව ආගමික වතාවත් සිදුකරන බව එජාප නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 03 September 2022
නිරිත දිග කොටසට තද වැසි දිවයිනේ නිරිත දිග කොටසෙහි පවතින වැසි තත්වයේ වැඩිවීමක් අද (3) පස්වරුවේ සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 03 September 2022
හිටපු ජනපති ගෝඨාභය යළි පැමිණෙයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ . 03 September 2022
ඩොලර් වංචනිකයන් අල්ලන්න රටේ නීතියක් නෑ ඩොලර් වංචනිකයන් අත්අඩංගුවට ගැනීමට අද රටේ නීතියක් නැතැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 02 September 2022
දේශපාලන අස්ථාවරත්වයෙන් අයි.එම්.එෆ් සල්ලි බෙදාහැරීම අවදානමක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කර ඇති ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමටත් ණය හිමියන්,ණය ප්‍රතිව්‍යූගත කිරීමට එකඟ වී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන මුදල් බෙදා හැරීමටත් දේශපාලන අස්ථාවරත්වය අවදානමක් ඇති කරන බව ෆිච් රේටින්ග්ස් ආයතනය පෙන්වා දුන්නේය. 02 September 2022
පාර්ලිමේන්තුවට හොරෙන් ඇතුළු වීමට ගිය කතක් අල්ලයි පාර්ලිමේන්තුවට අනවසරයෙන් ඇතුළුවීමට උත්සාහ දැරූ සැකකටයුතු කාන්තාවක් ජයන්තිපුර ප්‍රධාන පොලිස් මුරපොළේ නිලධාරීන් විසින් අද (2) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවාය. 02 September 2022
ඉදිරි ආණ්ඩුව පිහිටුවීමේ වැඩි වාසි තිබෙන්නේ ශ්‍රීලනිපයටයි රටේ පවතින තත්වය අනුව ළඟදීම කුමන හෝ මැතිවරණයක් පැවැත්වීමේ ලකුණු ඇති බවත් ඉදිරි ආණ්ඩුවක් පිහිටුවීමේ වැඩිම වාසිය ඇත්තේ ශ්‍රී.ල.නි.පය ප්රමුඛ සන්ධානයකට බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 02 September 2022
ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් පල්ලියක පිපිරීමක් ඇෆ්ගනිස්ථානයේ හෙරාට් නගරයේ මුස්ලිම් පල්ලියක යාච්ඤාවක් අතරතුර අද(02) සිදු වූ පිපිරීමකින් 21 දෙනෙකු මියගොස් තවත් 21 දෙනෙකු තුවාල ලබා ඇතැයි අල් ජසීරා පුවත් සේවය ප්‍රකාශ කළේය. 02 September 2022
අතුරු අයවැය වැඩි ඡන්ද 115කින් සම්මතයි ඉදිරි මාස හතර සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අතුරු අය වැය වැඩි ඡන්ද 115 කින් සම්මත විය. 02 September 2022
සති අන්තයේ විදුලි කප්පාදුව පැයකට අඩුවෙයි විදුලි ජනනයට අවශ්‍ය ඉන්ධන හිඟවීම හේතුවෙන් හෙට (3) සිට 5 වැනිදා දක්වා විදුලි කප්පාදුව සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර දුන් බව එහි සභාපති ජනක රත්නායක මහතා අද (2) පැවසීය. 02 September 2022
ගෝඨා හෙට එයි: විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි වාර්තා වේ. 02 September 2022
රනිල්ට නැති අනිත් නායකයන්ට ඇති දෙයක් හරීන් කියයි අපේ රටෙි නායකයන්ට ’’කෙලවුන’’තැන වැඩක් බාරදී ඒ වැඩේට ඇඟිලි ගැසීම යැයිද රනිල් වික්‍රමසිංහ ළඟ ඒ ලක්ෂණය නැතැයි ද ඉඩම් හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 02 September 2022
පා. මන්ත්‍රී ගයාෂාන්ගෙන් පෙත්සමක් තමන්ව පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් නෙරපීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගයාෂාන් නවනන්දන මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත. 02 September 2022
ඩලස් කණ්ඩායමෙන් අයවැයට සහාය නෑ ආණ්ඩුවෙන් ඉවත්වී විපක්ෂයට ගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමණේ මන්ත්‍රීවරුන් 13 දෙනා අතුරු අයවැය ඡන්දයේදී ඡන්දය දීමෙන් වැලකී සිටීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි. 02 September 2022
ජැකලීන්ට නොතීසි සුකේෂ් චන්ද්‍රශේකර්ගේ අපරාධ සම්බන්ධව නොදැන සිටිය බවට ශ්‍රී ලංකා සම්භවයක් ඇති සුපිරි බොලිවුඩ් නිළි ජැකලීන් ෆර්නැන්ඩස් කළ ප්‍රකාශය අසත්‍ය බවත් ඇය චන්ද්රශේකර්ගෙන් අඛණ්ඩව මූල්‍ය වරප්‍රසාද භුක්ති විඳ ඇති බවත් ඉන්දීය මූල්‍ය බුද්ධි ඒකකයේ චෝදනා පත්‍රයේ සඳහන් වන බව එන්.ඩී.ටී පුවත් සේවය වාර්තා කළේය. 02 September 2022
අර්ජුන ඇලෝසියස්ට ලක්ෂ 225ක ඇපයක් ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම මගින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු රුපියල් කෝටි 167 ක බදු මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටි එම සමාගමේ අධ්යක්ෂවරුන් වන අර්ජුන ඇලෝසියස් සහ ජිනේන්ද්‍ර ජෝන් යන අයවලුන් අයකුට රුපියල් ලක්ෂ 225 ක ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. එල්. ඉලංගසිංහ මහතා අද (02) නියෝග කළේය 02 September 2022
තරුණියගේ මරණයට සජබ ආසන සංවිධායක රිමාන්ඩ් සමගි ජන බලවේගයේ කෑගල්ල කාර්යාලයේදී තරුණියකට වෙඩි වැදී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් කෑගල්ල ආසන සංවිධායකවරයා සැප්තැම්බර් 16 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය නියෝග කළාය. 02 September 2022
අල්ලස් ගත්තැයි කී සාජන් නිදොස් කොට නිදහස් බුරුත ගසක් කැපීමට අවසර ලබාදීම සඳහා රුපියල් 12,000/- ක අල්ලසක් ගත් බවට චෝදනා ලැබ සිටි හොරොව්පතාන පොලිසියේ පොලිස් සැරයන්වරයා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා නියම කළේය. 02 September 2022
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනයට අනුමැතිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධන කිරීම සඳහා එහි සමස්ත ලංකා කාරක සභාවේ අනුමැතිය ද අද (2) හිමිවිය. 02 September 2022
ලංකාවට සහය දෙන බව එක්සත් රාජධානිය පවසයි ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ එක්ව ලංකාවට සහාය දැක්වීමට එක්සත් රාජධානිය සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබපැතුම් පණිවුඩයක් එවමින් බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය බොරිස් ජොන්සන් මහතා පවසයි. 02 September 2022
වී ගන්න වෙන් කළ මුදල පරණ ණයකට හිලව් කළ පලහිලව්ව විසඳෙයි වී අලෙවි මණ්ඩලය විසින් මිල දී ගත් යල කන්නයේ වී තොග සඳහා ගොවීන්ට ගෙවීමට තිබු රුපියල් මිලියන 250 ක මුදල අද දින මුදා හළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 02 September 2022
බැසිල්ට රට යන්න අවසර හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ලබන ජනවාරි 15 වනදා දක්වා අතර කාලය තුළදී විදෙස්ගත වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) අවසර ලබා දුන්නේය . 02 September 2022
ගුවන් යානා සඳහා දෛනිකව අවශ්‍ය ජෙට්ඉන්ධන ප්‍රමාණවත් නැහැ කටුනායක, බණ්ඩාරනායක ගුවන්තොටුපලට පැමිණෙන හා පිටව යන ගුවන්යානා සඳහා දෛනිකව අවශ්‍ය වන ජෙට් ඉන්දන ප්‍රමාණවත් නොවන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 02 September 2022
මොන සුර ලොවින් ලැබුණ ද මේ මැණික් ටික පුත්තලම රෝහලේ දී සිවු නිවුන් දරු උපතක් සිදු වූ බව පුත්තලම රෝහල් අධ්යක්ෂ වෛද්‍ය සුමිත් ඇන්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. 02 September 2022
කොහාගෙ බිත්තර කන්න එන නයි පොළොඟුන්ට කොටනවා කොහාගේ බිත්තර රකින්නේ පොහොට්ටුවේ අපි. ඒ බිත්තර කන්න එන නයි පොළොන්ගුන්ට කොටනවා යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දී අද (2) පැවසීය. 02 September 2022
ජනතාවට තොරතුරු ගන්න ජනපති කාර්යාලයෙන් දුරකථන අංක දෙයි සේවා ලබාගැනීම සඳහා රාජ්‍ය ආයතන වලට එන ජනතාවට කාර්යක්ෂම කඩිනම් සේවයක් සැපයීම අනිවාර්ය බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට අද දැනුම් දුන්නේය. 02 September 2022
කොළඹ ළමා රෝහලේ ඖෂධ 40ක හිඟයක් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඖෂධ ගණනාවක 40 ක පමණ හිඟයක් පවතින බව එහි අධ්යක්ෂ වෛද්‍ය ජේ විජේසූරිය මහතා පැවසීය. 02 September 2022
රට ගොඩ ගතහැකි ක්‍රමය අනුර හෙලි කරයි ආණ්ඩුව ,පෞද්ගලික අංශය,ගොවි ජනතාව විදෙස්ගත ජනතාව ආදී සියලුම පුරවැසියන් ඒකාබද්ධ වී පොර බැදුවොත් වසර දෙක තුනෙන් මේ අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා (ජාජබ)පැවසීය. 02 September 2022
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026