අද සවස බොහෝ ප්‍රදේශවලට වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (12) සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 12 March 2022
ඇවිදින මංතීරුවට ගෙදුරු වූ සාරවත් කුඹුරු යාය යක්කල නගරයට නුදුරු ආයුර්වේදය අසල ඉතා සාරවත් කුඹුරක් ගොඩ කර ශරීර සුවතා මංතීරුවක් ඉදිකිරීම මහා අපරාදයක් බව ප්‍රදේශවාසීහු පවසති. 12 March 2022
වැරදීමකින් පාකිස්තානයට මිසයිලයක් යවලා වැරදීමකින්, පාකිස්තානය දෙසට මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව ඉන්දීය ආරක්ෂක අමත්‍යාංශය තහවුරු කර තිබේ. 12 March 2022
බස් ගාස්තු සියයට 50කින් ඉහළට? ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ අයි.ඕ.සී සමාගම ඉන්ධන මිල ඉහළ දැමීමට සාපෙක්ෂව බස් ගාස්තු සියයට 50කින් ඉහළ දැමිමට සිදුවන බව සමස්ථ ලංකා බස් රථහිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා කියයි. 12 March 2022
සිපෙට්කෝ ඉන්ධන මිලත් ඉහළට ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල ඉහළ දමා ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා පවසයි. 12 March 2022
ක්‍රොඒෂියාවට වැටී ඇත්තේ යුක්රේන ඩ්‍රෝන යානාවක් ක්‍රොඒෂියා රාජ්‍යයේ සැග්‍රෙබ් නුවරට කඩා වැටී ඇත්තේ යුක්රේන හමුදාවට අයත් ඩ්‍රෝන යානාවක් බව අද පස්වරුවේ ක්‍රොඒෂියා බලධාරීහු තහවුරු කළහ. 11 March 2022
ඩොලර්වලින් බදු ගෙවා වාහන ගෙන්වීමට අවසර ඩොලර්වලින් තීරු බදු ගෙවා වාහන ගෙන්වීමට අවසර ලබාදෙන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශ කර ඇත. 11 March 2022
ශ්‍රී ලංකාව අයි.එම්.එෆ් සහය ගැනිමට යයි? වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාව ලබන මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ආරම්භ කරන බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. 11 March 2022
මහනුවර දුම්රිය පැයක් අලව්වේ කොළඹ කොටුව සිට මහනුවර බලා අද (11) 5.50 ට පිටත්වූ දුම්රිය මේ වන විට බුද්යොමුව සහ අලව්ව දුම්රිය ස්ථාන අතර පැයකට අධික කාලයක් නවතා තැබීමෙන් සති අන්තයේ නිවෙස් බලා යන ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති. 11 March 2022
විදුලි හදිසි මිලදී ගැනීමට අවසර දෙයි විදුලි ගාස්තු ඉහළ දැමීමට කටයුතු කරමින් සිටින බවත් ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව හදිසි විදුලි මිලදීගැනීමට අවසර දුන් බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (11) පස්වරුවේ පැවසීය. 11 March 2022
කොවිඩ් ආසාදිතයන් 467 ක් කොවිඩ් ආසාදිතයින් තව 467 ක් අද (11) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 11 March 2022
සාම්පූර් සූර්ය බලාගාර ගිවිසුමට අත්සන් තබයි සාම්පූර් හි සූර්ය බලශක්ති බලාගාරය ආරම්භ කිරීම සඳහා වන ඒකාබද්ධ/හවුල් සංවර්ධන ගිවිසුමට අත්සන් තැබීම මුදල් අමාත්‍යාංශයේ දී අද (11) පස්වරුවේ සිදු කෙරුණි. 11 March 2022
ඉඩම් සංවර්ධන පනත සම්මත වේ ඉඩම් සංවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී සංශෝධන රහිතව සම්මත විය. 11 March 2022
’’ඖෂධ පාලන මිල ඉවත් කරන්න’’ ඖෂධ සඳහා පනවා තිබෙන පාලන මිල වර්තමානයට නොගැලපෙන බැවින් එය ඉවත් කළ යුතු බව සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගල්කන්ද මහතා අද (11) පැවසීය. 11 March 2022
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ දූෂණ වංචා රැසක් එළියට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි දිනුම් ඇදීම් වැඩසටහන් පටිගත කිරීම සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට රුපියල් කෝටි 21 ට වැඩි මුදලක් ගෙවා ඇතැයි කියන සිද්ධියක් පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝප් කමිටුව) එම මණ්ඩලයේ ප්‍රධානීන්ගෙන් ඊයේ (10) ප්‍රශ්න කළේය. 11 March 2022
කොවිඩ් මරණ 7ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 7 දෙනකු ඊයේ (10) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (11) තහවුරු කළේය. 11 March 2022
හෙටත් පැය 3යි විනාඩි 45ක් විදුලිය කපයි විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (12) ‘ඒ’ සිට ‘එල්’ පිළිවෙළින් වන කලාප 12 කට පැය තුනයි විනාඩි 45 ක් ද, ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට පැය දෙකයි විනාඩි 15 ද, විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම අද (11) පස්වරුවේ පැවසීය. 11 March 2022
‘‘ප්‍රශ්න පිට ප්‍රශ්න ආවත් ජනතාවට සහන දෙනවා‘‘ රටේ එක් ප්‍රශ්නයක් විසඳනවිට තවත් ප්‍රශ්නයක්. අද වනවිට යුක්රේන් රුසියානු යුද්ධයත් බලපාලා. නමුත් මෙරට ජනතාවට සහන සැලසීමට රජය හැකි සෑම උත්සාහයක්ම දරනවා යැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (11) ගම්පහ දී පැවසීය. 11 March 2022
උදයදේවි කැඩූ රේල් පාර හදන්න යුද හමුදාව එක්වෙයි මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වු උදයදේවි දුම්රිය පොල්ගහවෙල සහ වලකුඹුර අතර ප්‍රධාන දුම්රිය මාර්ගයේ දී ඊයේ (10) පිහිලි පැනීම හේතුවෙන් හානියට ලක්වූ දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම යුද හමුදාව මගින් ආරම්භ කර ඇත. 11 March 2022
සියලු සිසුන් සඳුදා සිට පාසලට කැඳවයි සියලු පාසල් සිසුන් ලබන සඳුදා (14) සිට සාමාන්‍ය පාසල්වලට කැඳවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. 11 March 2022
නලින් ගෙනා පාන් කාලෙන් මැතිසභයේ උණුසුමක් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා පාර්ලිමේන්තු සභා ගර්භයට පාන් කාලක් ගෙන ඒම නිසා එහි අද (11) පස්වරුවේ නොසන්සුන් තත්වයක් ඇතිවිය. 11 March 2022
උත්සව සමයේදී අත්‍යවශ්‍ය ආහාරවල මිළ තවත් ඉහළට? එළඹෙන උත්සව සමයේදී හාල්, පරිප්පු, සීනි ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල තවදුරටත් ඉහළ යා හැකි බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි. 11 March 2022
ඖෂධ මිල වැඩි කරන්න අවසර ඖෂධ මිල සියයට 29 කින් වැඩි කිරීමට මිල පාලන කමිටුව අනුමැතිය ලබාදුන් බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය 11 March 2022
හංවැල්ලේ මුදල් වංචාව ගැන ඇමතිවරුන් පිළිතුරු දිය යුතුයි හංවැල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ සිදුව ඇති මහා පරිමාණ මුදල් වංචාව අවිස්සාවේල්ල - හේවාගම් කොරළයේ දහස් ගණන් තැන්පත්කරුවන්ගේ දැවෙන ප්‍රශ්නයක් හෙයින් ඒ සම්බන්ධයෙන් විෂය බාර අමාත්‍යවරුන් පිළිතුරු දීම වැදගත් බව, සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය. 11 March 2022
බස් ගාස්තුත් ඉහළට ? ඉන්ධන මිළ ඉහළ දැමීම හේතුවෙන් බස් ගාස්තු සංශෝධනයක් කිරිමට සිදුවන බව බස් සංගම් සඳහන් කරයි. 11 March 2022
රටවල් රැසකින් රුසියාවට සම්බාධක රුසියානු-යුක්රේන අර්බුදය හේතුවෙන් යුරෝපා සංගමය සහ ලෝකයේ බොහෝ රටවල් රුසියාවට එරෙහිව සම්බාධක පනවනු ලැබූහ. සම්බාධක වලට අමතරව ලෝකයේ ප්‍රසිද්ධ සමාගම් ද රුසියාවේ තම මෙහෙයුම් කටයුතු නතර කරන බවට නිවේදනය කළේය. 11 March 2022
චෙල්සි ක්‍රීඩා කණ්ඩායමට කණ කොකා හඬයි රුසියානු-යුක්රේන ගැටුම හේතුවෙන් බි්රතාන්ය සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩා සමාජයක් වන චෙල්සි ක්‍රීඩා සමාජයට ද කණ කොකා හඬා ඇත. 11 March 2022
හයිලන්ඩ් කිරිපිටි යලි වෙළදපොලට අප්‍රේල් මස මුල සිට සියලුම පළාත් වලට හිඟයකින් තොරව හයිලන්ඩ් කිරිපිටි නිෂ්පාදනය කර බෙදා හැරීමට කටයුතු කරන බව මිල්කෝ සමාගම ප්‍රකාශ කරයි. 11 March 2022
ඖෂධ මිලත් ඉහළට? ඩොලරයට සාපේක්ෂක රුපියලේ සිදුවූ වෙනසට අනුපාතිකව ඖෂධ මිල වැඩිකිරීමට සිදුවන නමුත්, ඖෂධ ආනයනකරුවන්ට සහ ඔසුසල් හිමියන්ට අවශ්‍ය අයුරින් ඖෂධ මිල තීරණය කිරීමට අවසර දී නැතැයි ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි. 11 March 2022
මෙරට රන් පවුමක් 130,000 පනී ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ඉහළතම රත්තරන් මිල මේ වන විට වාර්තා වේ. 11 March 2022
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026