ආර්ථික ඝාතකයන් මානව හිමිකම් කවුන්සිලයට ? රටේ ආර්ථිකයට කළ අපරාධය සම්බන්ධයෙන්ද ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ප්‍රශ්න කෙරෙනු ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 04 September 2022
ඩෙංගු අවදානම වැඩි වෙයි වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් තවදුරටත් ඩෙංගු උණ රෝගය පැතිරයාමේ අවදානමක් හටගෙන ඇතැයි සෞඛය අමාත්‍යංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරයි. 04 September 2022
ලංවීම ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව කැබිනට්ටුවට ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා මේ මස අවසන් වන විට පෙර කැබිනට් මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. 04 September 2022
බෙහෙත් නැතුව පිළිකා රෝගීන්ගේ ජීවිත අවදානමක පියයුරු පිළිකා රෝගීන්ට ලබාදෙන ටැබ්සුමාබ් (tabsumab) එන්නත ඇතුළු පිලිකා රෝගීන් සදහා භාවිතා කරන ඖෂධ වර්ග 20 කට ආසන්න සංඛ්‍යාවක් නොමැතිවිම නිසා අඛණ්ඩව ප්‍රතිකාර කිරිම නතර වීමෙන් රෝගින් දැඩි අපහසුතාවකට පත්ව සිටින බව වාර්තා වේ. 04 September 2022
එජාප නායකයෝ පක්ෂ උපන්දිනේට පෙර සිද්ධස්ථාන වලට යති එක්සත් ජාතික පක්ෂයේ 76 වන සංවත්සර සැමරුම නිමිත්තෙන් එජාප නායකයන්ගේ සහභාගිත්වයෙන් සර්ව ආගමික වතාවත් ආගමික සිද්ධස්ථාන කිහිපයක් මුල්කරගනිමින් අද(4) පැවැත්විණි. 04 September 2022
ගුරු මාරු අයැදුම් බාර ගැනීම නවතී නව අධ්‍යයන වර්ෂය ආරම්භ කෙරෙන තෙක් ගුරු ස්ථාන මාරුවීම් හා අනුයුක්ත අයදුම්පත් බාර නොගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. 04 September 2022
හැටෙන් නොයවන පිරිසක් ගැන අමාත්‍යංශය කියයි රජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ උපරිම වයස් සීමාව අවුරුදු 60ට සීමා කර තිබුණ ද අත්‍යාවශ්‍ය සේවාවන්හි නිතර රජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ වයස තවදුරටත් අවුරුදු 63 මට්ටමේ තැබෙන බව රාජ්‍ය පරිපාලන ස්වදේශකටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය කියයි. 04 September 2022
ලබන වසරේ පාසල් පොත්වලට කෝටි 1648ක් ඉදිරි 2023 අධ්‍යයන වාර්ෂය සඳහා පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමට රුපියල් කෝටි 1648ක පමණ මුදලක් වැය වෙතැයි අපෙක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. 04 September 2022
ඉන්ධන පිරවුම් හල් 400ක් වැසෙයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හඳුන්වා දුන් නව ගෙවීම් ක්‍රමය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් 400 ක් පමණ තාවකාලිකව වසා දැමීමට සිදුව ඇතැයි ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර් රාජපක්ෂ මහතා පවසයි. 04 September 2022
තරුණයාගේ මරුවා සෙල්ෆියෙන් එයි හල්දුම්මුල්ල උඩවේරිය වත්තේ ලයිබන් කොටසේ කඳු පාමුල පිහිටි දිය ඇල්ලක් අසල දී සෙල්ෆියක් ගැනීමට උත්සාහ කළ තරුණයකු එම දිය ඇල්ලෙන් පහළට ඇද වැටී ජීවිතක්ෂයට පත්වී ඇතැයි හල්දුම්මුල්ල පොලිසිය කියයි. 04 September 2022
උයන්වත්ත වැවේ මළ සිරුරක් බණ්ඩාරගම උයන් වත්ත වැවට වැටී අතුරුදන් පුද්ගලයාගේ මළ සිරුර උයන්වත්ත වැවේ රාජගම තොටුපොළ ප්‍රදේශයේ පාවෙමින් තිබියදී ඊයේ (4) හමුවූ බව බණ්ඩාරගම පොලීසිය කියයි. 04 September 2022
සල්ලිකාරයන්ට බදු හිලෙන් පනින්න නිලධාරීන්ගෙන් උදව් කෝටිපති ව්‍යාපාරිකයන්ට සහ හිතවතුන්ට බදු දැලෙන් පැන යෑමට උදව් කරන රේගු සහ ආදායම් බදු නිලධාරීන් හය සියයකට වැඩි පිරිසක් සම්බන්ධයෙන් බුද්ධි අංශ රජයට කරුණු වාර්තා කර ඇත. 04 September 2022
යූරියා පොහොර බෙදීම අවසන් 2022 යල කන්නය සඳහා රජය විසින් ඉන්දීය ණය යෝජනා ක්‍රමයක් යටතේ මෙරටට ගෙන්වන ලද යුරියා පොහොර බෙදාහැරීම් කටයුතු මේ වනවිට සාර්ථකව අවසන් කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 04 September 2022
ප්‍රදේශ ගණනාවකට වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (3) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 04 September 2022
පාරෙදි අහුලාගත් ලක්ෂ පහ හමාර අයිතිකරුට බාරදෙයි හක්මන තිස්සමහාරාම බස් රථයක කොන්දොස්තර මහතා සහ රියැදුරු මහතා තිස්ස මහා රහම බස් බස්නැවතුම්පල ආසන්නයේදී මඟ වැටී සිටියදී අහුලා ගත් රුපියල් ලක්ෂ පහමාරක් සහ ජංගම දුරකථනයක් එහි අයිතිකරු සොයා භාරදීමට කටයුතු කළ බව තිස්සමහාරාම පොලීසිය සඳහන් කළේය. 04 September 2022
පාර්ලිමේන්තුව ඇල්ලුවා නම් ප්රජාතන්ත්රවාදයත් ඉවරයි පාර්ලිමේන්තුව අල්ලාගන්නට පැමිණි අය මර්දනය කළා යැයිද ඔවුන්ට හරියට සැළකුවේ නැතැයි ද ඇතැමුන් කියන බවත් කළ යුතුව තිබුනේ එලෙස අආ අයට පාර්ලිමේන්තු කැන්ටිමෙන් තේ කෝප්ප අරං දීම දැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශ්න කළේය. 04 September 2022
බූරුවා පොළේ සිද්ධියකට වෙඩි පත්තු වෙයි පිටිගල නියාගම කබලුව දී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කළ බව පිටිගල පොලීසිය කියයි. 04 September 2022
පාන් මිල පා වෙයි තිරිඟු පිටි සඳහා කළු කඩ මාෆියාවක් බිහිවීමත් සමග වැඩි මිලට පාන්පිටි මිලදී ගැනීමට සිදුවීම නිසා ග්‍රෑම් 450ක පාන් ගෙඩියක් රුපියල් 300ට අලෙවි කිරීමට සිදුවන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පවසයි. 03 September 2022
යුරෝපා සංගමය සතුට පළ කරයි ශ්‍රී ලංකාව,ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්ය මණ්ඩල ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් සුභ පැතුම් එක් කරන බව යුරෝපා සංගමය ප්‍රකාශ කළේය. 03 September 2022
ස්ථීර කැබිනට්ටුව තව කල් යන හැඩ ස්ථිර කැබිනට් මණ්ඩලයක් පත්කිරීම තවදුරටත් කල් යනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සදහන් කරයි. 03 September 2022
අයි.එම්.එෆ් සාකච්ඡා දෙස බලා පැරිස් සමාජයත් ලංකාවට අත දෙයි ශ්‍රී ලංකාව සඳහා ණය සහන ක්‍රියාවලිය ආරම්භ කිරීමට සූදානම් බව ’’පැරිස් සමාජ සාමාජිකයෝ’’ (Paris Club Members) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ 03 September 2022
කෝටි 20,000ක හිඟ බිල්පත් මහා භාණ්ඩාගාරයේ හිර වෙයි රට පුරා ඉකුත් කාලයේ සිදුකරන ලද ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් කෝටි විසිදහසක පමණ හිඟ බිල්පත් මහා භාණ්ඩාගාරයේ සිර වී ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. 03 September 2022
ගොර්බචොව් අවසන් ගමන් යයි අවසන් සෝවියට් නායකයා ලෙස සැලකෙන මිහායිල් ගොර්බචොව්ගේ අවසන් කටයුතු හමුදා ගෞරව මැද මොස්කව් අගනුවර දී පැවැත්විණි. 03 September 2022
ඇල්ල ඔඩෙසි’ තවත් දින දෙකක් ධාවනයට කොළඹ සිට නගරාන්තර සති අන්ත අධි සුඛෝපභෝගී දුම්රියක් ලෙස ආරම්භ කළ ‘ඇල්ල ඔඩෙසි’ දුම්රිය මෙම මස 8 සහ 9 දෙදින සිට බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවලට ධාවනය කරන බව දුම්රිය දෙපාර්තුමේන්තුවේ උසස් නිළධාරියකු පැවසීය. 03 September 2022
සෞඛ්‍ය, ඛනිජතෙල් සහ විදුලියට ගැසට්ටුවක් එයි සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය බිදුලිබල සැපයුම හා ඊට අදාළ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම සහ සෞඛ්‍ය සේවාව නැවත වරක් අත්‍යාවශ්‍ය සේවාවන් බවට නියම කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද( 03) සිට බල පැවැත්වෙන පරිදි ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 03 September 2022
පොහොට්ටුව එපා වූ තවත් පිරිසක් ඩලස්ලාට එකතු වෙති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් මන්ත්‍රී කණ්ඩායමට එක්වීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 03 September 2022
බදු හොරුන්ට උදව් කරන නිලධාරීන් හයසියයක් ගැන පරීක්ෂණ කෝටිපති ව්‍යාපාරිකයන්ට සහ හිතවතුන්ට බදු දැලෙන් පැන යෑමට උදව් කරන රේගු සහ ආදායම් බදු නිලධාරීන් හය සියයකට වැඩි පිරිසක් සම්බන්ධයෙන් බුද්ධි අංශ රජයට කරුණු වාර්තා කර ඇත. 03 September 2022
ගෝඨාට තැන දෙන්න සීතා සූදානම් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් තමා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්රීනී සීතා අරඹේපොළ මහත්මිය පැවසුවාය. 03 September 2022
එක් පවුලක් ලක්ෂ 58ක් ණයයි රටේ උද්ධමනකාරී වතාවරණය හේතුවෙන් දිවයිනේ සෑම පවුලක්ම මේ වසරේ මැයි මාසය වනවිට රුපියල් ලක්ෂ 58 ක ණයකරුවන් බවට පත්ව සිටින බව විශේෂ අධ්‍යයනයකදී පෙනී ගියේ යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය. 03 September 2022
’’අමුත්තන්ගේ රාත්‍රියෙන්’’ 306ක් මාට්ටු ගම්පහ පොලිස් කොට්ඨාසයට අයත් පොලිස්ථාන 19 මගින් සිදුකළ ’’අමුත්තන්ගේ රාත්‍රිය ’’ මෙහෙයුමෙන් විවිධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 306 දෙනකු අත් අඩංගුවට ගත් බව පොලිස් අධිකාරී කාර්යාලය සදහන් කරයි. 03 September 2022
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026