(සුජිත් හේවාජුලිගේ)
රාජ්‍ය ආයතනවල රැස්වීම් සහ උත්සවවලට තරු පංතියේ හෝටල්වලින් ආහාර ගෙන ඒම නොකරන ලෙස රජය එම ආයතන ප්‍රධානීන්ට උපදෙස්දී ඇත.
බොහෝ ආයතනවල විශේෂයෙන් අධ්යක්ෂ මණ්ඩල රැස්වීම්වලදී තරු පංතියේ හෝටල්වලින් ආහාර ගැනීම කාලයක් තිස්සේ සිදුවෙමින් පැවතිණ.
පවතින ආර්ථික තත්වයේ හමුවේ එවැනි වියදම් දැරීම සුදුසු නොවන බවත් රජයේ ආයතනවල වියදම් හැකිතාක් සීමා කරන ලෙසට දැනුම් දුන් බවත් රජයේ උසස් නිලධාරියෙක් පැවැසීය.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක මායාදුන්නේ මහතා පාර්ලිමේන්තුවේදී පසුගිය 20 වැනිදා ප්‍රකාශයක් කරමින් භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්යක්ෂ මණ්ඩල රැස්වීම් සඳහා තරු පංතියේ හෝටල් වලින් ආහාර ගෙන ඒමට විශාල මුදලක් වැය කරන බවට චෝදනා කළේය.
රට දැඩි ආර්ථික අර්බුදයක ගිලී සිටින අවස්ථාවක එවැනි මුදල් නාස්ති කිරීම සුදුසු නොවන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෑම තරු පංතියේ... වැඩ? මුඩුක්කුවක තියන පිළිවෙලවත් නැහැ.
ඒ කියන්නේ ඒ ගානම දීලා අල්ලපු කඩෙන් කෑම ගෙනාවාට වරදක් නැතිද? හෝටලේ පන්තියෙන් වැඩක් නැහැනේ... වියදම් කළ හැකි උපරිම මුදලට සීමා පැනෙව්වානම්..?
ඕක ගොඩක් ආණ්ඩුවේ සංස්ථාවල සිද්ධ වෙන වැඩක්. උදාහරණයක් හැටියට රත්මලානේ එයාපෝට් පාරේ තියෙනවා ඇඟලුම් කර්මාන්තයට සම්බන්ධ ආණ්ඩුවේ සංස්ථාවක්. එතන අවුරුදු ගාණක් තිස්සේ පුදුම විදිහට මුදල් නාස්තියක් කරනවා. කෑම බීම පමණක් නෙවෙයි හැම අවුරුද්දෙම අවශ්‍ය වුණත් අනවශ්‍ය වුණත් බඩු ගන්නවා. වාහන ඔහේ බල්ලට දෙනවා වගේ යනවා. ඒ විතරක් නෙවෙයි ඔය අපේ හිටපු බතික් ඇමතිතුමාත් ඕකේ රාජය ඇමති කෙනෙක් වෙලා හිටිය කාලයක් තිබුණා. එතුමාට corvid හැදිලා හික්කඩුවේ ඉන්න කොට එතුමාගේ නෝනා ඔතනින් වාහනයක් රත්මලාන ඉඳලා කොළඹට ගෙන්න ගෙන කේක් එකක් ඇරියා. ඊට පස්සේ එයාලම විපක්ෂයට ගිහිල්ලා කියනවා රට කඩා වැටෙනවා කියලා පක්ෂ විපක්ෂ කවුරු වුනත් නිලධාරියෝ අන්තිමට කරන්නේ රට කන එක විතරයි.
මුදල් ගෙවන්නේ ජනතාවගේ බදුමුදල් වලින් ,ඒ නිසා කෑම ඉස්තරම් . රජයේ ආයතන වල කෙරුවාවල් ගැන නම් කියලා වැඩක් නැහැ.