IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අභ්‍යවකාශයට සංචාරකයන් ගෙනයන්න සියල්ල සූදානම්

(විමුක්ති එස් රුද්‍රිගු)

හෙලෝ ස්පේස් අභ්‍යවකාශ සංචාරක සමාගම 2025 වසරේ සිට බැලූනයක් ආධාරයෙන් සංචාරකයින් අභ්‍යවකාශයට රැගෙන යාමට බලාපොරොත්තුවෙන් පසුවෙයි.

වායු පිරවූ බැලූනයකට සවිකළ වෘත්තාකර කැප්සියුලයක් මගින් වරකට සංචාරකයන් 8 දෙනෙක් අභ්‍යවකාශය වෙත රැගෙන යාමට හේලෝ ස්පේස් සැලසුම් කර ඇති අතර ගමන සඳහා එක් ටිකට් පතක මිල ඇමෙරිකානු ඩොලර් 98000 (ශ්‍රී ලංකා රුපියල් 35,951,535.20) සිට 196000 (ශ්‍රී ලංකා රුපියල් 71,903,070.40) අතර වන බව හේලෝ ස්පේස් සමාගම ප්‍රකාශ කළේය.

අංශක 360 ක දර්ශනයක් සහිත කැප්සියුලයක් නැගී අභ්‍යවකාශයේ සිට පැය 4 - 6 ත් අතර කාලයක් පෘතුවියේ සහ අභ්‍යවකාශයේ සුන්දරත්වය  නැරඹීමට ලැබෙන මේ අවස්ථාව සංචාරකයාගේ ජීවිතය වෙනස් කරනු ඇති බව හේලෝ ස්පේස් සමාගම පවසයි.

පළමු පර්යේෂණ ආකෘතිය දෙසැම්බර් තුන්වන සතියේ ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පිහිටා ඇති ටාටා මූලික පර්යේෂණ ආයතනයේදී අභ්‍යවකාශ ගත වනු ඇතැයි හේලෝ ස්පේස් සමාගම ප්‍රකාශ කළේය. පර්යේෂණ චාරිකා සාර්ථක වුවහොත් 2029 වසරේ සිට වාණිජ ගගන සවාරි වසරකට 400 ක් ක්‍රියාත්මක කිරීමට හේලෝ ස්පේස් සමාගම සැලසුම් කර ඇත.

පර්යේෂණ චාරිකාවලදී පෘථිවියේ දෙවැනි වායු ස්ථරය දක්වා කැප්සියුලය රැගෙන යාමට බලාපොරොත්තු වන බව හේලෝ ස්පේස් සමාගම පැවසුවේය.



අදහස් (5)

අභ්‍යවකාශයට සංචාරකයන් ගෙනයන්න සියල්ල සූදානම්

ගමේ එකාලා Friday, 21 October 2022 04:29 PM

මැදමූලනේ ඉන්න රොකට් කාරයාටත් යන්ඩ අවස්තාවක් ලැබෙයි නේද. අපි දන්න වෙන ගගනගාමිලත් නැහැනේ ?

:       60       27

RANDIL Friday, 21 October 2022 04:32 PM

නෙළුම් කුළුනට නැග්ගම තව්තිසාව පේන අපිට ඕක සුලු දෙයක්.

:       46       23

Asela Saturday, 22 October 2022 10:20 AM

ඔච්චර සල්ලි වියදම් කරන්නේ මොකටද. එන්න කියහල්ලා ශ්‍රී ලංකාවට. අභ්‍යවකාශය නෙමෙයි තව්තිසාවත් පෙන්නන්න පුළුවන්. එතකොට අනිත් රටවල එවුන්ට හික් ගෑවෙයි එහෙව් රටක නේ මුං ඉන්නේ කියලා. උන් දැන් අභ්‍යවකාශය බලන්න යන්න දඟලනකොට තව්තිසාව බලන්න කාගෙත් අප්පච්චි මේ රටේ වාසනාවන්තයින්ට බලන්න සැකසුවේ ගියෙ මීට දශක ගණනාවකට කලින්.

:       5       14

Prabha Saturday, 22 October 2022 01:20 PM

අරගලය ආවේ නැත්නම් ඕක කරන්නේ අපේ චිචී බබා.

:       1       7

පිටරැටියා Saturday, 22 October 2022 09:22 PM

ලංකාවෙත් අභ්‍යවකාශ තරණය පිළිබඳ ආචාර්ය උපාධියක් ගත්තු කෙනෙක් ඉන්නවා. මත්තල ගුවන් තොටුපොළ තියෙන පළාතේ .ඔන්න ගන්නවානම් උපදෙස්?

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 195 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 162 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site