’’ඩග්ලස් මුන්රෝ’’ කොළඹ බලා පිටත් වෙයි ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂයක දෙපාර්තමේන්තුව මඟින් ශ්‍රි ලංකා නාවික හමුදාව වෙත නිල වශයෙන් භාර දෙන ලද පී 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව පෙරේදා (03) ඇමරිකාවේ සියැටෙල් වරායේ සිට එහි නව නිවහන වන කොළඹ වරාය බලා පිටත් වු බව නාවික හමුදාව පවසයි. 05 September 2022
’’නිදහස් පක්ෂයේ ප්රජාතන්ත්රවාදය මරලා’’ නිදහසින් පසු මෙරට වැඩිම ප්රජාතන්ත්රවාදයක් තිබූ පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්රජාතන්ත්රවාදය මේ වන විට මරාදමා ඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද (5) පැවසුවාය. 05 September 2022
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ගං වතුර අනතුරු ඇඟවීමක් ඉදිරියේදීත් තද වැසි ඇති වුවහොත් ඇතැම්ගංගා ආශ්‍රිතව ගං වතුර අවධානමක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පූර්ව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 05 September 2022
යුද සමයේ ඉන්දියාවට ගිය ලාංකිකයන් කඩිනමින් ගෙන්වා ගන්න කමිටුවක් යුද්ධය හේතුවෙන් සරණාගතයින් ලෙස ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීම කාර්යක්ෂම කිරීම සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් කමිටුවක් පත් කර තිබේ. 05 September 2022
මහ වැස්සේ බසයකට ඉඩ දෙන්න ගිය සිසුවා බෝක්කුවක හිර වෙයි කුරුණෑගල ප්‍රදේශයට අද දවසපුරා ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ජලයෙන් පිරී ගිය බෝක්කුවකට ඇද වැටීමෙන් එහි සිරවී සිටි 13 හැවිරිදි පාසල් ශිෂ්‍යයකු අනතුරට ලක්ව ඇති බව කුරුණෑගල පොලීසිය පවසයි. 05 September 2022
ජනපති මැඳුරට පැන්න අරගලකරුවෝ 37 ක් මේ දක්වා අත්අඩංගුවේ කොටුව ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් ඇතුලු වී එහි දේපළ වලට හානි කිරීම සහ අයුතු ජනරාශිය සම්බන්ධයෙන් හදුනාගෙත් සැකකරුවන් 71 දෙනෙකුගේ 37 දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. 05 September 2022
අරගල භූමියෙන් ඇහිලූ බව කියන උණ්ඩ සමග අයෙක් සැකපිට ගෝල්ෆේස් අරගල භූමියේ තිබී හමුවූ බව පවසමින් ටී 56 ජීව උණ්ඩ 30 ක් සහිත මැගසීනයක් පානදුර උතුර පොලිසියට බාරදීමට ආ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි. 05 September 2022
මෙරට දරුවන්ගේ මන්දපෝෂණය ගැන දින දෙකක විවාදයක් ශ්‍රී ලංකාවේ දරුවන්ගේ සහ මවුවරුන්ගේ මන්දපෝෂණය සම්බන්ධයෙන් යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් පාර්ලිමේන්තුවේදී හෙට (6) සහ අනිද්දා (7) පැවැත්වේ. 05 September 2022
2015 මිලට ගත් වී තොගයක් අරලගංවිල ගබඩාවක දිරයි 2015 යළ කන්නයේ මිලදී ගත් වී කිලෝ 65,000ක අධික තොගයක් අරලගංවිල ගබඩාවක දිරාපත්වන බව මහවැලි බී කලාප ගොවි සංවිධානය කියයි. 05 September 2022
නව ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානය විවෘත කෙරේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ගේ සභාපතිත්වයෙන් යුත් ‘නව ලංකා නිදහස් පක්ෂයේ’ පක්ෂ මූලස්ථානය විවෘත කිරීම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ දී අද (05) පෙරවරුවේ සිදුකෙරිණි. 05 September 2022
ශිෂ්‍යත්වයට - උසස් පෙළට දින නියම වෙයි 2022 වර්ෂයේ 5 වසර ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් 4 වැනි දා පැවැත්වෙන අතර අපොස උසස් පෙළ විභාගය දෙසැම්බර් 5 වැනි දා ආරම්භ වන බව විභාග කොමසාරිස් එල්.එම්.ඩී.ධර්මසේන මහතා පවසයි. 05 September 2022
මහජන පෙත්සම් සභාවේ සභාපති තනතුර යළිත් ජගත් පුෂ්පකුමාරට නවවෙනි පාර්ලිමේන්තුවේ තුන්වෙනි සභා වාරයේ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර මහතා යළිත් තේරී පත්විය. 05 September 2022
’’අද ඔක්කොම කරන්නේ කපුටා’’ රාජපක්ෂවරුන් බලයට ගෙන ඒමේ උත්සාහයක් යළි ක්‍රියාත්මක වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 05 September 2022
පානදුර සභාව දිවුලපිටිය සභාවෙන් ගත්ත පොල්වලට පොල්ලක් කොරෝනා වසංගතය ව්‍යාප්තවන සමයේ පානදුරයේ ජනතාවට සහන සැලසීම සදහා පානදුර ප්‍රාදේශීය සභාව ලබාගත් පොල් තොගයක් සදහා වූ රුපියල් ලක්ෂ හතකට වැඩි මුදල මෙතෙක් නොගෙවීම නිසා දිවුලපිටිය ප්‍රාදේශිය සභාවේ නිලධාරීන් විගණන ගැටළුවකට මුහුණ දී ඇති බව දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ රැස්වීමේදී සාකච්ඡාවට බඳුන් විය. 05 September 2022
ලිට්රෝ ගෘහස්ථ ගෑස් රුපියල් 113 කින් පහළට ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 113 කින් අඩු කළ බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (5) පෙරවරුවේ පැවසීය. 05 September 2022
පොහොර නැවේ හබයේ දී ’’යාලුකම’’ රකින වගකීම විදේශ අමාත්‍යාංශයට චීන පොහොර නැව සම්බන්ධව ගැටළුවේ දී දෙරට මිත්‍රත්වය පළුදු නොවන ආකාරයට කටයුතු කිරීම සඳහා ක්‍රියාවලියක් සැකසීම විදේශ කටයුතු අමාත්‍යංශයට බාර දීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 05 September 2022
බ්‍රිතාන්‍යයට අද අලුත් අගමැතිවරයෙක් මහා බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා තෝරා ගැනීම අද (5) සිදුවෙයි. මහා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ, පාලක පක්ෂයේ නායකයාටය. වර්තමානයේ පාලක පක්ෂය ලෙස කටයුතු කරන්නේ කොන්සවර්ටිව් පක්ෂයයි. 05 September 2022
අදත් තද වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (4) ත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 05 September 2022
ජනේලය පිරිසිදු කළ අයකු තට්ටු 12 මහලෙන් බිමට වැටී මරුට වැල්ලවත්ත මායා මාවතේ මහල් 12 කින් යුත් ගොඩනැගිල්ලකින් ඇදවැටීමෙන් පුද්ගලයකු මිය ගොස් ඇතැයි වැල්ලවත්ත පොලිසිය කියයි. 05 September 2022
කැනඩාවේ පිහි ප්‍රහාර මාලාවකින් 10 ක් මරුට කැනඩාවේ, මධ්‍යම සිස්කැචුවින් ප්‍රාන්තයේ සිදුවුණු පිහි ප්‍රහාර මාලාවකින් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 15 කි. 05 September 2022
බීමතින් අපුර නගරයේ සිටි සිසුවියට සහ සිසුන් දෙදෙනාට ඇප බීමත්ව අනුරාධපුර නව බස් නැවතුම්පල ආසන්නයේ කුම්බිච්චන්කුලම වැව අසල අහෝබන ලෙස හැසිරෙමින් සිටි බව කියන අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ පාසලක සිසුවියක සහ සිසුන් තිදෙනකු වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇප මත මුදා හරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක ජයසූරිය මහතා නියෝග කළේය 04 September 2022
පොහොර නැවේ කෝටි 138 නිලධාරින්ට ගෙවන්න වෙයි අහිතකර බැක්ටීරියා සහිත කාබනික පොහොර මෙට්‍රික් ටොන් අනූ හය දහසක් ( චීන පොහොර නැව) වෙනුවෙන් කිසිදු සුරක්ෂණයකින් තොරව අරමුදල් නිදහස් කිරීමෙන් රුපියල් කෝටි 138 කට වැඩි මුදලක් ( ඇමරිකානු ඩොලර් මිලියන 6.9ක්) රජයට පාඩු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම පාඩුවූ මුදල අදාළ වගකිව යුත්තන්ට නඩු පවරා අයකර ගන්නා ලෙස රජයේ විගණකාධිපතිවරයා නිර්දේශ කර ඇත. 04 September 2022
’’නිල් පාට ඇමති’’ කොළ කොඩියක් වනයි තංගල්ල නාකුළුගමුව දුම්රිය නැවතුම්පොළ කෘෂිකර්ම,වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරිණි. 04 September 2022
එජාප 76 වන සංවත්සරයට ආශීර්වාද බෝධි පූජාවක් එක්සත් ජාතික පක්ෂයේ 76 වන සංවත්සරය හෙටට (5) යෙදී ඇති අතර ඒ නිමිත්තෙන් සංවිධානය කළ ආශීර්වාද බෝධි පූජාවක් එම පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඇතුළු නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී අද (4) පැවැත්විණි. 04 September 2022
තිරිඟු පිටි මිල වැඩිවීමට හේතුවක් නෑ මෙම අවස්ථාවේදී තිරිඟු පිටි මිල ඉහළ යාමට කිසිඳු හේතුවක් නැතැයි වෙළඳ හා පාරිභෝගික සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය. 04 September 2022
නැතිවුන පොතුයි බුදු පිළිමයකුයි මා ගාව: දෙන්න බයයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසින් සොරා ගන්නා ලද බුදු පිළිමයක්,සහ පොත් පත් තොගයක් පිළිබඳ ජනාධිපති ලේකම් කාර්යාලයට ලැබුණු දුරකථන ඇමතුමක් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කිරීම ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් රහස් පොලිසියට බාර දී තිබෙි . 04 September 2022
ඖෂධ හිඟය සොයා බලන්නට පත් කළ කමිටු වාර්තාව ජනපතිට මෙරට පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් සොයාබැලීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පත්කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දීම ජනාධිපති කාර්යාලයේ දි සිදු විය. 04 September 2022
පොලිසියේ උපන්දිය දා පොලිසියේම පිරිසක් පොල් ගසති පොලිසියට වසර 156 පිරිම නිමිත්තෙන් රටපුරා පොලිසිවල මහත් අභිමානයෙන් සැමරුම් උත්සව පවත්වද්දී අසාධාරණයට ලක්වූ පොලිස් සැරයන්වරුන් පිරිසක් තමන්ට උසස්වීම් ලබා දීමට උසස් නිලධාරින්ට ඊට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්ට ඥානය පහල වේවායි ප්‍රාර්ථනා කරමින් ප්‍රසිද්ධ කෝවිලට ගොස් පොල් ගසා කන්නලව් කිරීමේ සිද්ධියක් පොලීසියෙන් ම වාර්තා වේ 04 September 2022
ලිට්රෝ ගණන් බහී ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල හෙට (5) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 100ත්, 200ත් අතර මිලකින් පහත හෙළන බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි. 04 September 2022
ආර්ථික ඝාතකයන් මානව හිමිකම් කවුන්සිලයට ? රටේ ආර්ථිකයට කළ අපරාධය සම්බන්ධයෙන්ද ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ප්‍රශ්න කෙරෙනු ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 04 September 2022
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026