(අංජුල මහික වීරරත්න)
ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ ජනතාවගේ පෝෂණ තත්ත්වය වර්ධනය කිරීමට ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ආහාර බැංකු හා ආහාර හුවමාරු මධ්‍යස්ථාන පිහිටුවීමට රජය තීරණය කර තිබෙි.
ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය සහතික කිරීමේ වැඩසටහනේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වුණු අතර එහිදී මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.
ඒ අනුව ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය ප්‍රමුඛව දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් දිවයිනේ ග්‍රාම සේවා වසම් 14,022ම ආවරණය වන පරිදි වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ආහාර හුවමාරු මධ්‍යස්ථාන මඟින් ප්‍රදේශවාසීන්ගේ අතිරික්ත ආහාර, ප්‍රදේශයේ පිහිටුවා ඇති ආහාර බැංකුවලට ලබාගෙන එම ආහාර ප්‍රදේශයේ ආහාර ඌනතාවක් ඇති පවුල්වලට බෙදා දීම සිදු කෙරෙයි. එමෙන්ම මෙම ආහාර හුවමාරු මධ්‍යස්ථාන හරහා තම අතිරික්ත ආහාර තවත් ප්‍රදේශවාසීන්ගේ අතිරික්ත ආහාර සමග හුවමාරු කර ගැනීමට අවස්ථාව සැලසෙන අතර එමගින් ආහාර අපතේ යාම ද වළක්වා ගත හැකිය.
තම ප්‍රදේශවල සිටින ජනතාවගේ ජීවන තත්ත්වය පිළිබඳ මනා අවබෝධයක් විහාරස්ථානවල භික්ෂුන් වහන්සේලාට සහ සෙසු ආගමික නායකයින්ට ඇති බැවින් මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා භික්ෂූන් වහන්සේලාගේ සහ සෙසු පූජක තුමන්ලාගේ දායකත්වය ලබා ගැනීම පිළිබඳව ද සාකච්ඡා විය.
දිවයිනේ සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් හා සැලසුම් අධ්‍යක්ෂවරුන් මෙම සාකච්ඡාවට එක් වූ අතර දැනට නිකුත් කර ඇති චක්‍රලේඛ උපදෙස් සහ විධිවිධානවලට අමතරව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති නව චක්‍රලේඛය අනුව ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සහ ඒවායේ සංවර්ධන සැලැස්ම සකස් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හරිම හොඳ වැඩසටහනක්. ලෝකයේ බොහෝ දියුණු රටවල මේ ක්‍රමය ක්‍රියාතමක කරනවා. ආහාර බැංකු වලන් දුප්පත් මිනිස්සු හරියට ප්‍රයෝජන ගන්නවා.
වෙන යන විනාසය කලින්ම දැකලා වගේ. ඒත් මේක අතීසාරයට අමුඩය ගැහුව වගේ දෙයක්. ආහාර බැංකු වලට කවුද අහාර තැම්පත් දෙන්නේ. කමක් නැහැ මොකුත්ම නොකරනවට වඩා මොකක් හරි කරන එක ලොකු දෙයක්.
දිසාපති තුමන්ලා සිටි කාලයේ දිසාපති කාර්යාලයේ ආහාර පාලන කියලා අංශයක් තිබුනා සහකාර ආහාර පාලක කියලා තනතුරක් තිබුනා එම අංශයෙන් මනාව ආහාර පාලන කටයුතු කලා.එම දෙපාර්තමේන්තුව සදහා (ආ.මි.හා.බෙ.) ආහාර මිලදී ගැනීමේ හා බෙදාහැරීමේ ගිණුම කියලා ගිණුමක් හරහා තමයි ඔක්කොම කලේ .දෙපාර්තමේන්තුව සදහා සහකාර පාලක සිටියෙ දිසාපති යටතේ තමයි දිසාපති තමයි දිස්ත්‍රික්කයේ ආහාර පාලක වුනේ .ඇත්තටම දැන් සිටින දිස්ත්‍රික් ලේකම්ලාගෙන් සමහර විට කෙනෙක් දෙන්නෙක් එහෙම තමන්ගෙ තනතුර රකිනවා කියලා හිතෙනවා මේ කටයුත්ත සමුපකාර සමිති හරහා කරනවානම් වඩාත් සාර්ථක වේවි නමුත් සමහරක් සේවකයින් දේශපාලුවො නිසා තමයි සුලු ගැටලුවක් වෙන්නෙ
ඕකෙනුත් අපේ අයියලා ටික ගසා කෑවේ නැත්නම් තමා පුදුමෙ.
ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ ජනතාවගේ පෝෂණ තත්ත්වය වර්ධනය කිරීමට ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ආහාර බැංකු හා ආහාර හුවමාරු මධ්‍යස්ථාන ආරම්බ කිරීමට හේතුව වනුයේ රටේ පවතින ආහාර හිගය සහ ආර්ථික අපහසුත්වය මගහැරවීම නිසාවෙනි. සහල් / වගකරනාවූ ගොවින් ඔවුන්ගේ බෝග සියල්ල ඉහල මිලකට ව විකුණා ගැනීමෙන් පසු සහල්, කිරිපිටි, ඉන්දන, එළවලු/ පලතුරු, සහ වෙනත් මුලික අවශ්‍ය තත්වයන් වෙනුවෙන් කටයුතු කරනවා මිස රටතුල මෙවැනි ආර්ථික අර්බුදයක් මතුව තිබෙනාවූ අවස්ථවක ඔවුන්ගේ නිෂ්පාදනයෙන් කොටසක් නොමිලයේ ආගමික ස්ථාන ආහාර බැංකු හා ආහාර හුවමාරු මධ්‍යස්ථාන වෙත ලබාදීමට කටයුතු කරාවිද කියා කමිටු ආරම්බ කිරීමට පෙර ග්‍රාමීය මට්ටමින් සොයා බැලිය යුතුවේ.