IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අයිතිවාසිකම් කඩකලැයි ජවිපෙන් පෙත්සමක්

(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

වත්මන් රජයේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රියාවන්ට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ උද්ඝෝෂණයට සහභාගී වෙමින් සිටි තමන් හට පොලිසිය පහර දී තුවාල සිදු කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩකරන ලදැයි සඳහන් කරමින් ඊට වන්දි වශයෙන් රුපියල් කෝටියක මුදලක් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කළේය.

සිලංග සඳකැන් සංජීව මහතා ඇතුළු 6 දෙනෙකු විසින් ගොනුකර තිබූ මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් හැටියට පොලිස්පති සී.ඩී වික්‍රමරතන, බස්නාහිර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 26 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

නීතිඥ සුනිල් බටගල මහතා මගින් ගොනුකර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.

පෙත්සම්කරුවෝ සියලු දෙනා ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයෝ වෙති. ඉකුත් සැප්තැම්බර් 24 වැනිදා කොළඹ ලිප්ටන් වටරවුම අසල වතමන් රජය විසින් දියත් කර ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන්ට එරෙහිව උද්ඝෝෂණයක් දියත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධිත සමාජවාදී තරුණ සංගමය
තීරණය කෙරින.

මෙම උද්ඝෝෂණයට පෙත්සම්කරුවෝද සහභාගී වූහ. එම ස්ථානයට කළු ඇඳගත් පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ බටන් ප්‍රහාරයක් එල්ල කළහ.එම ප්‍රහාරයෙන් පෙත්සම්කරුවෝ තුවාල ලැබූ හෙයින් රෝහල් ගතව ප්‍රතිකාර ලැබූහ.

එබැවින් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ප්‍රකාශ කරන ලෙසද මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසද රුපියල් කෝටියක වන්දි මුදලක් ලබා දීමට නියෝග කරන ලෙසද පෙත්සම්කරුවෝ සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.



අදහස් (2)

අයිතිවාසිකම් කඩකලැයි ජවිපෙන් පෙත්සමක්

Demuni Uduwara Saturday, 22 October 2022 07:52 AM

Now Police have been politicized. 22nd Amendment should be implemented soon !

:       0       0

3%THUNE LAPAYA Saturday, 22 October 2022 11:00 PM

71- 87-88-89 කාලයේ ඔය අලුගෝසුවෝ මරල දාපු අහිංසක ගැහැණු - පිරිමින්ගේ කඩවුන අයිතිවාසිකමි වෙනුවෙනුත් ඔය ගමන් වටගල ජෙප්පට කතා කරන්න බැරිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site