
(යොහාන් භාසුර)
අපවත්වී වදාළ අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අදාහන පූජෝත්සවයට සහභාගි වන බැතිමතුන්ගේ ගමන් පහසුව සඳහා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට අනුරාධපුර දක්වා විශේෂ දුම්රියක් හෙට (22) පෙරවරුවේ ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එම දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් හෙට (22) පෙරවරු 4.40 ට පිටත්ව පෙරවරු 9.39 ට අනුරාධපුරයට ළගාවීමට නියමිත බවත් එම දුම්රිය නැවත හෙට පස්වරු 5.10 ට නැවත කොළඹ බලා පිටත්වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වහන්සේ මව්බිම වෙනුවෙන් කළ සේවයට හිස නමා ගෞරව කරන අතර මතු උපදින කිසිව භවයක මෙවැනි අකල් වියෝවක් නොමවේවා අජරාමර උතුම් වූ නිවන් සම්පත්තියම ලැබේවා කියා පතමි.
වෙලාවට එයිද? අවලංගු සහ වැඩ වර්ජන නැහැ නේද?
කවුද රනිල් ජනාධිපතිතුමාද කිව්වේ. රනිල් මහත්තයට මළගෙවල් පේනන බැහැ නේද? පිටරට වුණා නම් ඕකට වෙනම ගුවන් ගමනකුත් ලෑස්ති කරයි.
ජපානෙ ඉඳලා ප්රයිවෙට් ජෙට් එකකුත් එයිද මන්දා?