(යොහාන් භාසුර)
එංගලන්තයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා ලබා දෙන බව පවසමින් කොළඹ තරු පංතියේ හෝටලයේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය අත්අඩංගුවට ගත්තේය.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබුණු තොරතුරක් අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ විමර්ශන නිලධාරීන් එම ස්ථානය වැටලූ බවත් ව්‍යාජ රැකියා නියෝජිතායතනයක නමින් මෙම සම්මුඛ පරික්ෂණ පවත්වමින් සිටි බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
වැටලීම සිදුකරන අවස්ථාවේදී එම ස්ථානයේ තිබී රුපියල් ලක්ෂ 3ක මුදලක්, විදේශ රැකියා අයදුම්පත් හා රිසිට් පොත් දෙකක්ද විමර්ශන නිලධාරීන් භාරයට ගත් බවත් අත්අඩංගුවට ගත් සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 3 ක් මත මුදාහරි බවත් එම කාර්යංශය සඳහන් කරයි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් වන සරත් විමලවීර, රවීන්ද්‍ර අබේපාල, වසන්ත ඒකනායක, මධුශාන් විජේවර්ධන සහ ගයේෂා සුභාෂිනි යන නිලධාරීහූ මෙම වැඩලීම මෙහෙයවූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd