(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 178කින් සංශෝධන සහිතව සම්මත විය.
පනතට පක්ෂව ඡන්ද 179ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ එක් ඡන්දයක් පමණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතා පමණක් පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.
ඡන්දය විමසන අවස්ථාවේදී සභාවේ සිටි ආණ්ඩු පක්ෂයේ සෙසු සියලු මන්ත්‍රීවරු සහ විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරු (සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය) පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.
ඡන්දය විමසන අවස්ථාවේදී ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු හතළිස් හයදෙනෙක් සභාවේ නොසිටියහ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග, සාගර කාරියවසම්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගාමිණී ලොකුගේ, රෝහිත අබේගුණවර්ධන, ජනක බණ්ඩාර තෙන්නකෝන්, සංජීව එදිරිමාන්න, පවිත්‍රා වන්නිආරච්චි, අකිල ඉලංගෙයි තමිල් කොංග්‍රසයේ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන්, එම පක්ෂයේ එම්.ඒ සුමන්දිරන් සහ ෂ්‍යානක්කම් රාසමානික්කම් එසේ නොපැමිණි මන්ත්‍රීවරු අතර වෙති.
චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මන්ත්‍රීවරු පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.
විසි දෙවෙනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඊයේ (20) සහ අද (21) පැවැත්විණ.
විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 50කට අධික පිරිසක් අදහස් දැක්වූහ.
ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට තනතුරු දැරීමේ අයිතිය අහෝසිවීම, ස්වාධීන කොමිෂන් සභාවලට බලතල ලැබීම, පාර්ලිමේන්තුව වසර දෙකහමාරකින් පසු විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ඒ ආකාරයෙන්ම ලබාදීම ඇතුළු ප්‍රතිපාදන රැසක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් හිමිවනු ඇත.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
22ක වැඩි ඡන්ද 178කින් සම්මත වෙයි
siri Friday, 21 October 2022 06:35 PM
ලබන මාසයේදී අගමැති වෙනවා කියල අර පේන කියන කෙනෙක් කිව්ව කෙනාට මොකද වෙන්නේ ?
NimalSaturday, 22 October 2022 06:29 AM
රටේ තීන්දු තීරණ ගන්නා පාර්ලිමේන්තුවේ දේශපාලකයන් හට උපදෙස් ලබාදීමට සහ රජයේ කිසිදු තනතුරක් දැරීමට, උපදෙස් ලබාගැනීමට ද්විත්ව පුරවැසිභාවය හිමි කිසිවකු පැමිණීම නිමා කිරීමත් 22 වැනි සංශෝධනයෙන් සිදුකළ යුතුද?
Ranjit Friday, 21 October 2022 06:36 PM
කපුටෙක් අගමැති පුටුවේ තියන්න ඕනෑ එක්කෙනෙකුට විතරයි එහෙනම්.
Surathalaa Friday, 21 October 2022 07:31 PM
දැන් ඔක්කොම රටේ ප්‍රශ්න විසඳන්න පුළුවන්ද?
Wimal Friday, 21 October 2022 11:02 PM
Did Aragalaya bargain for this or is it their plan?
ප්‍රභා-මායාවSaturday, 22 October 2022 12:23 AM
ඩයස්පෝරාවට ජය වේවා...! දැන් අපිටත් අපේ බලය පෙන්වන්න පුලුවන්..!
sam Saturday, 22 October 2022 03:58 AM
හොර සාටක ජරාපක්ෂයලා මේ පනතට පක්ෂව ඡන්දය දීලා තියෙන්නේ අරගලයට බයේ මිසක් වෙන මොකටද?
උම්බෑදේවි Saturday, 22 October 2022 10:20 AM
කාරක සභා අවස්ථාවෙ මොනවා වෙයිද ඊළඟ වතාවේ මගපැරපු කට්ටියම අයින් කරමු දැනටත් සිටින ද්විත්ව පුරවැසියන්ට අයින්වෙන්න කියමු (ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවේ ඉන්නවා කියන්නෙ විශ්‍රාමිකයින් නැවත සේවයේ යෙදවීමට දෙවැනි නැහැ මොකද ඔවුන් වරදක් කලොත් අයකරන්න ක්‍රමයක් නැහැ ) තවත් විදියකින් කිව්වොත් ද්විත්ව පුරවැසියන් හරියට වල පයයි ගොඩ පයයි තියෙන අය වගෙයි කාටවත් වැඩක් නැහැ
දාස Saturday, 22 October 2022 12:46 PM
ඡන්දේ ලැබුණේ 134 ලොක්කා පොරොන්දු වුණා අවුරුදු 2 1/2 න් කෝළම් මඩුව විසුරුවන්නේ නෑ කියලා, මොකද මොවුන් සමහරකගේ පැන්ෂන් එකට වදින නිසයි තව අවුරුදු 2 1/2 අපේ වියදමින් සැප ගන්න පුළුවන් නිසයි.., මොවුන් ඕකට අකැමැත්තෙන් හිටියේ. මොවුන්ට, අපිට හෙන ගහලා ගියත් කමක් නෑ... අනිත් ඡන්දෙට මොවුන්ට ගෙවල් පැත්තේ එන්න දෙන්න එපා...
ජනිත් Saturday, 22 October 2022 01:28 PM
නාමල් පුතය කපටියා,ශෂින්ද්‍ර කපටියා.