
පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා, අග්‍රාමාත්‍ය ධුරය කටයුතු කරන අවස්ථාවේ රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් ලැබුණු තෑගි සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශයක් සිදුකිරීම සහ නිවැරදි නොවූ වත්කම් ප්‍රකාශයක් ලබා දීම සම්බන්ධෙයන් වැරදිකරු යැයි ඔප්පු වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය වහාම ක්‍රියාත්මක වන පරිදි වසර 5 කට අහෝසි කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ප්‍රධාන මැතිවරණ කොමසාරිස් සිකන්දර් සුල්තාන් රාජා ප්‍රමුඛ සාමාජිකයන් හතරදෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් ඒකමතිකව මෙම තීරණය ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.කෙසේ නමුත් ඉම්රාන් ඛාන්ගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය තීන්දුව පිළිනොගන්නා බව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය.
එසේම මැතිවරණ කොමිසමේ මෙම තීරණය අභියෝගයට ලක් කරමින් ඉස්ලාමාබාද් මහාධිකරණයේ අභියාචනාවක් ගොනු කරන බවද තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය ප්‍රකාශ කළේය.
034
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුවේ සහය ඉම්රාන් ඛාන්ට නැති වුනාට මුලු රටෙම ඡන්ද තියෙනවා.
ළඟදී තිබිච්ච අතුරු මැතිවරණ 8 න් 7 ඔහුගේ පක්ෂය ජයගත්තා. ඔහු අවංක මිනිහෙක්, තාමත් ජනතාව ඔහු සමගයි...!