(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
තමාගේ බෑනා ඡන්දෙන් පැරදී තමාගේම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවේ යැයි ජේ.ආර් නිකමටවත් සිතන්නට නැතුව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පාර්ලිමේන්තුවේදී පැවසීය.
"අවුරුදු 44කට පෙර ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ව්‍යවස්ථාව හදන වෙලාවේ මෙවැනි දෙයක් වේයැයි නොසිතන්නට ඇති බව ද අලහප්පෙරුම මහතා පැවසීය.
ව්‍යවස්ථාව හදා අවුරුදු 44කට පසු ජේ.ආර් ගේ බෑනා මහ මැතිවරණයෙන් පැරදිලා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගොස් අගමැති වී ජනාධිපති වූයේ ව්‍යවස්ථාව නිසා බවද අලහප්පෙරුම මහතා සඳහන් කළේය.
මෙවැනි විකෘති අනාගතයේ ඇති නොවන විදියට පැලැස්තර ඇලවීමකින් ඔබ්බට ගොස් රටේ ජනතාවට පක්ෂපාතී ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගන්නට සියලු දෙනාම එක්ව කටයුතු කළ යුතු බවද ඩලස් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බයවෙන්න එපා ගොයියෝ....අවුරුදු 30කට පස්සේ අපිත් ලඟඳිම නැගිටලා පෙන්වන්නම්..!
This guy voted for 17, 18, 19, 20
මේක ජේ.ආර්. ගේ ව්‍යවස්ථාව නොවේ, ඒක ජේ.ආර්. ගෙන් පස්සේ 10 පාරක් විතර සංශෝධනය වෙලා.., ගෝඨා වෙනස් කළා ව්‍යවස්ථාව... නැවත මෛත්‍රීගේ තත්වයට ගෙනත්, මේකට දැන් ජේ.ආර්. ගේ ව්‍යවස්ථාව කියන එකේ කිසිම තේරුමක් නැහැ...
උඩ පැනලා කඩාගන්න බැරි උන මිදි තිත්තයිලු නේද ඩලස්?
උදාවෙලා තියන අසීරු තත්ත්වය තේරුම් අරගෙන කළ යුතු දේ කරන්න. ජේ.ආර් ගේ බම්බුවක් අවශ්‍ය නැහැ. ඒත් උඹලා එකෙකුටවත් ඒක තේරෙන්නේ නැහැ.