(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
අල්ලස් ගැනීම් වැඩිපුරම සිදුවන ආයතන අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල මුල් තැනට පැමිණ ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
ඊට පසු අල්ලස් ගැනීම් වැඩිපුර සිදුවන ආයතන අතර පොලිසිය, අධ්‍යාපන ක්ෂේත්රය, ශ්‍රී ලංකා රේගුව, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය සභා ඇතුළු පළාත් පාලන ආයතන සහ සුරාබදු දෙපාර්තමේන්තුව වෙතියි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය.
ජනතාව වැඩිපුර ගැටෙන ආයතනවල අල්ලස් ගැනීම් සුලබව සිදුවන බවත් විශේෂයෙන් බලපත්‍ර නිකුත් කිරීම් වැනි කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අල්ලස් ගැනීම් වැඩිවීමට ප්‍රධාන හේතුව බවත් එම නිලධාරියා ප්‍රකාශ කළේය.
මේ ආයතනවල අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ප්‍රමාණය ඉතා අල්ප බව පවසන එම කොමිසම පැමිණිලි ඉදිරිපත් නොකෙරෙන අවස්ථා ඉතා වැඩි බවද සඳහන් කරයි.
සමහර පුද්ගලයන් රස්තියාදු වීම වළක්වා ගැනීම සඳහා කුමන හෝ අල්ලස් මුදලක් ලබාදී සිය වැඩ කටයුතු කර ගැනීමට උත්සාහ දරන ප්‍රවණතාවක් ඇතිවී තිබෙන බව කොමිසමේ විමර්ශන නිලධාරීහු පවසති.
රට පුරා ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල සංඛ්‍යාව තුන්සියයකට අධිකය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුණ්ඩසාල ප්‍රාදේශීය සභාවත් එහෙමමයි, ප්ලැනක් අත්සන් කරගන්න ගියත් පගාව ගන්නවා. සභාපතියෙක් ඉන්නවා, එයා දන්නේ නැහැ මිනිස්සු මාස ගණන් වැඩක් කරගන්න රස්තයදු වෙන එක ගැන. එක ලිපියක් අත්සන් කරගන්න ආයතන දෙක තුනක් සම්භන්ධ වෙනවනම් ඉවරයිම තමයි . අද ඉන්න එක්කෙනා හෙට නැහැ ,හෙට එයා ඉද්දි අනිත් නිලධාරියා නැහැ. මම කියන්න ටෝකන් එකක් දීල , වැඩේ කරලා දෙන දිනයත් ටෝකන් එකේම සටහන් කරලා දාන්න කියල. නිලධාරින් සහ මහජනතාවගේ ගැටීම අඩුම කරන්න ඕනේ. TO ල ගැන නම් කතා කරන්න දෙයක් නැහැ.
තීරණාත්මක ‘ක්‍රම වෙනස්කම්’වලින් වත්මන් මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ අවශ්‍යතාව පමණක් නොව සමස්ත ක්රමවෙදයේම වෙනසක් විය යුතුවේ. මෙම දුෂණ ක්‍රියාවන් දසක ගණනාවක සිට පැවතියද රජය මගින්, දේශපාලකයන්, රාජ්‍ය නිලධාරීන් හෝ වෙනත් කිවකු මෙවැනි දුෂණ නැවත්වීමට කිසිදු උත්සහයක් හෝ නව හදුන්වාදීම් හෝ අලුත් ක්‍රමවේදයන් අත්හදා බැලීම් හෝ සිදු කර නැත. සියල්ලෝම under their nose දුෂණය සිදුඋවත් නොදැක්ක සේ සිටීම සහ එහි කොටස් කරුවන්ව සිටීම සිදුවනවා හැර විසදුම් ලබාදීමට උත්සහ නොගනී. වරතමන ප්‍රදේශිය සහ පාර්ලිමේන්තු දේශපාලකයන් සමග විසදුම් ලබාදිය නොහැකිවනුයේ ඔවුන් මෙම දුෂිත ක්‍රියාවන්හි කොටස් කරුවන් වීම සහ එවැනි ක්‍රියා ආරක්ෂා කරනා නිසාවෙනි.
මෙය නිවැරදිව හඳුනාගෙන කළ ප්‍රකාශයක් නොවන බව පෙනේ. ඇසෙන හා ඇතැමුන් කියන කතා මත පදනම්ව ප්‍රකාශ කර ඇති බවක් පෙනේ. මෙවැනි ප්‍රකාශ නිවැරදිව තහවුරු කළ හැකි දත්ත සමග ඉදිරිපත් කළ යුතු අතර අදාල ආයතනය ඒ සඳහා බැදී ඇත. අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව විසින් දැනට විමර්ශනය කර ඇති චෝදනාවල ප්‍රගතියත් සමග මේ ලිපිය ඉදිරිපත් වුණානම් තවත් වටිනවා.