IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ආයතන දෙකක ලොක්කෝ ජාතික සභාවට කැඳවෙති

 

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ප්‍රධානීහු ජාතික සභාව හමුවට ඊයේ (20) කැඳවනු ලැබූහ.

එම ප්‍රධානීන් මෙසේ කැදවුණේ ඒ ආයතනවල කටයුතු විමසීම සඳහාය.

ආයතන දෙකේ  ප්‍රධානීහු  බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රගමනයට අදාළ අදහස් සහ යෝජනා  ජාතික සභාවට මෙහිදී ඉදිරිපත් කළහ.

මේ අතර බලශක්ති ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ කමිටු වාර්තාව සති දෙකක් ඇතුළත ජාතික සභාවට ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා එම  සභාවට අද (21) දැනුම් දුන්නේය.

ඒ සමගම ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ ලංකා විදුලිබල මණ්ඩලය විවිධ බලශක්ති උත්පාදන ව්‍යාපෘති සම්බන්ධයෙන් ගැනීමට යෝජිත පියවර සම්බන්ධයෙන්ද ජාතික සභාව දැනුවත් කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

ජාතික සභාව එහි සභාපති කතානායක  මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්   පාර්ලිමේන්තුවේදී ඊයේ (20) රැස්විය.

මෙම රැස්වීමේදී ජාතික සභාවේ කෙටි,මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ අනු කමිටුවේ සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ  සහ ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහත්වරු  සිය කමිටුවල ප්‍රගතිය සහ ඉදිරි කටයුතු සම්බන්ධයෙන්  ජාතික සභාව දැනුවත් කළහ.

මෙම රැස්වීමට අමාත්‍ය  නසීර් අහමඩ්, රාජ්‍ය අමාත්‍යවරුන්වන ඉන්දික අනුරුද්ධ සහ  ඩී.වී. චානක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, ජොන්ස්ටන් ප්‍රනාන්දු,සාගර කාරියවසම්, අසංක නවරත්න, රිෂාඩ් බද්දියුදීන්, එම්. රාමේෂ්වරන්, සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් යන මහත්ම මහත්මීහුද සහභාගී වූහ.



අදහස් (0)

ආයතන දෙකක ලොක්කෝ ජාතික සභාවට කැඳවෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site