
(පුෂ්පකුමාර ජයරත්න සහ අජිත්ලාල් ශාන්තඋදය )
සබරගමුව විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා විද්‍යව හා ශාරිරික අධ්‍යාපන අධ්‍යයන අංශයේ අවසන් වසරේ සිසුවකු විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයක නිදා සිටියදීම අද (21) අලුයම මරණයට පත්ව ඇති බව වාර්තාවේ.
මෙසේ මියගොස් ඇත්තේ හර්ෂ ධනංජය නමැති බණ්ඩාරගම මධ්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
මියයන විට 25 හැවිරිදි වියෙහි පසුවූ ඔහු විශ්ව විද්‍යාලයේ කබඩි කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කර ඇති ක්‍රීඩාවට දස්කම් දැක්වූ අයෙකි.
මේ දිනවල සබරගමුව විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන අවසන් වසරේ විභාගයටද පෙනී සිට ඇති ඔහු නේවාසිකාගාරයේ නිදා සිටියදී සිහිසුන් ආකාරයට සිටිනු දුටු අනෙක් සිසුන් ඔහු විශ්ව විද්‍යාලය ආසන්නයේම පිහිටි පඹහින්න රෝහලට ඇතුළත් කර ඇතත් ඒ වනවිටද මරණයට පත්ව සිටි බව පැවසේ.
මරණයට හේතුව අනාවරණය වී නැති අතර දේහය පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා යොමු කර ඇත.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සබරගමු සරසවි සිසුවා නිදි ඇඳේම මියයයි