(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විශ්වවිද්යාගල ආචාර්යවරුන් එකසිය අසූ නවදෙනකු පශ්චාත් උපාධි හැදෑරීම අතරමග නතර කිරීමෙන් රුපියල් කෝටි අනූතුනක පමණ පාඩුවක් රජයට සිදුව ඇතැයි අධ්යායපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.
ඇමැතිවරයා මේ බව සඳහන් කළේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
පසුගිය දෙදහස් දහය වසරේ සිට මේ දක්වා කාලය තුළ ආචාර්යවරුන් දෙදහස් හාරසිය පනස් හත් දෙනකු ආචාර්ය උපාධි පාඨාමාලා හැදෑරීම සඳහා තෝරා ගෙන ඇති බව පැවසූ අමාත්යපවරයා උපාධි හැදෑරීම මෙසේ අතරමඟ නවතා ඇත්තේ ඉන් පිරිසක් බවද සඳහන් කළේය.
ආචාර්යවරුන්ට පශ්චාත් උපාධි හැදෑරීම සඳහා වෙන් කර ඇති සම්පූර්ණ මුදල රුපියල් කෝටි එක්දහස් එකසියයකට අධික බවද ප්රේූමජයන්ත මහතා පැවසීය.
පශ්චාත් උපාධිය හැදෑරීම අතරමඟ නතර කළ විශ්වවිද්යාකල ආචාර්යවරුන්ගේ නාම ලේඛනය මෙහිදී අමාත්යිවරයා සභාවට ඉදිරිපත් කළේය.
විශ්වවිද්යාඛල ආචාර්යවරුන් පශ්චාත් උපාධි පාඨමාලා අතරමඟ නතර කිරීමෙන් විශාල මුදලක් රජයට අහිමි වී ඇතැයි තුෂාර ඉඳුනිල් මන්ත්රී්වරයා ප්ර ශ්නය යොමු කරමින් පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර ප්‍රශ්නෙ නේද? රට බංකොලොත් වුනේ ඒකනෙ. අනේ නිකන් පලයන් බන් යන්න. හෙමිට ඇත්ත ප්‍රශ්න ටික මිනිස්සුන්ට අමතක කරල අලුත් ප්‍රශ්න ඇති කරනව දවස ගානෙ. අපේ ගොන්නුත් රහ කර කර වමාර කනව ඔය වගේ එකක් ආවම. ඔකකොගේම ඇස් ඇරිල තියෙන්නෙ මේ ළඟකදි ඉඳල. අපේ දේශපාලුවො දැන් හරිම කාර්යක්ෂමයි. ඉස්සරනම් පගාවක් එහෙම කාල ඔහේ බුදියගෙන හිටිය. අරගලකාරයො ටික ඇවිල්ල දුවන්න ගැහුවට පස්සෙ ඇහැරුනා.
"සරසවි භාරව සිටි ඇමතිවරුන් අර්බුදය ආරම්බයේදීම විසදුම් නොදීම " නිසා කෝටි 93 ක් නැතිභංග කරලා.
මෙම මුදල් ඔවුන්ගෙන්ම අය කරගන්න. බදු ගෙවන්න දුප්පත් අපේ පිට දාන්න එපා.
මේ රටේ අසරණ ජනතාවගේ මුදල් කාබාසිනියා කළා මිස, මේ රටට මොනවද කලේ? උගත් යයි හිතාගෙන සිටින පල් මෝඩයෝ රැලට වඩා යුරෝපයේ පාර අතුගාන පුද්ගලයෙකුගේ ආකල්ප යහපත්. දුපතක හිරවෙලා ඉන්න ළිං මැඩියෝ හිතාගෙන ඉන්නේ නම් අයින්ස්ටයින් ටත් වඩා කෙරුමෝ කියලනේ.... මට නම් ඒ අය දැක්කත් හිනා යනවා...
දේශපාලකයෝ පශ්චාත් උපාධි කරනවා. පශ්චාත් උපාධි කරපු අය දේශපාලනය කරනවා. සමහරුන්ට කටුචිකිස්තාව දන්නවා කී සැනින් පශ්චාත් උපාධි ලැබෙනවා. ආර්තික ඔස්තාර් ටියුෂන් ඇමති පශ්චාත් උපාධිය චීනෙන් මාසෙන්. ඇමතිතුමා මේ උපාධියනම් කෝ ඇමතිකම, මේ ඇමතිකම නම් කෝ උපාධිය කියලා අහන්න කෙනෙක් නෑනි. අපේ අයත් දොස්තර කියන්න වඳින්න බලාගෙන ඉන්නේ.
ඔය ඔක්කොම දේශපාලකයන්ට කළා වගේ ලියාගන්න එපා! ඊට අමතරව, රටේ ව්‍යසනකාරී තත්ත්වය හේතුවෙන් ඔබ සියලු දෙනාම දැන් භුක්ති විඳිමින් සිටින ආන්තික ප්‍රතිලාභ සීමා කරති!
බලාගෙන යනකොට උගත් බුද්ධිමත්, නුගත් කියලා වෙනසක් නැහැ. ඔක්කොම හවුලේ රටේ ධනය කබාසිනා කරලා දාලා.
මෙය සාමාන්‍යයයි. ආචාර්ය (Ph.D.) උපාධියක් සඳහා ලියාපදිංචි වන සියල්ලෝම උපාධිධාරීන් නොවේ. 2400 න් 189 ක් දළ වශයෙන් 8% කි. ඒක ඇත්තටම හොඳයි! මෙහි USA හි සංඛ්‍යාලේඛන බලන්න; ආචාර්ය උපාධිය අත්හැරීමේ අනුපාතය 50% පමණ වේ. "PhD drop out rate" ගැන Google search කරන්න, එවිට ඔබටම බලාගන්න පුළුවන්. එම 8% ශ්‍රී ලාංකික උපාධිධාරීන් අතහැර යාමේ අනුපාතය, ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාවේ උපාධි අපේක්ෂක වැඩසටහන් කෙතරම් දක්ෂද යන්න පෙන්නුම් කරයි. ශ්‍රී ලංකාවේ AL විෂය මාලාව (අවම වශයෙන් විද්‍යා විෂය මාලාව) තරමක් දියුණු ය. USA හි සාමාන්‍ය උසස් පාසැල් උපාධිධාරියෙකුට අපගේ උසස් පෙළ ලබා ගැනීමට කියන්න, එවිට ඔවුන් අසමත් වනු ඇත. සාමාන්‍ය එක්සත් ජනපද උපාධිධාරියෙකුට අපගේ උපාධි අපේක්ෂකයින් සඳහා විභාග කිරීමට ඉල්ලන්න, එය එකම කතාව වනු ඇත. ඔවුන් අසාර්ථක වනු ඇත. ඒක තමයි ඇත්ත.
පහුගිය අවුරුදු පහක කාලය තුළ ඔබලා විසින් කඩාකප්පල් කරන ලද මුදල ඔබට කියන්න පුළුවන්ද? මේ ඔක්කොම එකම බෝට්ටුවේ.
පොඩි ගැටලුවක් තියෙනවා. ඒතකොට මේ අය පශ්චාත් උපාධිය සම්පූර්ණ කරානම් ඔය කියන කෝටි 93 භාණ්ඩාගාරයට ඉතිරිද?
225 ට ලංවෙන්න බැහැ
මේවා රටට අහිමිවීම් කියන්නේ කෝටි ගනනින්. එතකොට වරප්‍රසාදලත් කට්ටිය ගහන ගැහිලි කොමිස් ආදිය ගනන් බලන්නේ බිලියන ( කෝටි 100 ඒවා ) ගනන් වලින්. බලන කොට මේ කවුරුවත් රට ගොඩනැගීමට කෙසේ වෙතත් තමන්ගේ පංගුව වැඩිකරගන්න තමයි නිතරම කල්පනා කරන්නේ.
දුශිත පවුල් පාලනේ උන් ,දූෂිත දේසපාලුවෝ විනාශ කරපුවා ඉහටත් උඩින් . ජනතාව මහපාරට වැටෙන තැනටම හොරකම් වන්චා දූෂණ කරලා රටම හින්ගමනට පත් කෙරුවා. .නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරලා හමාරයි .කාලකන්නි දුශිත දේසපාලුවෝ උන්ගේ බොරු සෝබන වැඩවලට මොනතරම් මහජන මුදල් කන්දරාවක් නිකරුණේ කාබාසීනියා කෙරුවද?
ඕවා මොනවද.දූෂිත දේසපාලුවෝ මුලු රටම බන්කොලොත් කරලනේ තියෙන්නේ ?
ඔහෙලා නැතිභංග කරපු ගාණනේ හැටියට ඔය කෝටි 93 මොකක්ද?
This is in reply to Kamal. Thank you for the response. Yes, at the B.Sc. level a Sri Lankan University graduate is far ahead of an equivalent graduate in USA. Same goes for an A/L student back home compared to a high school student here in USA. The issue unfortunately is, we do not have the facilities back home to do advanced post-graduate studies. Here in USA, funds and advanced laboratory facilities are available. Science graduates back home do an entrance exam called GRE to get admitted to do graduate studies in USA. And, Sri Lankan graduates are among those who score the highest. The excellence of Sri Lankan students in post-graduate research is well-known in USA. Ask any science faculty member in USA, and they will agree. There is a saying that "grass is always greener on the other side". Unfortunately, that is true about the Sri Lankan mindset. We do not realize that despite all the financial, political, and economic difficulties, our education system is highly advanced.
This is in reply to Perera. Thank you, yes, you are correct! Every American undergraduate has to pay for their university education. But there are many interest-free facilities to get funds to pay for university education. No one gets a free education like back home (I hope the undergraduates back home who strike incessantly, destroy public property, keep in their mind that it is the poor tax paying public who facilitate their undergraduate education and therefore act more responsibly, and work towards the betterment of the country). Another fact is any high-school student here in the USA who wants to go to university can do so if they make the effort. If I recall correctly, only 1 out of 100 of A/L students can enter university back home, even if they pass every subject, which is an unfortunate situation that needs to be rectified.
ප්‍රියන්ත, ඔබ, ඔබගේ ලපටි බුද්ධියට සාපේක්ෂව බොහෝ දේවල් පිළිබඳව අධි තක්සේරුවෙන් සිටින අයෙක් බවයි පේන්නේ. ලංකාවේ අධ්‍යාපනය යාවත්කාලීන විය යුතු බව ඔබ වැන්නෙකුට නොවැටහීම ගැන මම නම් පුදුම වන්නේ නැහැ. මුලින්ම හරි අපුරුවට සිංහලෙන් අදහස් ලිව්ව මහලොකු ආචාර්ය තුමා අවසානයේ ඉංග්‍රීසියට බැස්සේ කෙරුමෙක් කියා පෙන්වන්න වෙන්න ඇති? හැබැයි ඉතින් ඇමරිකාවත් ලංකාව ඇතුලේ පිහිටා තිබෙනවා යයි උපකල්පනය කරමින් ඉංග්‍රීසියෙන් පලකල අදහස නම් හරිම සුන්දරයි. හීනමානය උපරිම වූ පමණින් "තම පමණ දැන ගැනීම" කෝකටත් යහපත් බව තමයි මට නම් කීමට ඇත්තේ..
සුසිලෝ අපි හිතන් උන්නේ උඹත් උගත් හොඳ මිනිහෙක් කියාලා. ඒත් දැන් පේනවා උඹත් අනිත් එවුන් වගේම කට්ට කයිරාටිකයෙක් කියාලා. තමන්ට කැපෙන කොට තමයි අර ප්‍රබුද්ධ පාට් දාන්නේ. අනිත් වෙලාවට අනිත් පොහොට්ටුවන්ගේ රැලේම තමයි. අචාර්ය උපාධියට යන අය පොලු තියනවා නම් ඒ වියදම් මුදල් අයකරගන්න පුළුවන් ඔවුන් අත්සන් කල ඇප බැඳුම්කර වලින්. මොකද මේ වෙලාවේ විශ්ව විද්‍යාල අචාර්ය වරුන්ට ගහන්නේ ඔවුන්ගේ පඩියෙන් බදු ගහන එක යුක්ති සහගතයි කියලා අදහසක් රටේ මිනිස්සුන්ගෙ හිත් වලට යවන්න. මම සුසිල් ගෙන් අහනවා හොර බොර තෙල් නැව් පෝලිමට ගෙනත් මුහුදේ නවත්තලා ප්‍රමාද ගාස්තු ගෙවන්නේ දවසකට ඩොලර් ලක්ෂයයි විසි දාහයි යන ගානට. දැනටමත් මේ දවස්වල ඔය මුහුදේ තියෙන බොර තෙල් නැවට ප්‍රමාද ගාස්තුව ඩොලර් ලක්ෂ 50 ට වැඩියි. කාගේද ඔය සල්ලි? කාටද ඔය මුදලේ කොමිස් ඒක. ඔවු සුසිල් කියන්න. ගිහින් කතා කරන්න පාර්ලිමේන්තුවේදී.
භද්‍රාණි, මම පලමුවන ලිපිය ලියුවෙත් ඉන්ග්‍රිසියෙන්, මට සිංහල යතුරු පුවරුවක් නොමති නිසා. පරිවර්තනය කෙරුනේ ලංකාදිප කතුවරුන් විසින්. නමුත් මම හෙලකුරු පුවරුව සොය ගත්තා ඔබට සිංහලෙන්ම පිලිතුරු දෙන්නට. ඇමෙරිකාවත් ඔය අධ්‍යාපන යවත්කාලීන කිරීම කලා මීට අවුරුදු 30 කට පමන කලින්. එහෙම කරලා කාගෙනෙ ඉන්නෙ. මම කැමතී දැනගන්නට ඔබ කියන ඔය ලංකාවට අවශ්‍ය අධ්‍යාපන යවත්කාලීන කිරීම කුමක්ද කියලා?
භද්‍රාණි, මම පලමුවන ලිපිය ලියුවෙත් ඉන්ග්‍රිසියෙන්, මට සිංහල යතුරු පුවරුවක් නොමති නිසා. පරිවර්තනය කෙරුනේ ලංකාදිප කතුවරුන් විසින්. නමුත් මම හෙලකුරු පුවරුව සොය ගත්තා ඔබට සිංහලෙන්ම පිලිතුරු දෙන්නට. ඇමෙරිකාවත් ඔය අධ්‍යාපන යවත්කාලීන කිරීම කලා මීට අවුරුදු 30 කට පමන කලින්. එහෙම කරලා කාගෙනෙ ඉන්නෙ. මම කැමතී දැනගන්නට ඔබ කියන ඔය ලංකාවට අවශ්‍ය අධ්‍යාපන යවත්කාලීන කිරීම කුමක්ද කියලා?