IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රාජ්‍ය ඇමැති ඉන්ධන සහානයට එරෙහි පෙත්සම ලබන 2 විභාගෙට

 

(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

රාජ්‍ය අමාත්‍යවරුන්ට සුවිශේෂ ඉන්ධන දීමනා සහ අනිකුත් දීමනා රැසක් ලබා දීමට නියම කරමින් ජනාධිපති ලේකම්වරයා නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍ර ජයරත්න සහ ව්‍යාපාරිකයෙක් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම නොවැම්බර් දෙවැනිදා කරුණු තහවුරු කිරීම සඳහා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

ඇස්.තුරේරාජා, ශිරාස් ගුණරත්න සහ ජනක් ද සිල්වා මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලින.වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න සහ ව්‍යාපාරික සංජීව වික්‍රමනායක මහත්වරුන් වසින් ගොනුකර ඇති මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් වශයෙන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක, නීතිපති, අමාත්‍ය මණ්ඩලය සහ රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

පෙත්සමේ මෙසේද සඳහන් වේ.

රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා විශේෂ ඉන්ධන සහ වෙනත් සහන ප්‍රදානය කරමින් පසුගිය සැප්තැම්බර් 9 වැනිදා අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරන ලදි.එම ගැසට් නිවේදනය අනුව සෑම රාජ්‍ය අමාත්‍යවරයෙකුටම මසකට පෙට්‍රල් ලීටර් 1500 ක්ද දුරකථන 4 ක්ද පෞද්ගලික කාර්යය මණ්ඩලය 11 ක් ලබා දීමට තීරණය කර ඇත.

ඊට අමතරව දුරකථන දීමන වශයෙන් රුපියල් 6000 ක මුදලක්ද මාධ්‍ය ලේකම් ඇතුළු කාර්යය මණ්ඩලය පවත්වාගෙන යාමට දීමනාවක්ද නිවාස දීමනාවක්ද ලබා දීමට තීරණය කර ඇත.

රටේ මෙවැනි ආර්ථික අර්බුදකාරී තත්ත්වයක් තිබියදී රාජ්‍ය අමාත්‍යවරුන්ට මෙවැනි දීමනා ලබාදීම අසාධාරණ වන අතර පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමකි.එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට නියෝග කරන ලෙසද තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ප්‍රකාශ කරන ලෙසද අදාළ ගැසට් නිවේදනය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ උපුල් කුමාරප්පෙරු මහතා පෙනී සිටියේය.

නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරිස් පුල්ලේ මහතා පෙනී සිටියේය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් නීතිඥ කීර්ති තිලකරත්න මහතා සමග ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතා පෙනී සිටියේය.

 



අදහස් (0)

රාජ්‍ය ඇමැති ඉන්ධන සහානයට එරෙහි පෙත්සම ලබන 2 විභාගෙට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site