IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මන්ත්‍රී අමරකීර්ති වෙනුවෙන් කෝටියක වන්දියක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සාහසිකයන් පිරිසක් විසින් නිට්ටඹුවෙදී ඝාතනය කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා වෙනුවෙන් ඔහුගේ පවුලේ සාමාජිකයින්ට රුපියල් කෝටියක වන්දි මුදලක් ගෙවීමට කැබිනට් මණ්ඩලයේ  අනුමැතිය ලැබී ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී  අද (21)  පැවසීය.

ඒ අවස්ථාවේදී ඝාතනය කෙරුණු මන්ත්‍රීවරයයාගේ ආරක්ෂක නිලධාරියා වෙනුවෙන්ද වන්දි මුදල් ගෙවීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරයා  ප්‍රකාශ කළේය.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා  මෙසේද පැවසීය.

මිනී මැරෙනකොට සමහරුන්ට හිනාවෙන්න පුළුවන්. ඒ වගේම  මිනී මැරෙනකොට අඬන පිරිස වැඩියි කියලා මතක තියාගන්න. ඝාතනය කෙරුණු මන්ත්‍රීතුමාට  කෝටියක වන්දියක් දෙන්න  කැබිනට් මණ්ඩලය තීරණය කළේ ඒ නිසයි. මේ තීරණය ගත්තේ පසුගිය සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී.

මන්ත්‍රීවරුන්ගේ ජීවිත ආරක්ෂා කරනවා වගේම රාජ්‍ය සේවකයන් ජීවිත පූජා කරනවා නම් ඔවුනටද සහන දෙන්න ඕන. අපි එතෙන්ට එන්න ඕන. තිබුණ  නීති අපි අවම වශයෙන් වෙනස් කරලා තියෙනවා.



අදහස් (7)

මන්ත්‍රී අමරකීර්ති වෙනුවෙන් කෝටියක වන්දියක්

sharm warn Friday, 21 October 2022 01:23 PM

එතකොට එයා වෙඩි තියලා මැරිච්ච කොල්ලට ?අර නිට්ටඹුවේදී පොලිසියෙන් වෙඩි තියලා මරුන ළමයට ?එයාලට වන්දියක් දෙන්නේ නැද්ද?අපිද ඒක දෙන්න ඕනේ ?

:       11       44

පැරකුම්Friday, 21 October 2022 01:38 PM

ඔය කාගෙ කාගෙත් වන්දි ගෙවන්නෙ එයාල ගෙදරින් ගෙනත් නෙවෙයි ඒත් අපේම බදු සල්ලි වලින් තමයි.

:       1       21

නාකි කට හැකර කෑරලා Friday, 21 October 2022 02:16 PM

ගෑස් ටැංකි තෙල් පෝලිම් වල මැරුණේ අමරකීර්තිට වඩා කුලයෙන් බාල මිනිස්සු වෙන්නැති.

:       0       30

Dasa P Friday, 21 October 2022 05:13 PM

දේශපාලකයෝ අපායට ගියත් අපේ සල්ලි හොරාකන එක සක්කරයාගේ පුතා වයිමාටවත් නවත්වන්න බැහැ....

:       0       0

lankasri Friday, 21 October 2022 05:14 PM

එතකොට තව කෝටි 224යි ගෙවන්න වෙන්නේ. ඒත් පාඩු නැහැ...!

:       0       0

ජයරත්න Friday, 21 October 2022 07:41 PM

ඒ මරණය අතිශය කනගාටුදායක එකක් තමයි නමුත් මෙහෙම වන්දි ගෙවන්නෙ හරියට අම්මගෙ අප්පගේ බූදලෙන් වගේ

:       0       0

Bamunuarachchi Friday, 21 October 2022 08:28 PM

පාර් ලිමේන්තුවේ ඉන්න ජෙප්පෝ තුන්දෙනාගෙන් අයකර ගන්න. 225ම මැරුනොත් කෝටි 225 ක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site