(බී.ජී.චතුරංග)
මෙරට කාන්තාවන් 60 දෙනකු පමණ ඩුබායි රාජ්‍ය්‍යයේ අජ්මාන් නගරයේ රහසිගත නිවාසයක රඳවාගෙන ගෘහ සේවයට යවා මුදල් උපයාගන්නා ජාවාරමක් තිබෙන බවට ඊට හසුවූ කාන්තාවන් පිරිසක් හඬපට මගින් මෙරට ඥාතීන්ට දැනුම් දී ඇත.
ශ්‍රී ලංකික කාන්තාවන් තිදෙනකු එම නිවාසය බාරව කටයුතු කරන අතර ඔවුන් ඩුබාහි නිවාසවලට කතාකර කාන්තාවන් දින කීපයකට ඒවායේ ගෘහ සේවයට යවන අතර ඒ සඳහා ලැබෙන මුදල්ද ජාවාරම්කාර කාන්තාවන් විසින් ගනු ලබන බව ද එම කාන්තාවන් හඬපටවලින් ප්‍රකාශ කර ඇත.
දින පහකට හෝ සතියකට ආදී වශයෙන් ගෘහ සේවයට යොදවන කාන්තාවන්ට එම නිවෙස්හිමියන් කෑම බීම පවා නොදී දිනකට පැය 18ක පමණ කාලයක් වැඩ ගන්නා බව ද එහෙත් ඔවුන්ට කිසිදු මුදලක් නොලැබෙන බව ද ඔවුන් හඬපට ඔස්සේ ප්‍රකාශ කර ඇත.
අනුරාධපුර, කුරුණෑගල ආදි ප්‍රදේශවල කාන්තාවන් මෙම ජාවාරමේ සිරකාරියන්ව සිටින බවත් ඒ අතර වයස අවුරුදු 60ක මව්වරුන් දෙදෙනකු ද සිටින බවත් ඔවුන ප්‍රකාශ කර ඇත.
2025 දෙසැම්බර් මස 18
261
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉසුරු සොයා ගිය කතුන් 60ක් වද කඳවුරක
fairoos Wednesday, 19 October 2022 02:02 PM
ලංකාවේ තානාපති කාර්යාලවලින් කිසිම වැඩක් නැහැ.විදේශ ඇමති බුදි