(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රජරට විශ්ව විද්‍යාලයේ ඖෂධ විද්‍යාව පිලිබඳ මහාචාර්ය අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා ලොව මුල් පෙළේ විද්‍යාඥ ලයිස්තුවට( සියයට දෙකට) ඇතුළත් කරනු ලැබීම සම්බන්ධයෙන්  ඒ මහතාට විශේෂ ගෞරවය පුද  කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන  සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු පාර්ලිමේන්තුවේදී අද (19) පැවසූහ.

ඇමරිකා එක්සත් ජනපදයේ ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලය  එල්සිවයර් ප්‍රකාශකයන් එක්ව කළ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලාංකික විද්‍යාඥයන් 38 දෙනකු ලොව ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයන්ගේ ලයිස්තුවට ඇතුළත් කරනු ලැබ සිටින බවත් ඒ අයටද විශේෂ ගෞරවය පුද කරන බවත්  ඔවුහු සඳහන් කළහ.

මහාචාර්ය චන්න ජයසුමන මහතාට  විශේෂ ගෞරවය පුද කරමින් මුලින්ම අදහස් දැක්වූයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාය.

මහජන නියෝජිතයකු ලෙස මහාචාර්ය චන්න ජයසුමන මහතා ලැබූ එම ගෞරවය ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශංසාව පුද කරන බවද  හෙතෙම සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් කතානායකවරයා  කරුණු දැක්වූයේ ඉන් අනතුරුවය.