IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සංවර්ධන ලොතරැයි දුම්රියෙන් ප්‍රවාහනය කරයි

(යොහාන් භාසුර)

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි දුම්රියෙන් ප්‍රවාහනය කිරීමට එම මණ්ඩලය තීරණය කර තිබේ.

රාජ්‍ය ආයතන එකිනෙක අතර සබඳතාවයක් පවත්වා ගනිමින් කටයුතු කිරීමෙන් සෑම පාර්ශවයකටම වාසිදායක තත්වයක් නිර්මාණය වන බවත් දුම්රියේ ආදායම ඉහළ නංවා ගැනීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලොතරැයිපත් ප්‍රවාහනයට දරන පිරිවැය අවම කිරීමටත් එම වැඩපිලිවෙල ආයකවනු ඇති බවත් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, දුම්රිය නියාමකවරු, රියදුරන් සහ දුම්රිය ස්ථානාධිපතිවරුන් මෙම ජාතික වැඩපිළිවෙල සාර්ථක කරගැනීමට උපරීම සහයෝගය දක්වනු ඇති බවත් රටේ සියලු ප්‍රදේශ ආවරණය කරමින් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ හැකියාව දුම්රිය දෙපාර්තමේන්තුව සතු බැවින් ඉදිරියේදී මෙවැනිම තවත් පාර්ශවයන් සමඟ භාණ්ඩ ප්‍රවාහනය සඳහා වන ගිවිසුම් සඳහා එළබීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නිළධාරීන් සමඟ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එසේ පැවසීය.



අදහස් (4)

සංවර්ධන ලොතරැයි දුම්රියෙන් ප්‍රවාහනය කරයි

sharm warn Wednesday, 19 October 2022 01:55 PM

පස්ස රිදෙන්නම බිම ඇනිලා වගෙ. .ඇයි ඔය මොලේ ඉන්ධන ප්‍රවාහනය සම්බන්ධයෙන් පහල වෙන්නෙ නැත්තෙ?

:       0       6

තරංග Wednesday, 19 October 2022 01:56 PM

අන්තිම ගොන් වැඩක්. කෝච්චි පරක්කු වෙන හැටියට අද දිනුම් අදින ඒව හෙට තමා මිනිස්සුන්ට ගන්න වෙන්නෙ.

:       1       5

sharm warnWednesday, 19 October 2022 04:36 PM

බොලේ ඒක සුපිරි කතාව...

:       0       0

fairoos Wednesday, 19 October 2022 04:38 PM

බන්දුලයා කිව්වොත් කියන්නේ මේ වගේ ගොන් කතා...!

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site