(විමුක්ති එස් රුද්‍රිගු)
පුරවැසි සංශෝධන පනත යටතේ ශ්‍රී ලංකාව ආවරණය වී නොමැති වුවද,ශ්‍රී ලංකාවේ ජන වාර්ගික ආරවුල් හේතුවෙන් ඉන්දියාවට පලා ආ හින්දු දෙමළ ජාතිකයින්ටද ඉන්දීය පුරවැසිභාවය ලබා ගැනීම සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව හිමිවන බව මදුරාසි මහාධිකරණයේ විනිසුරු ජී ආර් ස්වාමිනාදන් මහතා ප්‍රකාශ කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
වාර්ගික ආරවුල් හේතුවෙන් ඉන්දියාවට පැමිණි දෙමාපියන් ශ්‍රී ලාංකික පුරවැසියන් වන එස්.අබිරාමි නමැති 29 හැවිරිදි තරුණියක් විසින් ගොනුකර තිබූ පෙත්සමක් විභාගයට ගනිමින් මදුරාසි මහාධිකරණය මෙම කරුණු දැක්වීය.
ඉන්දීය පාර්ලිමේන්තුව 2019 වසරේදී 1955 පුරවැසි පනත සංශෝධනය කළ අතර, එහිදී පාකිස්තානය, ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය වැනි අසල්වැසි රටවල පීඩාවට පත් වූ සුළු ජාතීන්ට ඉන්දියානු පුරවැසිභාවය ලබා ගැනීමට අවස්ථාව ලබා දුන්නේය.
පෙත්සම ගොනුකළ එස්.අබිරාමි නමැති තරුණිය, ශ්‍රී ලංකාවේ සිට පැන ආ යුවළකට දාව ඉන්දියාවේ ට්‍රිචි නගරයේදී උපත ලබා ඇත.දෙමාපියන් ශ්‍රී ලාංකිකයන් වීම හේතුවෙන් අවුරුදු 29 ගත වුවද ඉන්දීය පුරවැසිභාවය ලබා ගැනීමට හැකියාවක් ලැබී නැත.ඒ හේතුවෙන් ඇය මදුරාසි මහාධිකරණයේ ඉන්දීය පුරවැසිභාවය ලබා ගැනීම සඳහා පෙත්සමක් ගොනුකර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහෙද දැන් අපේ රටේ ජන වාර්ගික අර්බුදයක් තියෙන්නේ ? බලන්න විග්නේෂ්වරන් .ඔහු දකුණෙ ඉගෙනගෙන, රස්සාවක් කරලා, සිංහල පවුලකින් කසාදයකුත් කරගෙන. මේ සෙල්ලම තමයි තියෙන්නෙ. කොහොමත් ඉන්දියාවට ආදරේ සහ ඉන්දීය සම්භවයක් ඇති අය එහේ පදිංචි වුණාවෙ. ඒක එයාලගෙ කැමැත්ත.
ලංකාවේ සහ ඉන්දියාවේ තිබෙන ආගමන විගමන නීති සහ පුරවැසි නීති හදලා තිබෙන්නේ මිනිස්සුන්ට ඉතා කරදරකාරී ලෙසත් නිලධාරීන්ට ඕනේ විදිහට පගාව ගහන්න පුළුවන් ලෙසත් .මේවා එක්ක සංසන්ධනය කරලා බැලුවහම යුරෝපේ නීති ඉතා මානව හිතවාදී ලෙස පේනවා පේනවා .ජර්මනියේ අවුරුදු 8 නීත්‍යානුකුලව පදිංචි වෙලා ඉන්න විදේශික පුරවැසි මවකට හෝ පියෙකුට දාව ලැබෙන දරුවකුට උපතේදීම පුරවැසිකම ලබාගන්න පුළුවන් .ජර්මනියේ නීත්‍යානුකුලව අවුරුදු 8 ජීවත්වෙන ඕනෙම කෙනෙකුට පොලිස් වාර්තාව හොඳනම් ,එහෙ පුරවසිභාවය ලැබෙනවා ගියවසරේ පත්වුණ අලුත් ආණ්ඩුව මේ කාල සීමා තවදුරටත් අඩු කරලා,නීති ලිහිල් කරලා ,අපිත් මෙම නීති රීති අධ්‍යනය කරලා අපේ නීති වෙනස් කරගන්න යුතු කාලේ ඇවිත්
"පාකිස්තානය, ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය වැනි අසල්වැසි රටවල පීඩාවට පත් වූ සුළු ජාතීන්ට" මෙයින් වැරදි අදහසක් පාඨකයාට යනවා. මොකද මේ 2019 පුරවැසි සංශෝධන පණතෙ තියෙනවා මුස්ලිම් නොවන සුළු ජාතීන් කියලා. එය මේ පුවතේ හිතාමතා හෝ නොදැනුවත්වම මගහැර තියෙනවා.