(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් නොකිරීම සඳහා හේතූ ඇත්නම් ලබන මස 15 වැනිදා අධිකරණයේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙස නියම කරමින් අභියාචනාධිකරණය ඉදිකිරීම් කර්මන්ත සංවර්ධන අධිකාරීයේ සභාපති මහාචාර්්‍ය සොහාන් විජේසේකර මහතා ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලයට සිතාසි නිකුත් කළේය.

සේවය අවසන් කළ ඉදිකිරීම් කර්මන්ත සංවර්ධන අධිකාරීයේ මුල්‍ය අධ්‍යක්‍ෂ තරංග විශ්වජිත් සෙම්බුකුට්ටිආරච්චි මහතා යළි සේවයේ පිහිටුවමින් අභියාචනාධිකරණය දුන් නියෝගය අනුව කටයුතු නොකිරීමෙන් එම අධිකාරීයේ සභාපති මහාචාර්්‍ය සොහාන් විජේසේකර මහතා ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලයට එරෙහිව ගොනු කළ පෙත්සමකට අදාළව ජනාධිපති නීතීඥ දිල්රුක්‍ෂි ඩයස් මහත්මිය ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුව එලෙස සිතාසි නිකුත් කළේය.

අභියාචනාධිකරණ විනිසුරුවරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබු අවස්ථාවේදී එලෙස නියම කෙරිණී.

සේවය අවසන් කළ ඉදිකිරීම් කර්මන්ත සංවර්ධන අධිකාරීයේ මුල්‍ය අධ්‍යක්‍ෂ තරංග විශ්වජිත් සෙම්බුකුට්ටිආරච්චි මහතා යළි සේවයේ පිහිටුවමින් අභියාචනාධිකරණය දුන් නියෝගය අනුව කටයුතු නොකිරීමෙන් එම අධිකාරීයේ සභාපති මහාචාර්්‍ය සොහාන් විජේසේකර මහතා ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලයට එරෙහිව නඩු විභාගයක් පවත්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) වගන්තිය යටතේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ඔවුන්ට දඬුවම් පමුණුවන්නැයි ඉල්ලමින් තරංග විශ්වජිත් සෙම්බුකුට්ටිආරච්චි මහතා විසින් මෙම පෙත්සම ගොනු කරන ලදී.