(යොහාන් භාසුර)

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තුළ විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව වැඩි කරගැනීමට සහ මහජනතාවට අවශ්‍ය සේවාවන් ලබාගැනීම පහසු වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සියලුම අංශ වෝහාරික විගණණනයක් කිරීමට පියවර ගන්නා ලෙස විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා එම සංස්ථාවට උපදෙස්දී තිබේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තුළ අක්‍රමිකතා සිදුවන බවට මීට පෙර චෝදනා එල්ල වූ අතර විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මීට පෙර එම සංස්ථාව පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණිල්ලක් කළේය.