(මනෝප්‍රිය ගුණසේකර)

කොවිඩ් ව්‍යසනයෙන් පසු වත්මන් තත්වය ආහාර සුරක්ෂිත හා ජනතාවගේ පෝශණ තත්වය ඉහළ නැංවීම කෙරේහි රජයේ ප්රමුඛ අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජුලි ජේ.චං මහත්මියට ඊයේ (17) දැනුම් දුන්නේය.

දිවයිනේ තෝරාගත් රෝහල් සඳහා ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධති මෙනන්ම හදිසි ප්‍රතිකාර සේවා ඉහළ නැංවීම ඉලක්ක කර ගනිමින් ඇමරිකානු ඩොලර් 70000 ක් පමණ වටිනා හදිසි ප්‍රතිකාර මෙන්ම ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සඳහා අවශ්‍ය ඹෟෂධ හා වෛද්‍ය උපකරණ තොගයක් ජුලි ජේ.චං මහත්මිය විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේදී සෞඛ්‍ය අමාත්‍යවරයාට බාර දීමේ අවස්ථාවේදී කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඒ බව දැනුම් දුන්නේය.

රජය සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ ඉහළම අවධානය යොමු කර ඇති අවස්ථාවක ආහාර සුරක්ෂිතතාවය සහ ජනතාවගේ පෝෂණ තත්වය පිළිබඳවද අවධානය යොමු කොට ඇති බව කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් දැනුම් දුන්නේය.