
(විමුක්ති එස් රුද්‍රිගු)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා මහත්මිය සමග පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික රැස්වීම අවසන් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.
එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා දුෂ්කර නමුත් අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජෝර්ජීවා මහත්මිය ශ්‍රී ලංකා රජයට ප්‍රශංසා කළ බව ෂෙහාන් සේමසිංහ මහතා පැවසුවේය.
එසේම හැකි ඉක්මනින් ශ්‍රී ලංකාව ස්ථාවර සහ තිරසාර වර්ධන මාවතකට ගෙන ඒම සඳහා ශ්‍රී ලංකාව සමඟ කටයුතු කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කැපවන බවට ජෝර්ජීවා මහත්මිය සහතිකයක් ලබාදුන් බව සේමසිංහ මහතා සඳහන් කළේය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී මසහිරෝ නොසාකි, ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් ඇතුළු නිලධාරීන් පිරිසක්ද සහභාගී වී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඒක ඉවර උන එක හොඳයි. එබැවින් ශ්‍රී ලාංකිකයන් වන අපි මෙම සාකච්ඡා වල ප්‍රතිඵලය බලා සිටිමු. මුදල් පිළිබඳ කනිෂ්ඨ අමාත්‍යවරයා නියෝජිත පිරිසට මගියෙකු නොවී සාකච්ඡා සඳහා ධනාත්මක දායකත්වයක් ලබා දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
ෂෙහාන් සේමසිංහට ආර්ථික විද්‍යාව ගැනවත් මුදල් කළමනාකාරිත්වය ගැනවත් සුදසුකම් තියෙනවද ඔය සමුළු සාකච්චා වලට ගිහින් කතාකරන්න.?
මේක නිකම් පූසට අහුවුණු මී පැටියෙක් වගේ. එහෙට මෙහෙට දදා සෙල්ලම් කරලා අන්තිමට ඔළුවම කාලා අත අරිනවා.