(සුජිත් හේවාජුලිගේ )
රජරට විශ්ව විද්‍යාලයේ ඖෂධ විද්‍යාව පිලිබඳ මහාචාර්ය අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතාද ලොව ඉහළම විද්‍යාඥයන්ගේ ලයිස්තුවට ( සියයට දෙකට) ඇතුළත් කරනු ලැබ සිටී.
ඇමරිකා එක්සත් ජනපදයේ ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලය එල්සිවයර් ප්‍රකාශකයන් සමග එක්ව කරන ලද නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලාංකික විද්‍යාඥයෝ 38 දෙනෙක් ලොව ප්රමුඛ පෙළේ විද්‍යාඥයන්ගේ ලයිස්තුවට ඇතුළත් කරනු ලැබ සිටිති. මහාචාර්ය චන්න ජයසුමන මහතා ඇතුළත්ව ඇත්තේද එම ලයිස්තුවටය.
මෙලෙස ඇගයීමට ලක් වූ ශ්‍රී ලාංකික විද්‍යාඥයන් අතර මහාචාර්ය මෙත්තිකා විතානගේ, සේනක රාජපක්ෂ, රනිල් ජයවර්ධන, නිමල් සේනානායක, සරෝජ් ජයසිංහ, එස්.ඒ.එම් කුලරත්න, ජනක ද සිල්වා, මහාචාර්ය නීලිකා මලවිගේ, කමණි මෙන්ඩිස් යන ශ්‍රී ලාංකික මහාචාර්ය මහාචාර්යවරියෝද වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකටද අර සාෆි දොස්තර වද සැත්කම් කරපු එක හොයා ගත්තටද .
ඔය ප්‍රබලම විදාඥයන්ට ඇමරිකාවෙන් ලොකු ඉලුමක් ඇති. එහාට ගිහින් සේවය කරල රටට ඩොලර් එවන්න පුලුවන්නම් වසර කීපයකින් අපේ ණය ගෙවල ඉවර කරන්න පුළුවන්.
කොහොමද අපේ නාත දෙවියන්ගෙ බලේ?
ඔබ විශිෂ්ටයෙක් .අපේ රටේ දේශපාලකයන්ට ඔබ වැනි උගතුන්ගෙන් සේවය ගන්න අවශ්‍යතාවයක් නැහැ.වැඩ බැරි එහෙයියන්ට තමා තැන
පොහොට්ටු කාරයෝ දක්ෂ මොකටද කියලා රට ජනතාව හොන්දටම් දන්නවා
ලොව පුරා ලාංකික සම්භවය ඇති (පළමු උපාධිය දක්වා ලංකාවේ ඉගෙන ගත්) විද්‍යාඥයන් 2498 ක් මේ ලිස්ට් එකේ ඉන්නවා. ලංකාවේ ඉන්නේ 38 යි. අහෝ ඛේදයකි
ඒගොල්ලෝ නැත දෙයියෝ ගැන දන්නේ නැතුව තෝරා ගත්තාද නැතිනම් නැත දෙයියෝ එයාලව අමතලා මෙයාව තෝරලා දුන්නද දන්නේ නෑ.මහාචාර්ය ජයසුමන මහත්තයා හොඳ බුද්ධිමතෙක් වෙන්න පුළුවන් .හැබැයි මන්ත්‍රී ජයසුමන ගොයියා නම් අමු හරකෙක් .නැතිනම් කපුටෙකුගේ පදයට නටලා හෙළුවෙන් යයිද ?
ෂුවර් එකටම ඔය තේරීම් කවුන්සිලේ උන්න උදවියට ලොකු මොලේ අමාරුවක් ඇති නැත්නම් මේ හාදය විද්‍යාවට කොරපු සේවේ මොකද්ද ? CKDU වලට හේතුව ගල්යිකොසේට් කියල හොයාගතපු එකද ? නැතිනම් කොරෝන දම්මික පැණියෙන් සනීප වෙන කියල හොයාගතපු එකද ? එහෙමත් නැත්නම් අර කූප්රකට ගණිත මහදුරා ( ඔහුග උගත් කමට ගරු කරමි ) පස්සෙන් ගිහින් නාථ දෙවියන් හම්බු උන එක ගැනද ?
මෙයා දක්ෂ විද්‍යාඥයෙක් . දේශපාලනය ට ආපු එකෙන් කරගත්තේ වරදක් .
අනේ මන්ද, ඇමරිකන් කාරයොත් දැන් තමයි දැනගෙන තියෙන්නේ, කොවිඩ් වලට පැණි හදපු අපේ රටේ විද්‍යාඥයින්ව. ඒ විතරක්ද, පැලෝපීය නාල මිරිකලා, කාන්තාවන් වඳ කල බව ප්‍රථම වරට සොයා ගත්තෙත් අපේ මේ සිරි ලාංකික විද්වතුන්නේ. චන්දයක් කිට්ටු වෙනකොට, තව කොච්චර නව සොයා ගැනීම් කරයිද කියලයි මම මේ කල්පනා කලේ. ඒ අතින් නම් ඇමරිකාවේ බයිඩන් මහත්තයටත් ප්‍රයෝජනයට ගත හැකි වියතුන් ඕනා තරම් ලංකාවේ ඉන්නවා. ඔය ස්ටැෆර්ඩ් විශ්ව විද්‍යාලෙට අපේ විද්වතෙක් එහෙම රිංගා ගෙනද කියල පොඩ්ඩක් හොයල බලන්න ඕනා කෝකටත්...
ඔක්කොම මොල කාරයො ඉන්නව රටෙ....හැබැයි රට වලපල්ලෙ බංකොලොත් දරුවන්ට මන්දපෝෂනේ.
හොරට ලියලා පෙරකදෝරුවෝ වෙච්චි දූෂිත දේසපාලුවන්ගේ නම් ලැයිස්තුවක් තිබුනානම් ලන්කාව ඉදිරියෙන්ම ඇති.
හරියට අර්තයක් කියවීමක් නොදැන දේශපාලනය ව්තරක් බලල කමෙන්ට් දාන උන්දැල ගැන ලැජ්ජයි.
පැණි ධම්මිකත් එකතු වුණා නම් තමා හොඳ.
මේ ගොල්ලන්ව තෝරා තිබුනේ පත්තරවල නම පලවී තිබුණ වාර ගණන නිර්ණායකය අරගෙනලු.
කමෙන්ට් දාන ඇතැම් දේශපාලනයෙන් අන්ධ වුවන් අය නොදන්නා දේ සාෆි තවම නිදහස් නැත. නඩුව විභාග වේ. ඔහු මුලදී වැඩ තහනම් කිරීමට නියමිත වුවද රාජිත සේනාරත්න ගේ බලපෑමෙන් එසේ නොකර අනිවාර්ය නිවාඩු යැවීම නිසා ඔහුට පඩි ගෙවීමට සිදු විය. නමුත් ඔහු නිදහස් වී නොමැත. ඔහුට එල්ල වූ චෝදනාවලට මූලික විමර්ශනයෙන් වැරදිකරු වී ඇත. පමණක් නොව රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් ද ඇතැම් වැරදිවලට ඔහු වැරදිකරු කර ඇත. මහාචාර්ය ජයසුමන මැදිහත් වී ධම්මික පැණිය පිළිබඳව නිසි පර්යේෂණයක් සිදු කරවා එහි කිසිදු අගයක් නැති බව පහදා නොදෙන්නට ලංකාවේ මෝඩයෝ තවමත් ඒ පැණිය පිටිපස්සේ දුවනවා ය.
ලොව පුරා ලාංකික සම්භවය ඇති (පළමු උපාධිය දක්වා ලංකාවේ ඉගෙන ගත්) විද්‍යාඥයන් 2498 ක් මේ ලිස්ට් එකේ ඉන්නවා. ලංකාවේ ඉන්නේ 38 යි. අහෝ ඛේදයකි// මෙය අමුලික බොරුවකි. ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දැනට ශ්‍රී ලංකාවේ ජීවත්නොවන 14 දෙනෙක් පමණක් මේ ලැයිස්තුවේ ඇත. තමන්ගේ මිනිසුන් අවතක්සේරු කරන, තමන්ගේම මිනිසුන්ට අපහස කරන මෙවන් වෙනත් ජාතියක් ලොවේ විය නොහැක.
ඔබතුමා රටට ගෞරවයක්
අනේ අපිටනම් එහෙම දැනෙන්නේ නැහැ.
අපේ රටේ මනුස්සයෙක් ලෝකෙම පිළිගත්තත් අපේම සමහර මිනිස්සු අතර පිළිගැනීමට ලක් වෙන්න නම් එම පුද්ගලයා උන්ගේ දේශපාලන පක්ෂේ හෙන්චයියෙක් වෙන්න ඕන. බලන්න සමහර කොමෙන්ටුවන්ගේ තියෙන ඉරිසියාව, ක්‍රෝධය, වෛරය. කතාව නම් සිස්ටම් චේන්ජ් කරන්න.
පළමුවෙන්ම, ඔහු මෙම තනතුරට සුදුසු විය. ඔහු වයසින් මුහුකුරා ගොස් පරිණත වන විට ඔහු දක්වන දස්කම් අගය කිරීම ගැන මම ඉතා සතුටු වෙමි. මගේ අදහස නම් ලංකාවේ දේශපාලන මඩ ගොහොරුව ඔහුට ගැලපෙන්නේ නැත. එහෙත් යම් දිනක මෙහි සැබෑ දේශපාලනයක් මතු වුවහොත් ඔහුගේ ගමනාන්තය ඉතා ඉහළ තනතුරක් බව පැහැදිලිය. ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරන අතර ඔහුට සැමදා ආශිර්වාද ලැබේවා.
මේකෙ අදහස් දාපු සමහර අය හිතන්නේ මේ ලැයිස්තු හදන්නේ ලංකාවෙ පාර්ලිමේන්තු වේ කියලා . මෝඩ කතා කියන්න එපා. මේ චන්න මේ රටට එපා නම් රටවල් එකහෙලා බලන් ඉන්නව මෙයාල ඒ රටවලට ගන්න
මෙහෙමයි ඉතින් "ගහ දන්නා අපට කොළ කඩා පාන්න එපා" කියල තමයි මට නම් මේ වගේ සුන්දර ලිපි වලට කියන්න තියෙන්නේ. ඇමරිකා එක්සත් ජනපදයේ ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ශේණිගත කිරීමට අනුව, ලෝකයෙන්ම 1,05,029 (දස ලක්ෂ පන්දහස් විසිනවයක්) විද්‍යාඥයින් අතුරින් ලංකාවෙත් විද්‍යාඥයින් 24 කගේ නම සඳහන් වී තිබෙනවා. මේ සංඛ්‍යාවට ඉන්දියාවෙන්, 3352, පකිස්තානයෙන් 379, තායිලන්තයෙන් 263, බංගලාදේශයෙන් 97 වශයෙන් සටහන් වී තියනවා. ඔබට සතුටුයිද දැන් කියල තමයි මට නම් අහන්න තියෙන්නේ???
හරි මේ 2% අතරට තේරුණ අය අතරින් බහුතරයක් ජාතික ලැයිස්තුවෙන් කවුසිලේට යවමුද ටිකක් හරි මේ තියන ප්‍රශ්න විසඳගන්න පුළුවන්.