ඔන්චිල්ලාව දරුවාට මරු කැඳවයි ගිරිඋල්ල බෝපිටිය මත්තෙගම රෝයල් ගාර්ඩන් හී පදිංචි 14 හැවිරිදි පාසල් සිසුවකු ගසක් උඩ ලණුවක ආධාරයෙන් සෙල්ලම් කරද්දී ලණුව ගෙලෙහි සිරවී මියගොස් ඇති බව ගිරිඋල්ල පොලීසිය කියයි. 07 April 2023
නිදන් හෑරු හතරක් මාට්ටු බුලත්සිංහල කොබවක දෙහිගහවල ප්‍රදේශයේ නිදන් ගැනීමේ අදහසින් කැනීම් සිදු කරමින් සිටි බව කියන සිව්දෙනකු කැනීම් උපකරන සමග අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි. 07 April 2023
තෙහෙට්ටුවට මග නතර වූ කපිතාන්ගේ යතුරු පැදිය උස්සලා සාදයකට ගොස් එමින් සිටියදී නිදිමත නිසා යතුරුපැදිය නවතා නිදාසිටි යුධ හමුදා කපිතාන් වරයෙක්ගේ යතුරුපැදියක් සොරකම් කර ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි . 07 April 2023
පළාත් රැසකට සවස තද වැසි බස්නාහිර, සබරගමුව, දකුණු, ඌව, මධ්‍යම, වයඹ සහ උතුරුමැද පළාත්වලත්, මන්නාරම දිස්ත්‍රික්කයේත් අද (7) දිනයේත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 07 April 2023
රුසියානුවා සුද්දාට ගහලා උණවටුන සංචාරක කාර්යාංශය තුළ දී එංගලන්ත ජාතික සංචාරකයකුට පහර දුන්නේ යැයි කියන රුසියානු ජාතික සංචාරකයකු හබරාදූව සංචාරක පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 07 April 2023
රාජ්‍ය සේවා කොමිසම පත් කරයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය සේවා කොමිෂන් සභාව සඳහා සාමාජික සාමාජිකාවන් පත් කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත මෙම පත් කිරීම් කර තිබෙි. 06 April 2023
ගම් දෙකක ධීවරයෝ ගැටී 6 ක් රෝහලේ ත්‍රිකුණාමලය පොලිස් වසමට අයත් තිරුකඩලූර් හා ඊට යාබද විජිතපුර යන ගම්මාන දෙකේ ධිවරයන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් ධීවරයන් 6 දෙනෙකු ත්‍රි‘මලේ රෝහලට ඇතුළත් කර ඇති බව ත්‍රි‘මලේ පොලිසිය පවසයි. 06 April 2023
ලංකාවේ සංවර්ධන ප්‍රතිපත්ති ලෝක බැංකු නියෝජිතයන්ගේ ප්‍රසාදයට ලංකාවේ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ ලෝක බැංකු නියෝජිතයන් ප්‍රසාදය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි. 06 April 2023
ත්‍රස්ත විරෝධී පනත හකුලා ගන්නේ නම් ලිඛිත ප්‍රකාශයක් ඕනෑ ත්‍රස්ත විරෝධී පනත හකුලා ගන්නේ නම් රජය ඒ සම්බන්ධයෙන් ලිඛිත ප්‍රකාශයක් ලබාදිය යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී ප්‍රකාශ කළේය. 06 April 2023
ලංකා සතොස බඩු මිල බහී ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 3 ක මිල තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ. 06 April 2023
ලොකුම කුඩු සිද්ධියේ සැකකරුවෝ නිදොස් කොට නිදහස් ශ්‍රී ලංකාවට මහත් තර්ජනයක්ව පවතින මත් කුඩු කිලෝ 196ක් ලංකාවට රැගෙන එද්දී මහමුහුදේදී අත්අඩංගුවට ගන්නා ලද කුඩු ජාවාරම්කරුවන් පස්දෙනාට එරෙහි චෝදනාවල පැමිණීල්ල දෙදරා ගොස් ඇතැයි ඒකමතිකව තීන්දු කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුවෝ 05 දෙනාම අද (06) නිදොස් කොට නිදහස් කළේය. 06 April 2023
උඩරට මාර්ගයේ දුම්රිය පිලී පැනලා කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය තලවකැලේ හා වටගොඩ දුම්රිය ස්ථාන අතර අද (6) පස්වරු 05.00 ට පමණ පීලී පැනිමකට ලක් වූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය. 06 April 2023
ලංකාවෙි ව්‍යාපාර ගොඩනැගීම ගැන ජර්මනියෙන් සහතිකයක් ශ්‍රී ලංකාවෙි ව්‍යාපාර ගොඩ නැගීම සඳහා කැපවී ක්‍රියා කරන බව ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිත පිරිසේ (AHK Sri Lanka) ප්‍රධාන නියෝජිතවරිය වන මාරි ඇන්ටෝනියා වොන් ෂොන්බර්ග් (Marie Antonia von Schönburg) මෙනවිය දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා හමුවේ පැවසීය. 06 April 2023
ආනයන සීමා ලිහිල් කිරීම මහ බැංකුව වගකීමෙන් සිදුකළ යුතුයි ආනයන සීමා ලිහිල් කිරීම ඉතා වගකීමෙන් සහ ක්රමාණුකූලව සිදුකිරීමට මහ බැංකුව සහ මුදල් අමාත්‍යංශය වගබලාගත යුතුයැයි ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය. 06 April 2023
එංගලන්ත යුවළගේ ලක්ෂ 10 ක සල්ලි-දේපොළ සොරාගෙන වස්කඩුව අතිසුඛෝපභෝගී සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි එංගලන්ත ජාතික යුවලගේ රුපියල් ලක්ෂ දහයකට අධික වටිනා විදේශීය මුදල් ඇතුළු තවත් වටිනා දේපල බහා තිබූ සේප්පුව ( ලොකරය) ඊයේ (5) රාත්‍රී සොරාගෙන ගොස් ඇතැයි කළුතර උතුර පොලිසිය කියයි 06 April 2023
ඉල්ලීම්වලට පිළිතුරක් ලැබෙනතුරු උසස් පෙළ පිළිතුරු පත්‍ර බලන්නේ නෑ සිය ඉල්ලීම් වෙනුවෙන් කිසියම් සහනයක් හෝ ලබාදෙන තෙක් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවලට සම්බන්ධ නොවන බව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සදහන් කරයි. 06 April 2023
රාජිත අවුරුද්දට කලින් වෙඩිල්ලක් පත්තු කරයි ජනාධිපති ආර්ථිකය ගොඩ දැමීමේ නැතැයි කියන්න ’’අපි අන්ධයන් දැයි’’ සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී පැවසීය. 06 April 2023
ධීවර සංස්ථාවට නව සභාපතිවරයෙක් ලංකා ධීවර සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස දකුණු පළාත් සභා හිටපු ඇමැතිවරයකු වූ ඩී.වී.උපුල් මහතා පත් කර ඇත. 06 April 2023
කේතයට පිටු පෑ ඉන්ධන හල් 40කට වැඩ වරදි කිව්.ආර්. කේතයට පටහැනිව දිගින් දිගටම ඉන්ධන අළෙවිය කළ ඉන්ධන පිරවුම්හල් 40 ක ඉන්ධන අළෙවිය තහනම් කළ බවත් සියලුම ඉන්ධන පිරවුම්හල් ඉන්ධන ටැංකි ගබඩා තුළ ධාරිතාවෙන් අවම සියයට 50 ක ඉන්ධන තොග පවත්වාගෙන යායුතු යැයි කොන්දේසියක් පැනවූ බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 06 April 2023
ප්‍රතිත්‍රස්ත පනත කල්යයි ත්‍රස්තවාදය වැළැක්වීමේ විශේෂ විධිවිධාන ඇතුළත් ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තවත් සති කීපයක් ප්‍රමාද කිරීමට තීරණය කළ බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. 06 April 2023
ධනුෂ්කගේ ඇප කොන්දේසි තවත් ලිහිල් වෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ධනුෂ්ක ගුණතිලකගේ ඇප කොන්දේසි තවත් ලිහිල් කිරීමට සිඩ්නි ඩවුනින්ග් සෙන්ටර් මහෙස්ත්‍රාත් අධිකරණය අද(6) නියෝග කළේය. 06 April 2023
ත්‍රිවීලර් ජාවාරමුන්ට වැඩ වරදී සොරකම් කරන ලද ත්‍රිරෝද රථවල චැසි හා එන්ජින් අංක වෙනස් කර මෙන්ම පාට හා හැඩතල වෙනස් කර විකිණීමේ ජාවාරමක නිරත වූ තිදෙනෙකු යුත් සංවිධානාත්මක කල්ලියක් අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි. 06 April 2023
මෝදර මයියා මත්කුඩු සමඟ අල්ලයි හරක් කටා සහ පානදුර සළිදු නමැත්තන් සමග මැඩගස්කරයේදී අත්අඩංගුවට පත් තරංග නැමැත්තාගේ මස්සිනා බව කියන මෝදර මය්යා නැමති අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයකු හෙරෝයින් මත්කුඩු තොගයක් සහ රුපියල් ලක්ෂයකට ආසන්න ජාවාරම් මුදල් සමග අත්අඩංගුවට ගත්බව එගොඩඋයන පොලිසිය පවසයි . 06 April 2023
රුමේනියාවට නව තානාපති කාර්යාලයක් රුමේනියාවේ නව තානාපති කාර්යාලයක් පිහිටුවීමට කටයුතු කරගෙන යන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීහු ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේදී පැවසූහ. 06 April 2023
‘අයිතිකරුවන් නැත්නම් කළුබෝවිල තැනක් නෑ‘ කළුබෝවිල ශික්ෂණ රෝහලට බාහිරින් රැගෙන එන නාඳුනන හා අයිතිකරුවෙකු නොමැති මළ සිරුරු අද (06) සිට එහි මෘත ශරීරාගාරයෙන් තාවකාලිකව භාර නොගැනීමට රෝහල් පාලනාධිකාරිය පියවර ගෙන ඇතැයි කළුබෝවිල ශික්ෂණ රෝහල පවසයි. 06 April 2023
පැමිණිල්ලක් විභාග කරද්දී පැමිණිලිකරු මරුට කළුතර දකුණ පොලිසියේ සුළු පැමිණිලි අංශයේ පැමිණිල්ලක් විභාග කරමින් සිටීයදී පැමිණිලිකරු හදිසියේ ඇදවැටී මියගොස් ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි . 06 April 2023
මඩ පෝර ගන්න කාලයක් රජය විසින් නොමිලේ දෙන මඩ පොහොර හෙවත් TSP පොහොර මෙතෙක් ලබා නොගත් සියලුම ගොවීන් අප්‍රේල් 10 ට පෙර ඒවා ලබා ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය ඉල්ලා සිටී. 06 April 2023
හිරු රැස් දැඩි වෙයි සූර්යයා දෘෂ්‍ය ලෙස උතුරට ගමන් කිරීමේදී ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම ඊයේ (5) සිට ආරම්භ විය. 06 April 2023
රන්බඩු-ලැප්ටොප් සොරකම් කළ හිටපු රාජ්‍ය සේවකයාට වැඩ වරදී දිවා කාලයන්හි නිවෙස් වල දොරගුලු කඩා ඇතුලුවී රන් භාණ්ඩ හා ලැප්ටොප් පරිඝනක හා ජංගම දුරකතන සොරාගන්නා හිටපු රාජ්‍ය සේවකයෙකු කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 06 April 2023
විරෝධතාවකට ගිය පී.සී ගේ වැඩ තහනම් ජල , විදුලි බිල් වැඩි කිරීමට එරෙහිව අම්පාර ගොනාගොල්ල හන්දියේ පැවති ජාතික ජනබලවේගයේ විරෝධතාවයකට එක්ව සිටී පොලිස් කොස්තාපල්වරයකු වැඩ තහනම් කළ බව පොලිස් මූලස්ථානය පවසයි 06 April 2023
ජැක්ලින් වින්දිතයෙක් - අධිකරණය කියයි ඉන්දීය ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාකරුවකු මෙන්ම කප්පම්කරු ලෙස ද සැලකෙන සුකේෂ් චන්ද්‍රසේකර් සම්බන්ධ ඉන්දීය රුපියල් කෝටි 200 ක මුදල් විශුද්ධිකරණ නඩුවට මැදි වී සිටින ශ්‍රී ලංකික බොලිවුඩ් නි.. 02 June 2026