(යොහාන් භාසුර)

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මුතුරාජවෙල පර්යන්ථයෙන් මුදල් ගෙවා ඇනවුම් කළ ඉන්ධන පැටවූ බවුසර් 40 කට ආසන්න සංඛ්‍යාවකට ඊයේ (31) පස්වරුවේ එම පර්යන්ථයෙන් පිටවීම නොදීම නිසා එම ඉන්ධනහල් හිමියන්ට වැඩි වූ මිල ගණන් යටතේ ඉන්ධන මිලදී ගැනීමට සිදූ බවත් බව ඉන්ධන පිරවුම්හල් හිමියෝ චෝදනා කරති.

එම ඉන්ධන බවුසරවල ඉන්ධන ලීටර ලක්‍ෂ 3 කට ආසන්න සංඛ්‍යාවක් ගබඩා කර තිබූ බවත් එම ඉන්ධනවලට වැඩි වූ මිල ගෙවීමට සිදුවන තත්වයක් උද්ගත වී ඇති බවත් පිරවුම්හල් හිමියෝ කියති.

පිරවුම්හල් ඉන්ධන ඇනවුම් නොකරන්නේ යැයි බලශක්ති අමාත්‍යවරයා චෝදනා කළ පසුබිමක් තුළ මේ ආකාරයට මුදල් ගෙවූ ඇනවුම් සිරකිරීම අනුමත කළ නොහැකි බවත් හිරවුම්හල් හිමියෝ සඳහන් කරති.

මෙම සිද්ධිය පිළිබඳව මුතුරාජවෙල පර්යන්ථයේ උසස් නිලධාරියෙක්ගෙන් කළ විමසුමකදී පැවසුවේ ඔහු ඊයේ දිනයේ කලින් සේවය අවසන් කර පිටව යෑම නිසා එම සිද්ධිය පිළිබඳව නොදන්නා බවයි.