
(විමුක්ති එස් රුද්‍රිගු)
හමුදා කුමන්ත්‍රණයෙන් පසු බලයෙන් නෙරපා දමා අත් අඩංගුවට ගනු ලැබූ මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සුකීට මියන්මාර මිලිටරි ජුන්ටාව පොදු සමාව ලබා දී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත.
අවුන් සාන් සුකී හමුදා කුමන්ත්‍රණයකින් 2021 වසරේ නෙරපා හැරීමෙන් පසුව නිවාස අඩස්සියට පත් වූවාය.බෞද්ධ වස් කාලය වෙනුවෙන් සිරකරුවන් 7000 ක පමණ පිරිසකට පොදු සමාව ලබා දීමට මිලිටරි ජුන්ටාව තීරණය කර ඇති බවත් ඒ යටතේ මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සුකී හටද සමාව ලබා දී ඇති බවත් මියන්මාර මාධ්‍ය පෙන්වා දී තිබේ.
නමුත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්කයි පුවත් සේවය පෙන්වා දෙන්නේ මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සුකී හට මිලිටරි ජුන්ටාව පොදු සමාව ලබා දී ඇත්තේ චෝදනා 5 ක් සඳහා පමණක් බවයි.චෝදනා 5 ක් සඳහා සමාව ලබා දුන්නත් ඇයට එරෙහිව තවත් චෝදනා 14 ක් තිබෙන බව ස්කයි පුවත් සේවය වාර්තා කර ඇත.වසරකට ආසන්න කාලයක් බන්ධනාගාරගතව සිටීමෙන් පසුව ඊයේ(31) ඇයව රජයේ වෙනත් ගොඩනැගිල්ලක් කරා රැගෙන ගිය බවත් චෝදනා 5 ක් සඳහා පොදු සමාව ලබා දුන්නද ඇය තවදුරටත් නිවාස අඩස්සියේ සිටිනු ඇති බවත් ආරංචි මාර්ග පෙන්වා දී ඇතැයි ස්කයි පුවත් සේවය සඳහන් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී නායිකාව රෝහීන්ගයා මුස්ලිම් ජනතාව සමූල ඝාතනය කිරීම නම් හරිම අපූරුයි. මැය එරට පාලනය කළ අවධියේ කරලියේ පිනුම් ගහපු, "තලෙයිබාන් චිරතු" ලා දැන් ආගිය අතක් හොයා ගන්න නැහැ. ඒ කාලේ ලංකාවටත් වැඩම කළානේ... ලංකාවේ තලෙයිබාන් කල්ලිය උද්යෝගිමත් කරන්න... මම නම් කියන්නේ මේ උමතු දුෂ්ඨ කාන්තාවට ප්‍රසිද්ධියේ මරණ දණ්ඩනය ලබාදිය යුතුයි. ප්‍රජාතන්ත්‍ර වාදය නාමයෙන් යුරෝපයත් රවට්ටපු මැයට මිලිටරි ජුන්ටාව සලකන විදිහ හොඳයි...
මහාත්මයා ඔබ මුස්ලිම් ජාතිය පැත්ත අරගෙන කතා කරනවා මුස්ලිම් අන්තවාදි කොච්චර මිනිස්සු බිලිදුන්න ද තලේබාන් මිනි මරැවෝ ඇෆ්ගනිස්තානයේ තව අයි.එස් එතකොට එවා හොදද ඔබ හිතන්නේ ඒක පාර්ශවයේ ඉඳගෙන අවුං සකි සුන් කියන්නේ හොද පිං කරන බෞද්ධ නායිකාවක් ඔබට පෙන්නේ ඇය මිනිමැරැවයි කියලා ඇය නෙමෙයි මිනිස්සු මැරැවේ මේ දැන් තියන හමුදාව ඒ ඇය නෙරපන්න කුමන්ත්‍රණ කරලා ඇයව පහාකරන්නයි