(විමුක්ති එස් රුද්‍රිගු)
නාසා ආයතනය ලබා දුන් වැරදි විධානයන් කිහිපයක් හේතුවෙන් වොයේජර් 2 අභ්‍යවකාශ යානය පෘතුවිය සමග තිබූ සම්බන්ධය තාවකාලිකව බිඳ වැටී ඇත.වොයේජර් 2 අභ්‍යවකාශ යානය පෘතුවියට කිලෝ මීටර් බිලියන 19.9 දුරින් ස්ථානගත වී තිබේ.මිනිසා ඈත විශ්වය වෙත දෙවැනි ස්ථානයට වැඩිම දුරක් යවා ඇති වස්තුව වොයේජර් 2 අභ්‍යවකාශ යානය වේ.
එම ලබා දුන් වැරදි විධානයන් හේතුවෙන් වොයේජර් 2 අභ්‍යවකාශ යානයේ ඇන්ටනාව අංශක දෙකකකින් පෘතුවියෙන් ඉවතට හැරීයාම නිසා වොයේජර් 2 යානය සහ පෘතුවිය අතර තිබූ සබඳතාවය තාවකාලිකව බිඳ වැටි තිබේ.කිලෝ මීටර බිලියන 19.9 ක දුරක සිට පෘථිවියට සංඥාවක් පැමිණීමට පැය 18කට වඩා කාලයක් ගතවන බවද නාසා ආයතනය පෙන්වා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකෙට පරකාසේ... ගෙදරට මරගාතේ... ලෝකයාට කියන්නේ නැවැරැදි තීන්දු, තීරණ ගන්නවා කියලා නේද?
අපේ උසාවියක නඩුවක් දාන්න ඕනෑ වැඩක්...
අයියෝ ඕක මොකක්ද, සිරි ලංකාවේ නියම විදාන වලින් රටක්ම බංකොලොත් කොරලා තියෙන්නේ.
චිචීට මුකුත් කරන්න බැරිද
වැරදිලාවත් රුසියාවට හරවල තිබෙන මිසයිල වලට වැරදි විධානයක් දුන්නොත්?