(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

රහස් පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මාවතගම, වාගොල්ල වත්ත ප්‍රදේශයේ පිහිටි මුදල් පොලියට ලබා දීම සහ ව්‍යාපාර කටයුතු සිදුකරගෙන යනු ලබන අයෙකුගේනිවසට කඩා වැදුණු පුද්ගලයින් තිදෙනෙකුඑම ව්‍යාපාරිකයා සහ ඔහුගේ බිරිඳ පැළඳ සිටි රුපියල්5,600,000වටිනා රන් භාණ්ඩ කොල්ල කාගෙන පලාගොස් ඇතැයි මාවතගම පොලිසිය පවසයි.

වෑන් රථයකින් පැමිණිරහස් පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි මෙම කණ්ඩායම ව්‍යාපාරිකයාට සහ ඔහුගේ බිරිඳට පිස්තෝලයක් එල්ල කර මරා දමන බවටඅරගෙන එක් කර ඔවුන් පැළඳ සිටි පවුම් තිස් හයක් බර රන් භාණ්ඩ මෙසේ කොල්ල කා ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

කොල්ලය සිදු කිරීමට පැමිණි බව කියන පුද්ගලයෙකු මේ වන විටත් හඳුනාගෙන ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.

මෙම රන් භාණ්ඩ කොල්ලය සිදු කිරීමට පැමිණි කොල්ල කරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.