(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
වව්නියාව ප්‍රදේශයේ දී අඹුසැමි යුවළක් කපා කොටා ඝාතනය කර තවත් අට දෙනකුට බරපතළ තුවාල සිදු කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් හය දෙන පැය 48ක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබා දුන්නේය.
අඩංගුවට ගත් මෙම සැක කරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි කරගත් හෙළි කර ගත් තොරතුරු මත මෙම සාහසික අපරාධය සිදු කිරීමට යොදා ගත් බවට සැලකෙන ආයුධ රැසක් ප්‍රදේශයේ වැවක දමා තිබියදී රහස් පොලීසියේ මිනීමැරුම් විමර්ශන අංශයේ විශේෂ කණ්ඩායමක් ඊයේ(1) හොයාගෙන තිබේ.
කඩු පහක්, කෙටේරියක් සහ යකඩ බට තුනක් මෙසේ වැවේ ගිල්වා සඟවා තිබියදී සොයා ගන්නා ලදැයි රහස් පොලිස් ආරංචි මාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd