( ෂේන් සෙනෙවිරත්න )
ඉන්දියානු ජාතිකයෙකු ලෙස පෙනී සිටිමින් රවටා කෝටි ගණනින් මුදල් වංචා කරමින් සිටි අයෙකු මහනුවර මූලස්ථාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .
මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයකට පැමිණ දින දෙකක් නැවතී සිට එහි බිල් නොගෙවා පළා යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව මහනුවර මුලස්ථාන පොලීසියේ සංචාරක පොලීසිය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී ඔහු ශ්‍රී ලාංකිකයෙකු බව හෙළි වීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා මහනුවර මූලස්ථාන පොලීසියට භාරදීමෙන් පසු සිදුකරන ලද පොලිස් විමර්ශනවලදී සැකකරු රට වටා සිදු කරන ලද මහා පරිමාණ වංචාවන් පිළිබඳ තොරතුරු එකිනෙඑක දිග හැරී තිබේ .
සැකකරු එසේ ඉන්දියානු ජාතිකයකු ලෙස පෙනී සිටිමින් සුවිස්ටර්ලන්තය, ඇමරිකාව, එංගලන්තය ආදී රටවලට යාමට වීසා සකස් කර දෙන බව පවසමින් රුපියල් කෝටි ගණනින් වංචා කොට ඇති බව හෙළිව තිබේ . ඔහු ඉංග්‍රීසි සහ ද්‍රවිඩ භාෂාව චතුර ලෙස හසුරුවන බව ද පොලීසිය කියයි .
මහනුවර කටුගස්තොට ප්‍රධාන පෙළේ පිරිමි පාසලක අධ්‍යාපනය හදාරා ඇති සැකකරු පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවද අනාවරණය වී තිබේ .
මෙම සැකකරුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිලි 30 ක් පමණ ඇති බවත් ගල්කිස්ස පොලිස් වසමේ වරෙන්තු 22 ක් පමණ ඇති බවත් පොලිස් විමර්ශනවලදී හෙළිව ඇති අතර සැකකරු පිළිබඳ පූර්ණ වාර්තාවක් කැඳවීම සඳහා දිවයින පුරා පොලිස් ස්ථානවලට සැකකරුගේ අනන්‍යතා විස්තර ලබා දී තිබේ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ඉන්දියානු ජාතිකයකු ලෙස හිඳ කෝටි ගණන් වංචා කරලා
chandima Tuesday, 01 August 2023 09:22 PM
පව්, ශ්‍රී ලාංකිකයෙක් ඉන්දියන් කාරයෙක් වගේ උන්නු නිසා හිරේ ඉන්න වුණා. ඉන්දියන් කාරයෙක් ශ්‍රී ලාංකිකයෙක් වගේ ඉඳන් ඔය වැඩේ කළා නම් ලොක්කා එක කෝල් එකෙන් ගෙදර යවනවා. ජාත්‍යන්තර සම්බන්ධතාවය දන්නේ නැතිද?