(සුජිත් හේවාජුලිගේ )
ජාතික ගීය විකෘති කර ගායනා කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද විශේෂ විමර්ශනයක් අරඹා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ඒ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිහිපයක් දැනටමත් ලැබී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ලංකාදීපයට පැවැසීය.
සිද්ධිය සම්බන්ධයෙන් පවතින නීතිය යටතේ කටයුතු කළ යුතු ආකාරය ගැන එම නිලධාරීන් විශේෂයෙන් අධ්‍යයනය කරනු ඇතැයි පැවසූ අමාත්‍යවරයා එම කාරණය පිළිබඳව
තමා අද (2) පොලිස්පතිවරයා සමග සාකච්ඡා කරන බවද සඳහන් කළේය.
මේ අතර ජාතික ගීය විකෘති කර ගායනා කිරීම සම්බන්ධයෙන් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන් රංජිත් අශෝක මහතාද පෙරේදා(31) විමර්ශනයක් ආරම්භ කළේය.
එම විමර්ශනයේ වාර්තාව අගමැතිවරයාට නුදුරේදීම බාරදීමට නියමිතය.
ගායන ශිල්පිනී ශිල්පිනී උමාරා සිංහවංශ මහත්මිය ජාතික ගීය මෙසේ විකෘති කර ගායනා කර තිබුණේ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භක උත්සවයේදීය.
මේ අතර ජාතික ගීය විකෘති කර ගායනා කිරීම හෝ වෙනස් කිරීම නීතියට පටහැනි ක්‍රියාවක් බවත් එසේ කරන්නන්ට එරෙහිව පවතින නීතිය යටතේ කටයුතු කළ හැකි බවත් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාම හැර බඳිනවා. අන්තිමට නිකම්ම චොර වෙලා යයි වගේ. ඊළඟ පාර ඔවුන් ජාතික ගීය කිය කියා පපරෙ නටයි.
රට බංකොළොත් කරපු පොහොට්ටු දේශපාලුවෝ මේ වගේ දේවල් වල එල්ලිලා තමයි ආපහු මිනිස්සුන්ගේ (බයියන්ගේ) වීරයෝ වෙන්න හදන්නේ. රටට ගොඩ බෑවෙත් නැති අසුචි නැවකට ඩොලර් මිලියන් 7ක් ගෙව්වා. සිනි බදු වංචාවෙන් රටට පාඩුව බිලියන 15කට වැඩියි. සුදුළූණු වංචාවත් එහෙමයි. කැබිනට්ටුවේ කෙනෙක් ඉන්නවා හොර පාස්පෝර්ට්, උප්පැන්න සහතික හදාගෙන.... රතු දත්ත පොතේ තිබෙන දුර්ලභ ගසක් විනාශ කිරීම සාපරාධී අපරාධයක්. මේවා ඔක්කෝම ඔය පොහොට්ටුවන්ගේ වැඩ නිසා ඒවා හොයන්න නම් CID එකට වුවමනාවක් නැති පාටයි...
ජාතික ගීතය කිසිඳු ලෙසකින් වෙනත් අරුතක් ඇතිවන ආකාරයට, හෝ අපහාස වන ආකාරයට හෝ ජාතික ගීතයේ වචන වෙනස් කිරීමක් හෝ කිසිසේත්ම සිදු නොවිය යුතුවේ. රාජ්‍ය උත්සවයකදී ජාතික ගීතය පුර්ණ වශයෙන් ගායනා කළද වෙනත් අවස්ථාවන්හිදී මුළු ගීතයම ගායනා කිරීම සිදු නොවේ. එසේ වුවත් ඕනෑම භාෂාවකින් එම ගීතයේ හරය/ තේරුම වෙනස් නොවන ආකාරයට ජාතික ගීතය ගායනා කිරීමට හැකියාවක් ඇත. ජාතික ගිය ගායනා කිරීමේදී ශබ්ද කිරීම උච්චාරණය සහ ගීතයේ තලය වෙනස්වන ආකාරයකට ගායනා කළේ නම් ඔවුන් ඒ පිළිබඳව කණගාටු වනවා ඇත. ජාතික ගීය නිසි ආකාරයට උච්චාරණය ගැයීමට පවා නොහැකි වීම පිළිබඳව කණගාටු විය යුතුවේ. ජාතික ගීතය නිසිලෙස ගායනා කිරීමට නොහැකි මෙවැනි පුද්ගලයින් සංගීත වැඩසටහන් වෙත ගෙන්වා විනිශ්චය මණ්ඩලයේ තබාගැනීම සහ ඔවුන්ගේ අදහස් විමසීම නිසා නවක ගයක ගායිකාවන්ට වන අසාධාරණයද සුළුපටු නොවේ
අපෝ මීට වැඩිය විකෘති දේවල් අල්ල පල්ලා...
නීති ප්‍රකාරව දඬුවම් කළ යුතුයි. නැත්නම් ඉදිරියේදී අනිටු ප්‍රතිඵල ඇතිවිය හැකියි...
ගීය හැඬීමක් බව තථාගත බුදුරදුන්ගේ දේශනාව ය. අඞගුත්තර නිකායේ තික නිපාතයෙහි සම්බෝධි වර්ගයෙහි රුණ්ණ සූත්‍රයෙහි තථාගත බුදු රදහු මෙසේ වදාළහ "රුණ්ණමිදං භික්ඛවෙ අරියස්ස විනයෙ යදිදං ගීතං. උම්මත්තකමිදං භික්ඛවෙ අරියස්ස විනයෙ යද්දිං නච්චං. කෝමාරකමිදං භික්ඛවෙ අරියස්ස විනයෙ යදිදං දන්තවිදංසකං අතිවේලං හසිතං. තස්මාතිහ භික්ඛවෙ සෙතුඝාතො ගීතෙ. සේතඝාතො නච්චෙ. අලං වො ධම්මපමොදිතානං සතං සිතං සිතමත්තායාති. "සිංහලාර්ථය නම් :- "මහණෙනි, ආර්ය විනයෙහි ගීය නම් හැඩීමකි. මහණෙනි, ආර්ය විනයෙහි නැටුම නම් උමතු ක්‍රියාවකි. මහණෙනි, ආර්ය විනයෙහි අත්‍යාර්ථයෙන් දත් විහිදා කරන සිනහව කුමරුන් (ළමයිගේ) කරන දෙයකි. මහණෙනි, එහෙයින් ගීතයෙහි හේතු නැසීම වේවා. නැටුමෙහි හේතු නැස්ම වේවා. කිසියම් කරුණකින් ප්‍රමුදිත වූ තොපට සිනහයෙක් වේනම් ඒ දත් අගමතු (පෙනෙන ලෙස ) දක්වා කරන සිනහ මාත්‍රයට ම කළ යුතුය." තථාගත බුදු රදුන්ගේ දේශනාව අනුව ආර්ය විනයට අනුව ගීය හැඩීමක් බැවින් ඔය කියන ගීයද හැඩීමක් නොවන්නේ ද? සම්බුදු රදුන් ගරු කළ, අතීත කිසිදු රාජ්‍ය පාලනයක රජවරුන් රාජ්‍ය වෙනුවෙන් ගී ගැයූ බවක් කිසිදු ඉතිහාස ගතක නැත. බුදු රදුන් දිවමන් කළ සිටි
සේනිය බිම්බිසාර රජු ආදී කිසිදු රජ කෙනෙකුන් රජය වෙනුවෙන් ගී කීම් පවත්වා නැත. ලංකා රාජ්‍යයේ සිංහල රාජ වංශය ආරම්භක රජු වන විජය රජු පටන් ලංකා රාජ්‍ය පාලනයෙහි 1815 .මාර්තු 02 දින දක්වා රාජ්‍ය වෙනුවෙන් ගී ගැයු බවක් කිසිදු වංශ කථාවක නැත. එහෙම ගී තිබුණානම් ශේෂමාත්‍රක් හෝ දැනගැනීමට වංශකතා ඉඩ සලසනවා ඇත. එවැනි ශේෂමාත්‍රයකුදු නැත්තේ එසේ නැති බැවිනි. දේවානම්පිය තිස්ස මහ නිරිඳුන් විසින් ලංකාද්වීපයේ සම්බුදු දහම ව්‍යාප්ත කරන ලද්දේ ගී ගයමින් නොව බුදු ගුණ වනමින් ය. දුටු ගැමුණු මහ නිරිඳුන් රුවන්වැලි මහ සෑය ගොඩ නැගන ලද්දේ ගී කියමින් නොව බුදු ගුණ වනමින් ය. ලක් පොළොවේ සියලු බොද්ධ රජවරු, ගී නො කියා බුදු ගුණ සිහි කර කර, බුදු ගුණ කිය කියා, බුදු ගුණ වන වනා රටපාලනය කළහ. වැසියන්ට ද ඒ මඟ ගමන් කිරීමට රාජ්‍ය අනුග්‍රය දැක්වූහ. ඒ සිංහල රාජාවලිය අතරින් විශේෂයෙන් දෙවන පරාක්‍රමබාහු මහ රජුගේ සහ හයවන පරාක්‍රම මහ රජුගේ ධර්මපාණ්ඩිත්‍ය සහ කරන ලද ශාසන දියුණුව අධ්‍යනය කිරීම වුව ද මෙයට ප්‍රමාණ්වත් වනවා ඇත. මව්වරු ළමයින් නැළවීමට ද ගී කියත්. ඒ දරුනැළවිලි ගී ය. ඒ මදිවට දරුවන්ට නැළවීමට බෝනික්කන් ද සපයා දෙත්. ලමයි ටික ටික
ලොකු මහත් උනාම ඒ ළමයින්ට මව්වරු දරු නැළවිලි ගී නො කියත්. බෝනික්කන් සපයා නො දෙත්. ඒ ලොකු මහත් වූ ළමයි ද දරු නැළවිලි ගී නො අසත්. බෝනික්කන් ද කෙළීමට නො ගනිත්. නො රටුන් භාරයේ අප සිටි කල අප ඔවුන්ගේ (නො රටුන් සිතන ආකාරයට) දරුවන් වැනි ය. නොරටුන් විසින් ඔවුන් භාරයේ සිටි දරුවන් නළවා ගැනීමට නැළවිලි ගී මෙන් ම විවිධ බෝනික්කන් සපයා දුනි. නො රටුන්ගෙන් මිදුණු පසුවත් නැළවිලි ගී කියමින් බෝකික්කන් සමඟ කෙළිළොල් වීම හරි පුදුම යි! මේ සියලු ගී වලින් වන්නේ මනුෂ්‍ය වර්ගයා අතර ඔවුනොවුන් බෙදා වෙන් කිරීම ය. මෝහයෙන් මුලා කිරීම ය. බුදු ගුණ සිහිකිරීම ත් බුදු ගුණ වැනීම ත් දැන් අමතකය. සතර සතිපට්ඨාන සිතවලින් ඈත ය. මරණ මඤ්චකයේ ගීත මතක් වුණොත් වන්නේ කුමක් ද? බුදු ගුණ සිහි වුවො ත් සතර සතිපට්ඨාන අනුව සිත පිහිටවුවො ත් නියත ලෙස ම දුගතියට නොයත්. සුගති ගාමී වීම නියත ය. මේ සියලු විපර්යාසවලින් වන්නේ බෞද්ධ කුලය බුදු ගුණ වැඩීමෙන් සහ සතර සතිපට්ඨාන අනුඅව සිත යෙදවීමෙන් ඈත් කිරීම බව නම් පැහැදිළි නො වන්නේ ද?
රටක ජාතික ගීය කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ආරක්ෂා කිරීමට පියවර ගෙන තිබෙන දෙයක්. එය රැප් කිරීමට වචන හෝ තනුව වෙනස් කිරීමට නොහැකි දෙයක්. මේවා හෝ නොදැන තමයි මොවුන් සංගීත තරඟ සඳහා විනිශ්චය කිරීමට යන්නේ. අඩුම තරමින් ජාතික ගීය ගැන නොදැන සිටියත් තවත් කෙනෙකුගේ නිර්මාණයක් වෙනස් කිරීමට හෝ රටේ බුද්ධිමය දේපළ පනත යටතේ නොහැකි බව මොවුන් නොදන්නා හැටි... මේ රටේ බුද්ධිමය දේපළ පනත හරිහැටි ක්‍රියාත්මක නොවන නිසා අනුන්ගේ නිර්මාණ හිතු මනාපෙට වෙනස් කළ අය අවසානයේ රටේ ජාතික ගීය වෙනස් ආකාරයකට ගායනා කළා. මාතා (මව) යන්න මහතා (මහත්තයා) යනුවෙන් ගායනා කළා. අපූරුයි..