(යොහාන් භාසුර)
පෙට්‍රල් ලීටරයක මිල ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 20 කින් ඉහළ ගිය ද ත්‍රීරෝද රථ ගාස්තු ඉහළ නොදමන බව ත්‍රීරෝද රථ වෘත්තිය සංගම් පවසයි.
පෙට්‍රල් මිල මාසයකට වතාක් ඉහළ පහළ දැමීමට ප්‍රතිචාර දැක්විය හැකි ත්‍රීරෝද රථ ගාස්තු නියාමනයක් අවශ්‍ය බවත් එවැනි නියාමනයක් හදුන්වාදීම බලධාරීන්ගේ වගකීම බවත් ත්‍රීරෝද රථ වෘත්තිය සංගම් කියයි.
ගාස්තු ඉහළ යන සෑම අවස්ථාවකදීම ගාස්තු ඉහළ දැමීමට කටයුතු කළ හොත් ජනතාව ත්‍රීරෝද සේවයෙන් තව දුරටත් ඈත්වනු ඇති බව ද ත්‍රීරෝද රථ වෘත්තිය සංගම් නියෝජිතයෝ පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර වැඩිකළ ගාන තාම අඩුකර නෑ. අපි ඉඹුල්ගොඩ, ගම්පහ කිට්ටුව...
තුන් රිය ගාස්තු ඉහළ දමන්න පෙර ගාස්තු අඩු කිරිමක් කරන්න ඕනෑනේ... පසුගිය දවසක කිලෝ මීටර 3ට මගෙන් රු 450ක් ගත්තා අසල්වාසියෙක්...
ඔය අපිට ආදරේට නොවෙයි, ගාස්තු වැඩිකළොත් මිනිස්සු කුටු කුටුවේ යන්නැති නිසා...