සන්නද්ධ පිරිසක් ඕ.අයි.සී.ගේ බිරියට පහරදී නිවෙස කොල්ලයි
කළුතර උතුර විවිධ පැමිණිලි අංශ ස්ථානාධිපතිවරයා පදිංචි වැලිපැන්න , බොන්දුපිටිය, කුරුන්ද පාරේ නිවසට අද දහවල් යතුරුපැදි වලින් කඩාවැදුණ සන්නද්ධ පිරිසක් නිවසේ තිබූ ජංගම දුරකථන 2 ක් , රන් ආභරණ කොල්ලකා පලාගොස් ඇතැයි වැලිපැන්න පොලිසිය පවසයි .