සංචාරක කර්මාන්තය නංවන යෝජනා 25කට කැබිනට් අනුමැතිය ආර්ථික පුනර්ජීවනය වෙනුවෙන් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා පත් කෙරුණු අමාත්‍ය අනුකමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය. 13 June 2023
රටබීම හලේ සල්ලි බැංකුවට රැගෙන යද්දී කොල්ල කාලා බැංකු ගත කිරීම සඳහා මත්පැන් අලෙවි සලක කළමනාකරුවකු බෑග් එකක් තුළ දමාගෙන රැගෙන යමින් තිබූ රුපියල් 230,000මුදලක් කුරුණෑගල සූරතිස්ස මාවතේ දී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් තිදෙනකු පැහැරගෙන පලාගොස් ඇතැයි කුරුණෑගල මූලස්ථාන පොලිසිය පවසයි. 13 June 2023
නෑබඩ මහා විදුහලේ AC තුනම උස්සලා නෑබඩ මහා විදුහලේ පරිගණක විද්‍යාගාරයේ සවිකර තිබූ වායු සමීකරණ යන්ත්‍ර තුන පෙරේදා (11) ඉරිදා රාත්‍රී හොරු විසින් ගලවාගෙන ගොස් ඇතැයි තෙබුවන පොලිසිය පවසයි. 13 June 2023
පානදුරෙන් ව්‍යාජ කච්චේරියක් අල්ලයි ව්‍යාජ ලෙස පවත්වාගෙන හොර කච්චේරියක් අද අළුයම වටලා හිටපු නගර සභා ලිපිකරුවකු අද අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි . 13 June 2023
ගෘහස්ථ ප්රචණ්ඩ ක්‍රියා වැලැක්වීමේ පනත සංශෝධනයට ගෘහස්ථ ප්රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 13 June 2023
මැතිවරණ පනතට කැබිනට් අනුමැතිය මැතිවරණ (විශේෂ විධිවිධන) පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 13 June 2023
මාතර වෙඩි තැබීමක් වලස්ගල දෙමටපිටිය කුමාරතුංග මාවතේ දී සිදු කළ වෙඩි තැබීමකින් තිදරු පියකු බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි දික්වැල්ල පොලිසිය පවසයි. 13 June 2023
මූල්‍ය සමාගමේ හිමිකරු පැහැර ගත් භික්ෂුවක් මාට්ටු දෙමටගොඩ දොස්තර ඩැනිස්ටර් ද සිල්වා මාවතේ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යන අයකු කැබ් රථයකින් බලහත්කාරයෙන් පැහැරගෙන ගියේ ඇයි කියන භික්ෂූන් වහන්සේ නමක් සැකපිට පෙරේදා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 13 June 2023
වැරදි ලෙස කුකුළු මස් ප්‍රවාහන කළාට දඩ ගසයි නියමිත උෂ්ණත්වය නොමැතිව කුකුළු මස් ප්‍රවාහනය කළ දිවයිනේ ප්‍රධාන පෙලේ කුකුළු මස් නිශ්පාදන හා බෙදා හැරිමේ සමාගමක බෙදාහැරිමේ නියෝජීතවරයකුට රුපියල් තුන්දහසක දඩ මුදලක් නියම කළ ආණමඩුව මහෙස්ත්‍රාත් නිරෝෂා එම් පටබැදිගේ මහත්විම අදාල මස් තොගය විනාශ කිරීමට එය අත් අඩංගුවට ගත් ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ නිළධාරින්ට නියෝග කළාය . 13 June 2023
බස්නාහිරට, සබරගමුවට තරමක තද වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 13 June 2023
බොරලැස්ගමුවේ නිවෙසකින් කෝටි ගණනක් කොල්ල කාලා බොරලැස්ගමුව, කටුවාවල මාවත , නිවසකට ඇතුළු වී මෙහෙකාරියට උල්පිහි පෙන්වා මරණීය තර්ජන එල්ල කර නිවසේ තිබූ රුපියල් එක්කෝටි හත්ලක්ෂ හත්දාස් අටසියයක් වටිනා දේපල කොල්ලකා පලාගොස් ඇතැයි බොරලැස්ගමුව පොලීසිය පැවසීය. 13 June 2023
නින්දෙදි ඔළුවට පිහියෙන් ඇණ මරා දමලා අක්මිමණ කපුහෙම්පල ප්‍රදේශයේ නිවසක නිදා සිටි පුද්ගලයකුගේ අද අලුයම හිසට පිහියෙන් ඇන මරා දමා ඇතැයි අක්මිමණ පොලිසිය පවසයි. 13 June 2023
ඌරුබොක්ක කොල්ලයේ මෝටර් රථය හමුවේ ඌරුබොක්ක හුලංකන්ද හීගොඩදී ව්‍යාපාරිකයකුගේ නිවසින් මුදල් රුපියල් කෝටිකට අධික මුදල් හා රන් ආභරණ ද ජංගම දුර කතන තුනක්ද ඇතුලු දේපල කොල්ලකැමට යොදා ගත් මෝටර් රථය අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 13 June 2023
වැලිසර ආර්ථිකය හදන්න දුන් කෝටි 4ක් අතුරුදහන් වැලිසර ආර්ථික මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා ව්‍යාපාරික ප්‍රජාවගෙන් එකතු කළ රුපියල් ලක්ෂ 450 මුදල අමාත්‍යාංශයේ තිබී අතුරුදන් වී ඇති බවත් ඒ පිළිබඳව පාර්ලිමේන්තු කෝප් කමිටුව දැනුම්වත් කළද මෙතෙක් කිසිම අවධානයක් යොමු නොකිරීම බරපතළ ප්‍රශ්නයක් බවත් ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ ප්‍රධාන ලේකම් රොෂාන් කුරේ මහතා පැවැසීය. 12 June 2023
මාධ්‍ය මට්ටුකරන්න ඉඩ දෙන්නේ නෑ මාධ්‍ය මර්දනය සඳහා රජය මගින් ගෙන ඒමට සැලසුම් කර ඇති පනත පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීමට කිසිසේත් ඉඩ ලබානොදන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 12 June 2023
ජූඩ් සමන්තට සමාව දෙන්නැයි හිමිවරු-රදගුරු ජනපති අයැදලා රෝයල් පාර්ක් හි තරුණියක මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී, මරණ දඬුවම නියමව සිටි ජූඩ් ශ්‍රාමන්ත නමැත්තාට ජනාධිපති සමාව ප්රදානය කරන ලෙස අතුරලියේ රතන හිමි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බද්දේගගම සමිත හිමි සහ සරත් කොස්ගහගේ මහතා ඇතුළු පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසී අයැද සිටි බව ජනාධිපති සහකාර ලේකම්වරයකු ඉදිරිපත් කළ ලිපියක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අනාවරණය විය. 12 June 2023
සිල්වියෝ බර්ලුස්කෝනි සමුගනී ඉතාලියේ හිටපු අග්රාමිත්යවරයෙක් වූ සිල්වියෝ බර්ලුස්කෝනි අද(12) දා මිලානෝ සන් රෆේල් රෝහලේ දී මියගියේය. 12 June 2023
ඉතාලි පොසොන් දන්සලින් පොසොන් පුර පසළොස්වක පොහොය දින නිමිති කරමින් මිලානෝ රෝ නගරයේ පිහිටි MAK restaurant අධිපතිනියන් වන මිනෝලි ප්‍රනාන්දු හා අප්සරා හේරත් මහත්මියගේ පුද්ගලික මුදලින් හා එම කාර්ය මණ්ඩලය සහයෝගයෙන් ප්‍රථම වරට බුරියානී දන් සැලක් පැවැත්විණි. 12 June 2023
රජරට වකුගඩු රෝහලට අසාධ්‍යයයි පොලොන්නරුව ජාතික වකුගඩු රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ට ප්‍රමාණවත් තරම් ඖෂධ නොමැතිකමින් තමන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇතැයි වකුගඩු රෝගීහු පවසති. 12 June 2023
ආසියාවේ විශිෂ්ඨ විද්‍යාඥයන් 100 අතරට අපේ සිවු දෙනෙක් ලොව සුප්‍රකට ‘ඒෂියන් සයන්ටිස්’ සඟරාව, මෙම 2023 වසරේ විශිෂ්ඨතම ආසියානු විද්‍යාඥයන් 100 දෙනා නම් කර ඇති අතර, ඊට ශ්‍රී ලාංකිකයන් සිවු දෙනකු ඇතුළත්ය. 12 June 2023
වලවේ ගඟේ කිඹුලා විශ්‍රාමික ගුරුමව ඩැහැ ගනී අම්බලන්තොට පුහුල්යාය ප්‍රදේශයේදී වලව ගඟේ දිය නාද්දී කිඹුලකු විශ්‍රාමික ගුරුවරියක ඩැහැගෙන ගොස් ඇතැයි අම්බලන්තොට පොලීසිය කියයි. 12 June 2023
කළුතර ලාදුරු රෝගීන් වැඩි වීමක් කළුතර දිස්ත්‍රික්කයේ ලාදුරු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි කළුතර ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරියෙක් පැවැසීය. 12 June 2023
ටොනාඩෝවකින් බෝට්ටු කර්මාන්ත ශාලාවට හානි හදිසියේ පැමිණි තද සුලං සහිත ටොනේඩෝවකට අසුව කළුතර නාගොඩ නාගොඩ කර්මාන්ත පුරයේ පිහිටි බෝට්ටු කර්මාන්ත ශාලාවකට දැඩි හානි සිදුව අවට නිවාස හතරකටත් සුළු හානි සිදුව ඇතැයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියයි, 12 June 2023
අමරකීර්ති ඝාතනය විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පාර්ලිමෙන්තු මන්ත්‍රී අමරකීර්තී අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනය කළ බවට විත්තිකරුවන් 42 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසුරියය මහතා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලදී. 12 June 2023
මාරු ලද ගුරුවරුන්ගෙන් මැසිවිලි විධිමත් ස්ථානමාරු ලබා සිටින ගුරුවරුන් අනිවාර්යෙන්ම නව සේවා ස්ථානවලට වාර්තා කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය නියෝග කර තිබියදී කොළඹ ජනප්‍රිය පාසල්වල ගුරුවරුන් වැඩි පිරිසක් එම නියෝගය කඩකර ඇතැයි වාර්තා වේ. 12 June 2023
හමුදාවේ මඩකලපුවේ තිබූ ඉඩම් බාරදෙයි මඩකලපුවල චිට්ටන්ඩි ප්‍රදේශයේ යුද හමුදා භට පිරිස් මෙහෙයුම් අවශ්‍යතා සඳහා මෙතෙක් භාවිතා කළ අක්කර 8.6 ක ඉඩම නිදහස් කර නැවත රජයට බාර දුන් බව යුද හමුදාව පවසයි. 12 June 2023
කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 20 ක ජල කප්පාදුවක් හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (13) දිනයේ පැය 20 ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය නිවේදනය කරයි. 12 June 2023
මීගොඩ වෙඩි තැබීමේ සිද්ධිය සැකකරුවන් රඳවා ගන්න අවසර බත්තරමුල්ල සමූපාකාර රක්ෂණ සමාගමේ හිටපු උපසභාපතිවරයාට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධියට අදාලව මීගොඩ පොලිසිය අත්අඩංගුවට ගත් එම රක්ෂණ සමාගමේ මාතර ශාඛාවේ සභපතිවරයා ඇතුළු සැකකරුවන් සිව් දෙනකු පැය 48ක රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට හෝමාගම මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනෙවිය අද අවසර දුන්නාය. 12 June 2023
පුරාවිද්‍යා අධ්යක්ෂ ඉල්ලා අස්වෙයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා එම තනතුරින් ඉල්ලා අස්විය. 12 June 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026