(නිමන්ති රණසිංහ)
කොළඹ රොස්මිඩ් පෙදෙසේ නිවසක මිදුලේ නවතා තිබූ පාපැදියක් සොරකම් කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් තරුණයකුට බරපතල වැඩ සහිත වසරක සිරදඬුවමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (31) නියම කළේය.
මෙලෙස බරපතල වැඩ සහිත වසරක සිරදඩුවමක් නියම වූයේ නො. 52, අලිස්වත්ත, කඩුවෙල පදිංචි හෙට්ටිආරච්චිලාගේ සමන් කුමාර නමැත්තාටය.
රුපියල් 7500ක් වටිනා පාපැදියක් සොරකම් කිරීම, සොරබඩු ළඟ තබා ගැනීම යන චෝදනාවන් දෙක සම්බන්ධයෙන් මෙම චුදිතට එරෙහිව අධිකරණය හමුවේ නඩු ගොනු කරනු ලැබ තිබුණේ කුරුඳුවත්ත පොලිසිය විසිනි.
කොළඹ 07, රොස්මිඩ් පෙදෙසේ පදිංචි යූ. කේ. දිනේෂ් ධර්මදාස යන අයට අයත් රුපියල් 7500/ක් වටිනා යතුරුපැදියක් ඉකුත් 2022 මාර්තු මස 12 වැනිදා ඔහුගේ නිවසේ මිදුලේ නවතා තිබියදී සොරා ගත් බවට කරන ලද පැමිණීල්ලකට අදාළව කුරුදුවත්ත පොලීසිය විමර්ශනයක් සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාපැදිය හොරකම් කළාම වසරක් හිරේ... මහ බැංකුව සුද්ද කළාට අත්අඩංගුවටවත් ගන්නේ නැහැ.