
(යොහාන් භාසුර)
ඉන්ධන වර්ග 3 ක මිල අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය.
ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 20 කින්, ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 10 කින් සහ ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 12 කින් ඉහළ දැමූ බවත් ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 2 කින් සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 10 කින් අඩු කළ බවත් ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.
එම මිල සංශෝධනයත් සමඟ ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක නව මිල රුපියල් 348 ක්, ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක නව මිල රුපියල් 375 ක් සහ ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 358 ක් බවත් ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 306 ක් සහ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 226 ක් බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව වැඩි දුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩු කළ එකේ මහා බොරුව මේ තමා. දැන් කොම්පැනි කාරයෝ වැඩ පටන්ගන්න ලෑස්තිනේ... ඔවුන්ට සප් එකක් දෙන ක්‍රමය තමා මේ...
කොළඹ පා.ම කෙනෙකුට අපේ බදුසල්ලි වලින් රුපියල් ලක්ෂයක විතර පෙට්‍රල් නොමිලේ දෙනවා. කරපු සේවයක් නෑ. කරන සේවයක් නෑ. ආයි කරන්නෙත් නෑ.
දවස ගානේ බඩුමිල වැඩිවෙනවා... විරැකියාව වැඩිවෙනවා... මිනිස්සුන්ට තුන් වේලෙන් එක වේලක්වත් කාලා ජීවත්වෙන්න බැරි තත්වයක් උදාකරලා. රෝහල්වල එක්කෝ ඖෂධ හිඟයි. එහෙම නැත්නම් ප්‍රමිතියෙන් තොර බාල හා අහිතකර ඖෂධ ගෙනැල්ලා රෝගින්ව මරා ගන්නවා. අද පාසැල් අධ්‍යාපනය කඩාවැටිලා, දරුවන් පාසල් ඒම අඩුවෙලා ගුරුවරුන්, විශ්වවිද්‍යාල ආචාර්‍ය්වරුන්, වෛද්‍යවරුන්, කළමණාකරුවන්, ඉංජිනේරුවරුන් වැනි වෘත්තිකයින් රටහැර යෑමෙන් රටේ පරිපාලනය ඇතුළු සියලු ක්ෂේත්‍ර කඩා වැටි ඇති නමුත් පාලකයින් අන්ධයින් බිහිරන් ගොලුවන් සේ කාලය ගතකරමින් සියලු සුරසැප භුක්තිවිඳිමින්, රට සවාරි ගසමින් රට තවතවත් වල පල්ලට ඇද දමන්නට, විනාශ කරන්නට කුමන්ත්‍රණය කරනවා.
පර හැතිකරේ... අපේ රීරි මාංශය උරා බීපියව්... වරෙව්කෝ ඡන්දෙ ඉල්ලගෙන යූඑන්පී..., පොහොට්ටුකාරයින්...