(නිමන්ති රණසිංහ)
තම පුතණුවන්ගේ වම් වකුගඩුව ඉවත් කිරීමේ ශල්‍ය කර්මයෙන් දකුණු වකුගඩුවද අත් වැරදීමකින් ඉවත් වී ඇති බවට වෛද්‍යවරුන් තමන්ට දැනුම් දුන් බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී සිදුකළ වකුගඩු සැත්කමකදී මියගිය තුන් හැවිරිදි දරුවාගේ මව සිය ප්‍රකාශයෙන් සඳහන් කර ඇතැයි බොරැල්ල පොලීසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ අද (31) කරුණු වාර්තා කර ඇත.
තුන් හැවිරිදි තම පුත්‍රයාගේ වම් වකුගඩුව ඉවත් කිරීමේ සැත්කමක් විශේෂඥ වෛද්‍ය නවින් විජේකෝන් මහතා විසින් ඉකුත් 2022 වසරේ දෙසැම්බර් මස 24 වැනිදා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී සිදුකළ බවත්, එහිදී මෙම සිද්ධිය සිදුවූ බවට එම රෝහලේ වෛද්‍යවරුන් තමා සහ තම සැමියා ගෙන්වා දැනුම් දුන් බවත් මියගිය දරුවාගේ මව වන ශ්‍රී ඥානානන්ද මාවත, කොටහේන, කොළඹ 13 පදිංචි පාතිමා රිසානා අබ්දුල් කාදර් (41) යන අය ප්‍රකාශ කර ඇතැයි පොලීසිය අධිකරණයට දැනුම් දී ඇත.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ එම් අයි සී යූ ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 27 වැනිදා මියගිය මොහොමඩ් පස්ලිම් හම්බි පස්ලිම් නමැති තුන් හැවිරිදි දරුවා මෙලෙස මියගොස් තිබු බව බොරැල්ල පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.
තම පුත්‍රයා ඉකුත් 2020 වසරේ අප්‍රේල් මස 11 වැනිදා කාසල් කාන්තා රෝහලේදී උපත ලද අතර උපතේදී නීරෝගීමත් බර කිලෝ ග්‍රෑම් 3යි ග්‍රෑම් 550ක දරුවකු බවත්, මාස හයක් පමණ වන විට ඔහුගේ උදරයේ ගෙඩියක් වැනි දෙයක් දක්නට ලැබුණු බැවින් පෞද්ගලික රෝහලකට ගොස් වෛද්‍ය පරික්ෂණයක් සිදුකර ගත් බවත් දරුවාගේ මව සිය ප්‍රකාශයෙන් දක්වා ඇතැයි පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තර මුස්ලිම් ජාතිකයෙක් වෙලා මියගිය දරුවා සිංහල වුණා නම් අද ලංකාවේ තත්වය කොහොම තියේවිද? ඔපරේෂන් එක කරන්න කලින් ස්කෑන් පරීක්ෂාවක් කළේ නැතිද? එහෙමත් නැතිනම් එක්ස්රේ එකක්වත්? එතකොට ඒවාගෙන් පෙන්වනවා වකුගඩුවල පිහිටීම. මම හිතන්නේ චැනල් කරන්න යන්න හදිස්සියට අතට අහුවුන කෑල්ල කපලාදාලා දොස්තර යන්න ඇති. හැබැයි මේ දරුවාගේ පියා මම නම් ඔය දොස්තරයාව පන පිටින් හැමගහනවා ,කාලකන්නි අමනයාව.මිනිමරුවාව.
දොස්තරගේ නම ලියලා තියාගන්න. ඔබත් තවදුරටත් ජීවත්වෙන්න කැමැති නම් මේ ගහලයාට ඔබේ සිරුර කපන්න දෙන්න එපා...!!!
එන්න එන්නම ලංකාවේ වෛද්‍ය සේවය පිරිහිලා ගිහින්... මෙවැනි ජිවිත සමග සෙල්ලම් කරන වෛද්‍යවරුන්ට, රෝහල් සේවකයින්ට සහ ඔවුන්ගේ පවුලේ උදවියට දෙවියන්ගේ ශාපය අත්වේවා...!
මේක අනවශ්‍ය ප්‍රචාරයක් නොවේද? අවසාන ප්‍රතිඵලය රටට ඉන්න ලමා ශල්‍ය වෛද්‍ය විශේෂඥයෙක් රට හැරයාම...