(අංජුල මහික වීරරත්න)
අස්වැසුම සමාජ සුභසාධන ප්‍රතිලාභ වැඩසටහන යටතේ කඩිනමින් ප්‍රතිලාභ ගෙවීමට අදාළව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන ලද වැඩ පිළිවෙල සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාවය ලබා දී තිබේ.
සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය විසින් අස්වැසුම වැඩසටහන සඳහා මූලික වටයේදී ප්‍රතිලාභීන් 1792265 ක් තෝරාගෙන ඇති අතර ඒ අතුරින් අභියාචනා හෝ විරෝධතා ලැබී නොමැති ප්‍රතිලාභීන් 1588835 ක් සඳහා ගෙවීම් කිරීම ඇතුළු යෝජනා හයක් සඳහා මෙලෙස කැබිනට් අනුමැතිය ලැබී ඇත.
එලෙස කැබිනට් අනුමැතිය ලැබුණු යෝජනා මෙසේය.
ප්‍රතිලාභීන් වශයෙන් තෝරාගෙන ඇති එහෙත් ඉහළ කාණ්ඩයකට ඇතුළත් වීම සඳහා අභියාචනා ඉදිරිපත් කර ඇති ප්‍රතිලාභීන් 84374 දෙනකුට ඔවුන්ගේ අභියාචනා සමාලෝචනය කර අවසන් තීරණයක් ලබාදෙන ලෙස තෙක් ඔවුන් දැනට තේරී ඇති කාණ්ඩ යටතේ හිමි ප්‍රතිලාභ ගෙවීම, තෝරාගනු ලැබ ඇති ප්‍රතිලාභීන් අතුරින් 119056 දෙනකුට එරෙහිව විරෝධතා ඉදිරිපත් වී ඇති අතර එම විරෝධතා සම්බන්ධයෙන් පවත්වනු ලබන සමාලෝචන ක්‍රියාවලිය අවසන් වන තෙක් ඔවුන්ට හිමි ප්‍රතිලාභ ගෙවීම,
වැඩසටහන යටතේ ප්‍රතිලාභ සඳහා අයදුම් කර ඇති එහෙත් තෝරාගෙන නොමැති දැනට සමෘද්ධි ප්‍රතිලාභ භුක්ති විඳින 393097 දෙනකුට අස්වැසුම වැඩසටහන යටතේ අභියාචනා සහ විරෝධතා සමාලෝචන ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අවසන් වන තෙක් ඔවුන්ට සමුර්ධි වැඩසටහන යටතේ ප්‍රතිලාභ ගෙවීම් කිරීම,
දැනට වකුගඩු රෝග ආධාර සහ ආබාධිත ආධාර ලබන ප්‍රතිලාභීන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ඉදිරියටත් ගෙවීම් සිදුකිරීම සහ වැඩිහිටි ආධාර තැපැල් කාර්යාල මගින් තවදුරටත් ලබාදීම,
රැකබලා ගන්නා නිවාස වල හෝ ආගමික සිද්ධස්ථාන වල සිටින වකුගඩු රෝගයෙන් පෙළෙන ආබාධිත හෝ වයෝවෘද්ධ පුද්ගලයන් 11660 දෙනකු සඳහා අදාල ප්‍රතිලාභ තවදුරටත් ගෙවීම එම යෝජනාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විදියට ගත්තාම සමෘද්ධියට වෙන නමක් දාපු එක විතරනේ වෙලා තියෙන්නේ... ඕක කරන්න පහුගිය ටිකේ දඟලපු දැඟලිල්ලට කෝටි කීයක් වියදම් කළාද?
ඔය කැබිනට් එක... ජනපති කියන ඕක එකකට අත උස්සනවා.