
(යොහාන් භාසුර)
විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හෙවත් ‘ඊ පාස්පෝට්’ නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කළ බව මහජන ආරක්‍ෂක අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ලක්‍ෂ 7 කට වැඩි සංඛ්‍යාවක් වර්ෂයකට නිකුත් කළ යුතු බවත් ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 15 ක් පමණ වැයවන බවත් එම නිලධාරියා කීය.
එම විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා යොදාගන්නා යන්ත්‍ර සඳහා ද ඩොලර් මිලියන ගණනක් වැය කිරීමට සිදුව ඇති බව කී එම නිලධාරියා අධික වියදම හේතුවෙන් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම දුෂ්කර වී ඇති බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ සල්ලිවලින් මැති ඇමැතිලාට රට සවාරියක් දෙන්න...
ඒ වගේ පටන් ගන්න ඕන පූර්ව සූදානම් ඇතිව. දැනට තියෙන පහසුකම් යටතේ කාර්යක්ෂම සේවයක් දෙමු. රට යන එකත් රැල්ලක් වෙලා . ඒකයි මේ කලබලය...
ජනතාව සල්ලි ගෙවලා නෙමෙයිද පාස්පෝට් ගන්නේ? පාලකයින් හරක් වුණාම ඔහොම තීන්දු ගන්නවා...
ඒ වුනාට කතාව නම් කෘත්‍රිම බුද්ධියෙන් සල්ලි හොයන හැටි ගැන. ඕක රෝල් කරලා... එක්කෝ ඕන නෑ.
රට ඉන්න නෑයෝ ඒජන්සි කාරයාට සල්ලි එවන ගමන් පාස්පෝට් කන්තෝරුවට දෙන්නත් ඩොලර් ටිකක් එව්වා නම් පාස්පෝට් ගන්න තිබුණා.